Chapter 13

1.7K 326 386
                                    

කාර්‍යබහුල සතියකින් පස්සෙ කට්ටියම relax එකේ හිටියෙ first semester එකේ exam ඉවර උනු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කාර්‍යබහුල සතියකින් පස්සෙ කට්ටියම relax එකේ හිටියෙ first semester එකේ exam ඉවර උනු නිසා. සාමාන්‍යයෙන් නම් exam ඉවර උනාම එයාලට මාසෙක summer vacation එකක් ලැබෙන නිසා කට්ටියම තම තමන්ගේ ගෙවල් වලට යනවා උනත් මේ පාර ඉස්කෝලෙන්ම එයාලට trip එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් trip එක යන්න කැමති උනු හැමෝම ඒකට සහභාගි වෙන්න තීරණය කරා.

"ඔයා ගෙනියන්න ඕනෙ දේවල් ලෑස්ති කර ගත්තද?" ටේහ්‍යොන්ග් ඇහුවෙ එයාට බඩු අහුරගන්න උදව් කරන ජන්ග්කුක්ගෙන්.

"මං ගිහින් ලෑස්ති කරගන්නම්.. ඔයා මේක තනියෙන් කරගන්න ගියොත් මෙතන විකාරයක් නටයි. ඒකයි මං උදව් කරේ." ටේහ්‍යොන්ග්ගේ පිළිවෙල ගැන හොඳට දන්න නිසා ජන්ග්කුක් එහෙම කිව්වම ටේහ්‍යොන්ග් හිනාවෙලා ඇවිත් ජන්ග්කුක්ව පිටිපස්සෙන් බදාගත්තා.

"ඒකටනෙ ඉතින් මට ඔයා ඉන්නෙ බේබි."

"යාහ්, යනවා යන්න බටර් නොගා." ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව තල්ලු කරාම ටේහ්‍යොන්ග් තොල් උල් කරගෙන ජන්ග්කුක් ළඟින් ඉඳගත්තා.

"ඔයා බෑග් එක හදාගෙන ආපහු මගෙ රූම් එකට එනවා නේද?"

"දැන් ගිහින් මට ආපහු එන්න වෙලාවක් නෑනෙ.. මං අදට මගෙ රූම් එකෙන් නිදාගන්නම්."

"ඒත් මට ඔයා නැතුව නින්ද යන්නෙ නෑ."

"බොරු නොකියා ඉන්න.."

"ඇත්ත ඉතින් කිව්වෙ."

"එහෙනම් ඔයාට මං නැතුව මුළු vacation එකම නිදාගන්නෙ නැතුව තමයි ඉන්න වෙන්නෙ." ජන්ග්කුක් හිනාවෙලා කිව්වම ටේහ්‍යොන්ග් නිහඬ වුණා. හිතට අමුත්තක් දැනෙද්දි ජන්ග්කුක් ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා. අඳුරු වෙලා තියෙන ඒ මූණ දැක්කම ජන්ග්කුක්ට එයා කියපු දේ ගැන පසුතැවීමක් දැනුනත් ජන්ග්කුක් මුකුත් නොකියා ඉන්න තීරණය කරේ ටේහ්‍යොන්ග් ආයෙමත් තරහ ගනියි කියලා හිතලා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now