Chapter 4

1.8K 328 323
                                    

කල්පනාවෙ ගිලිලා හිටපු ජන්ග්කුක් එක්වරම ගැස්සිලා ගියේ කාමරේ දොරට කවුරුහරි තට්ටු කරපු හඬකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කල්පනාවෙ ගිලිලා හිටපු ජන්ග්කුක් එක්වරම ගැස්සිලා ගියේ කාමරේ දොරට කවුරුහරි තට්ටු කරපු හඬකින්.

ජන්ග්කුක්ගෙ පපුව බයෙන් ගැහුනත් එයා හිමීට දොර ළඟට ඇවිදගෙන ගිහින් වෙව්ලන අත් වලින් දොර ඇරියා.

"හේයි කුක්.. මොකෝ මේ බයවෙලා වගේ?" ජිමින් එහෙම අහගෙන ඇතුලට එද්දි සැනසුම් සුසුමක් පිටකරපු ජන්ග්කුක් දොර වහලා ජිමින් පිටිපස්සෙන් ඇවිත් එයාගෙ ඇඳ උඩින් ඉඳගත්තා.

"ඇයි අද ක්ලාස් එකකටවත් ආවෙ නැත්තෙ? මං බලන් ඉඳලා බැරිම තැන බලන්න ආවෙ."

"උම්.. ඊයෙ බීපු නිසාද කොහෙද උදේ නැගිටිද්දි ඔලුව කැරකෙනවා වගේ දැනුනා. ඇඟටත් අමාරු නිසා මං ආයෙත් නිදාගත්තා." ජන්ග්කුක් බොරුවක් නොවන බොරුවක් කිව්වම ජිමින් ඔලුව වැනුවා.

"ශිට් ඒකනේ.. ඔයාට පුරුදු නැති නිසයි මං ඒ වෙලේ උනත් ඔයාට බොන්න එපා කියලා කිව්වෙ. ඒකනෙවෙයි.. ඊයෙ මං ගියාට පස්සෙ මුකුත් උනේ නෑනෙ නේද.. සොරි.. මං ඇත්තටම සිහියෙන් හිටියා නම් ඔයාව දාලා එන්නෙ නෑ එහෙම."

"ඒකට කමක්නෑ චිම්.. අවුලක් උනේ නෑනෙ මට. ඔයා ගියපු ගමන් වගේ මාත් ආවා." ජන්ග්කුක් ජිමින්ගෙ ඇස් මඟ ඇරලා බිම බලන් කිව්වා.

"හ්ම්ම්.. ඒකනෙවෙයි, ඔයා කෑවද දවල්ට?"

"ම්හ් තාම නෑ.."

"උදේට.." ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වැනුවම ජිමින් ජන්ග්කුක්ට ළංවෙලා ජන්ග්කුක්ගේ නළලින් අත තිබ්බා.

"ලොකුවට රස්නියක් නම් නෑ.. ආයිශ්! අසනීපයි නම් මට කියන්න තිබුණනෙ. එහෙම උනානම් මං උදේ කෑම එකක් ගෙනත් දීලා යනවනේ."

"කරදර කරන්න හිතුනෙ නෑ මට.."

"යාහ්, මොන කරදරයක්ද.. දැන් ලෑස්ති වෙලා එන්න. Cafeteria එකට ගිහින් මොනාහරි කාලා එමු අපි." ජිමින් කිව්වත් ටේහ්‍යොන්ග්ව මතක් උනු සැනින් ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වැනුවා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now