Chapter 33

1.5K 319 111
                                    

Ahem🌚😌🙈

"දේහ්‍යුන්?" සෝයුන්ගෙ කටින් පිටවෙද්දි දේහ්‍යුන් කලබලෙන් සෝයුන් ළඟට ඇවිදගෙන ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"දේහ්‍යුන්?" සෝයුන්ගෙ කටින් පිටවෙද්දි දේහ්‍යුන් කලබලෙන් සෝයුන් ළඟට ඇවිදගෙන ආවා.

"ඔයාට කොහොමද සෝයුන්?"

"මං හොඳින් දේහ්‍යුන්.."

"ඇයි ඔයාවත් මට මේ ගැන නොකිව්වෙ ටේ? නර්ස් කිව්වම තමයි මං දැනගත්තෙ?" දේහ්‍යුන් ඇහුවම ටේහ්‍යොන්ග් ඒ ඇස් මඟ ඇරලා බිම බලාගත්තා.

"ඔම්මා.. බෙහෙත්.." ජන්ග්කුක් වතුර එකකුත් එක්ක බෙහෙත් ටික අරන් සෝයුන් ළඟට ආවම දේහ්‍යුන් හැරිලා ජන්ග්කුක් දිහා බැලුවා.

"ඔහ්.. පොඩි jeon?"

"දේහ්‍යුන් අංකල්?" දේහ්‍යුන්ව අඳුරගත්තු ජන්ග්කුක්ගෙ ඇස් ලොකුවුණා.

"ඔයාලා මීටකලින් හම්බවෙලා තියෙනවද?" සෝයුන් ඇහුවෙ ටේහ්‍යොන්ග්ගේ හිතේ තිබුණු ප්‍රශ්නය.

"ඔව්.. දැන් මාස තුනකට විතර කලින් මට හන්වුල්ව හම්බවුණා. එතකොට තමයි මං දැනගත්තෙ හන්වුල්ට මෙච්චර ලොකු ලස්සන පුතෙක් ඉන්නවා කියලා." දේහ්‍යුන් ජන්ග්කුක්ගෙ ඔලුව අතගාලා කිව්වම ජන්ග්කුක් ලැජ්ජාවෙන් හිනාවුණා.

සෝයුනුත් හිනාවෙලා ජන්ග්කුක්ගෙ අතේ තිබුණු බෙහෙත් පෙති ටික අරගෙන බිව්වා.

"පුතා.. මට අප්පා එක්ක කතාකරන්න ඕනෙ ටිකක්.." සෝයුන් කිව්වම ටේහ්‍යොන්ග්ට එතනින් යන්න ඕනෙ උනේ නැති උනත් එතන තත්ත්වය තේරුම් ගත්තු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ අතකින් ඇදගෙනම එළියට ගියා.

එළියෙ හිටපු යුන්සුව දැක්කම ටේහ්‍යොන්ග්ගේ මූණට නොරිස්සුම් සහගත පෙනුමක් ආවත් ජන්ග්කුක් යුන්සුට හිනාවෙලා ටේහ්‍යොන්ග්ව අනිත් පැත්තට එක්කගෙන ගියා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now