Chapter 31

1.7K 317 111
                                    

එයාගෙ එකම ආදරේ තව කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා දැක්කම දැනුනු හදවත කීරි ගැහෙන වේදනාව දරාගෙනම ටේහ්‍යොන්ග් exam hall එකට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙ එකම ආදරේ තව කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා දැක්කම දැනුනු හදවත කීරි ගැහෙන වේදනාව දරාගෙනම ටේහ්‍යොන්ග් exam hall එකට ආවා. ටේහ්‍යොන්ග්ව දැකපු එයාගෙ යාලුවො එයාට කතා කරන්න උත්සාහ කරත් ඒ වෙලාවෙම වගේ ක්ලාස් එකට ආපු මිස් චෝයි නිසා හැමෝම තම තමන්ගෙ සීට් වලින් ඉඳගත්තා.

ඒත් එක්කම වගේ හතිදාන ගමන් දුවගෙන ආපු ජන්ග්කුක් පන්ති කාමරයට ඇතුල් වෙද්දි ටේහ්‍යොන්ග් රතු වෙලා ගියපු ඇස් ජන්ග්කුක්ගෙ පුදුමෙන් වටකුරු උනු බෝල ඇස් එක්ක ගැටුණා.

"ජන්ග්කුක්.. ගිහින් ඉඳගන්න. තව විනාඩියයි ඉතුරුවෙලා තියෙන්නෙ." මිස් චෝයිගෙ හඬත් එක්ක කලබල උනු ජන්ග්කුක් ඉක්මනට ඉස්සරහා පේලියෙන් ඉඳගත්තම ටේහ්‍යොන්ග්ගේ තොල් මතින් දුක්බර සිනහවක් ඇඳුණා.

ජන්ග්කුක් දැන් එයාගෙ නෙවෙයි තමයි.. ඒත්, එයාගෙ වෙන්නම ඕනෙද ආදරේ කරන්න?
.
.
.
.
.
.
.
.
.
.
.

Exam එක කලින්ම ඉවර කරපු ටේහ්‍යොන්ග් හැමෝටම කලින් paper එක භාරදීලා ක්ලාස් එකෙන් එළියට ආවා. එක අතකට පාඩම් කරන්න තියා පොතක් අතින් වත් අල්ලන්න වෙලාවක් නොතිබුණු ටේහ්‍යොන්ග් පේපර් එකට මොනවා ලියන්නද?
ටේහ්‍යොන්ග් යද්දිම වගේ ජිමිනුත් ඉක්මනට නැගිටලා ටේහ්‍යොන්ග්ගෙ පිටිපස්සෙන් දිව්වෙ ටේහ්‍යොන්ග්ගෙන් ගොඩක් දේවල් අහන්න එයාට තිබුණු නිසා. ජන්ග්කුක්ටත් ටේහ්‍යොන්ග් පස්සෙන් නැගිටලා යන්න ඕනෙ උනත් එයා දන්නවා දැන් එයාට එහෙම කරන්න බෑ කියලා. එයා දැන් හිත හදාගෙන ඉවරයි.. එයා දැන් මින්ග්‍යුගෙ බෝයිෆ්‍රෙන්ඩ්. ඒ සිතුවිල්ල ජන්ග්කුක්ව නැවැත්තුවා.

ටේහ්‍යොන්ග්ගේ ගමනාන්තය උනේ සුපුරුදු බෙන්ච් එක. Ground එකේ කෙලවරක තිබුණු ඒ පුංචි බෙන්ච් එක උඩ එයාගෙයි ජන්ග්කුක්ගෙයි මතකයන් ගොඩක් තිබුණා. එයාලා අවසාන වතාවට මුණ ගැහුනෙ පවා එතනදි. එයාලගෙ ජීවිත වෙනස් උනේ එතනදි. ඈතින් පේන ෆුට්බෝල් කෝට් එක දිහා බලාගෙන ටේහ්‍යොන්ග් වේදනාකාරි සිනහවක් පෑවා. හැමදෙයක්ම කොච්චර ඉක්මනට වෙනස් වෙලාද?

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now