Chapter 36

1.5K 302 89
                                    


Happy pride month everyone 🌈️❤

Happy pride month everyone 🌈️❤

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ඒ සඳුදා.. අලුත් සතියක ආරම්භය. ඒ වෙද්දි ටේහ්‍යොන්ග් තීරණය කරලා තිබුණා එයාගෙ ජීවිතේ නැවතුනු තැනින් ආයෙමත් පටන් ගන්න. වෙනදට දේහ්‍යුන් වැඩට යන ගමන් ජන්ග්කුක්ව ඉස්කෝලෙන් දාගෙන ගියත් අද ටේහ්‍යොන්ග් ජන්ග්කුක් එක්ක බයික් එකේ යන්න තීරණය කරා. ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ ඒ තීරණේ ගැන අවිශ්වාසයෙන් හිටියත් ටේහ්‍යොන්ග්ට බෑ කියන්න ජන්ග්කුක්ට පුළුවන් උනේ නෑ. ඉතින් ඒ විදිහට එදා ටේහ්‍යොන්ග්ගේ බයික් එකේ ඒ දෙන්නම ඉස්කෝලෙට ගියා.

ඉස්කෝලෙ ළංවෙද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගෙ බඩ වටේට එතිලා තිබුණු එයාගෙ අත් අයින් කරගෙන ටේහ්‍යොන්ග්ගෙන් ටිකක් ඈතට වුණා. ටේහ්‍යොන්ග්ට ඒක තේරුනා උනත් එයා ජන්ග්කුක්ගෙන් ප්‍රශ්න අහන්න ගියෙ නෑ. මොකද ජන්ග්කුක් මූණ දුන්නු දේවල් වගේම තමන් උනත් පහුගිය කාලෙ හැසිරුනු විදිහත් එක්ක බැලුවම ජන්ග්කුක් මෙහෙම බයවෙන එක සාධාරණයි. ජන්ග්කුක්ගෙ ඒ බය නැති කරන්න පුළුවන් වෙන්නෙත් එයාටම තමයි කියලා ටේහ්‍යොන්ග් දැනගෙන හිටියා.

ටේහ්‍යොන්ග් බයික් එක නවත්තලා හෙල්මට් එක ගලවලා කොණ්ඩෙ හදන ගමන් වටපිට බැලුවා. වටේ හිටපු හැමකෙනෙක්ගෙම වගේ ඇස් ටේහ්‍යොන්ග් වෙතට හැරවෙද්දි ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිසට බරදීලා බයික් එකෙන් බැහැලා හෙල්මට් එකත් ගලවලා ටේහ්‍යොන්ග්ගේ අතට දුන්නා. ටේහ්‍යොන්ග් හෙල්මට් දෙක බයික් එක උඩින් තියලා ජන්ග්කුක්ගෙ ඇවිස්සිලා තිබුණු කොණ්ඩෙ පිළිවෙලට හැදුවා.

"යමු." ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගෙන ටේහ්‍යොන්ග් ඉස්සර වෙද්දි ජන්ග්කුක් ඒ තැනම ගල් ගැහුනෙ ටේහ්‍යොන්ග්ගේ මේ වෙනස එයාට තාමත් නුහුරු නිසා. ටේහ්‍යොන්ග් එයාට මොනතරම් ආදරෙන් සලකලා තිබුනත් අනිත් අය ඉස්සරහා මේ වගේ හැසිරිලා තිබුනෙ නැති නිසා ජන්ග්කුක්ට ඒ වෙනස හොඳට දැනුනා.

War of Hormone ||Taekook || [Completed]Место, где живут истории. Откройте их для себя