Chapter 19

1.6K 333 221
                                    

"ජන්ග්කුක් ටීම් එකෙන් අයින් වෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජන්ග්කුක් ටීම් එකෙන් අයින් වෙයි." ටේහ්‍යොන්ග් එහෙම කියලා ජන්ග්කුක්ගෙ ඇස් මග ඇරලා බිම බලාගත්තා.

"ඒත්.." හොබී ගොතගහද්දි ජින්ගෙ කට බාගෙට ඇරුණා.

"එතකොට උඹ මූට ඊටවඩා දෙයක් කරන්නෙ නැද්ද?" ජැක්සන් ඇහුවෙ එයාගෙ පාඩුවෙ සපත්තු දාන ටේහ්‍යොන්ග්ගෙන්.

"ඒකනෙ බං.. උඹ මේකෙ හිටපු අනිත් උන්ට මෙහෙම නෙවෙයි සැලකුවෙ V. මොකද්ද උඹට එකපාරටම උනේ?." මාක් ජැක්සන්ගෙ කතාවට එකඟවුණා.

"දැන් උඹලට ඕනෙ මම ජන්ග්කුක්ට ගහනවා බලන්නද?" ටේහ්‍යොන්ග්ගේ කටහඬ අසාමාන්‍ය ගැඹුරු සහ රළු බවක් ගනිද්දි හැමෝම ගැස්සිලා ගියා.

"උඹලා එහෙම බලාපොරොත්තු වෙනවා නම් දැන්ම ඒ බලාපොරොත්තුව අතෑරගනිල්ලා.. මොකද.. මම.. කවදාවත්.. ජන්ග්කුක්ට.. අතක් උස්සන්නෙ නෑ. ඒ වගේම උඹලා කාටවත් එයාට අත උස්සන්නත් බෑ. උඹලට ඕනෙ එයාව ටීම් එකෙන් අයින් කරන්නනෙ.. මං ඒක කරා. ඒ නිසා එයාට පාඩුවෙ ඉන්න දීලා උඹලා උඹලගෙ වැඩක් බලාගනිල්ලා. හැබැයි උඹලා එකෙක් හරි මගෙ වචනෙට පිටින් ගිහින් තිබ්බොත් මං ඒ ගැනත් බලාගන්නම්." ඒ වචන එකක් ගානෙ අවධාරණයෙන් කියපු ටේහ්‍යොන්ග් පැත්තක තිබුණු බෝලෙ අතට ගත්තා. ටේහ්‍යොන්ග්ගේ කතාවෙන් පස්සෙ විනාඩියක් විතර නිහඬවම ගත උනත් අවසානයේදී නම්ජුන් ඒ නිහඬ බව බිඳලා දැම්මා.

"ඒත් ඇයි.. ඇයි ජන්ග්කුක්ට විතරක් විශේෂයක්??" නම්ජුන් ඇහුවෙ හැමෝගෙම හිතේ තිබුණු ප්‍රශ්නෙ.

"මොකද Vගෙ ලකුණු වැඩිවෙන්න හේතුව ජන්ග්කුක්. තමන්ගෙ හීනෙට යන්න උදව් කරපු කෙනාට අතක් උස්සනවා නම් ඒ මනුස්සයා තරම් ජරා මනුස්සයෙක් තවත් නෑ." සමච්චල් සහගත හඬක් චේන්ජින් රූම් එකේ ඉස්සරහින් ඇහෙද්දි හැමෝම ඒ පැත්තට හැරුණා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now