Chapter 32

1.6K 316 128
                                    

ටේහ්‍යොන්ග් ජන්ග්කුක් එක්ක හොස්පිටල් එකට එද්දි treatments වලට එයාගෙ ඔම්මව අරගෙන තිබ්බ නිසා ඔම්මගෙ ප්‍රයිවට් නර්ස් එක්ක කතා කරලා එයාට ගෙදර යන්න කියපු ටේහ්‍යොන්ග් ඉස්සරහා තිබුණු පුටුවකින් ඉඳගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යොන්ග් ජන්ග්කුක් එක්ක හොස්පිටල් එකට එද්දි treatments වලට එයාගෙ ඔම්මව අරගෙන තිබ්බ නිසා ඔම්මගෙ ප්‍රයිවට් නර්ස් එක්ක කතා කරලා එයාට ගෙදර යන්න කියපු ටේහ්‍යොන්ග් ඉස්සරහා තිබුණු පුටුවකින් ඉඳගත්තා. ජන්ග්කුකුත් ටේහ්‍යොන්ග් ළගින් ඉඳගෙන ඒ අතක් එයාගෙ අත් අතරට අරගෙන තදින් මිරිකුවෙ මොනදෙයක් උනත් එයා ඉන්නවා කියලා ටේහ්‍යොන්ග්ට අඟවන්න. ජන්ග්කුක් ඉස්සරහා අඬන්න බැරිකමට ටේහ්‍යොන්ග් එයාව පාලනය කරගෙන හිටියත් ඇත්තටම ඒ වෙලාවෙ ඒ හිත ලොකු බයකින් වගේම වේදනාවකින් පිරිලයි තිබුණේ. ඉතින් නොදැනුවත්වම උනත් ජන්ග්කුක්ගෙ ඒ ස්පර්ශය ටේහ්‍යොන්ග්ගෙ හදවතට සැනසීමක් එක්කරා. ටේහ්‍යොන්ග් හිමීට ජන්ග්කුක්ගෙ උරහිස උඩින් ඔලුව තියාගත්තම ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ට පහසුවෙන විදිහට ඉඳගෙන හිටපු ඉරියව්ව වෙනස්කරලා එක අතකින් ටේහ්‍යොන්ග්ගේ ඔලුව අතගාන්න ගත්තා.

ටිකවෙලාවක් නිහඬවම ගෙවිලා යද්දි ටේහ්‍යොන්ග්ට දැනුනා එයා ළඟින්ම ඉඳගෙන ඉන්න ජන්ග්කුක් එයාගෙ වටේට අත් යවලා එයාව උණුසුම් කරගන්න උත්සාහ කරනවා.

"සීතලයිද?" ඇස් හරවලා ජන්ග්කුක් දිහා බලපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක් වෙව්ලනවා දැක්කම එහෙම ඇහුවා.

"හ්ම්ම් ටිකක්.." ඒ winter vacation එකේ අවසානය උනු නිසා සීතල කාලගුණ තත්ත්වය ඒ වෙද්දිත් සම්පූර්ණයෙන්ම පහව ගොසින් තිබුනේ නැහැ. අනික ඒ රාත්‍රි යාමයේ ආරම්භය උනු නිසා පරිසරය තව තවත් සීතල බවින් පිරෙමින් තිබුණා. ජන්ග්කුක්ගෙ ලා කහපාට ටීශර්ට් එකෙන් එයාට අවශ්‍ය තරම් උණුසුමක් ලැබෙන්නෙ නැති බව තේරුම් ගත්තු ටේහ්‍යොන්ග් එයා දාගෙන හිටපු ජැකට් එක ගලවලා ජන්ග්කුක්ගෙ උරහිස වටේට එතුවා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now