Chapter 22

1.6K 316 240
                                    

"බේබි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බේබි.. නැගිටිමු දැන්. අද අපි ඔයාට සපත්තු දෙකක් ගන්න යනවා." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ curves දිගේ අත උඩට පාතට යවන ගමන් කියද්දි ජන්ග්කුක් කම්මැලි කමින් කෙඳිරි ගාන ගමන් ඇස් ඇරියා.

"ම්ම්හ්"

"ඔයා ගිහින් ලෑස්ති වෙලා ගේට් එක ළඟට එන්න. මං ඔයා එනකම් එතන ඉන්නම්." ටේහ්‍යොන්ග් කියද්දි ජන්ග්කුක් නැගිටලා ඇඳ උඩ ඉඳගෙන ඇස් දෙක පොඩි කරන්න ගත්තා.

"මං ගවුමක් අඳින්න ඕනෙද?" ටිකවෙලාවකට පස්සෙ ජන්ග්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ඇස් හීන් කරලා ජන්ග්කුක් දිහා බැලුවත් ටිකකින් එයාට මතක් උනා ජන්ග්කුක් එහෙම අහන්න ඇත්තෙ කලින් එයාලගෙ ඩේට් එක මතක් උනු නිසා වෙන්නැති කියලා.

"එපා.. ඔ-ඔයා කැමති ඇඳුමක් ඇඳගෙන එන්න."

"කවුරු හරි දැක්කොත්?" ටේහ්‍යොන්ග්ගේ පිළිතුරත් එක්ක පුදුමයට පත් උනු ජන්ග්කුක් ඇසුත් ලොකුකරන් ටේහ්‍යොන්ග් දිහා බැලුවම ටේහ්‍යොන්ග් දිග සුසුමක් පිටකරා.

"ඒකට කමක්නෑ.." ටේහ්‍යොන්ග් කියද්දි ජන්ග්කුක්ට ඒ කටහඬේ තිබුණු අවිශ්වාසය මුසු බව හොඳින්ම දැනුනා.

"ඔයා බයයි නම් මං ගවුමක් ඇඳන්.." ජන්ග්කුක් කියන්න උත්සාහ කරත් ටේහ්‍යොන්ග්ගේ කෝපය පිරුණු හඬ ජන්ග්කුක්ගෙ කතාවට බාධා කරා.

"මං මොකාටවත් බය නෑ! ප්‍රශ්න අහන්නෙ නැතුව කියපු දේ කරනවා බේබි!" ටේහ්‍යොන්ග් සැර කරාම තොල් උල් කරගත්තු ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ටත් ගස්සලා ඇඳෙන් නැගිට්ටෙ එයාගෙ රූම් එකට යන්න.

"ආයිශ්.. එයා තරහා උනාවත්ද?" ජන්ග්කුක් කතාවක් නැතුවම ගස්සගෙන යන දිහා බලාගෙන ටේහ්‍යොන්ග් නළල රැලිකරගත්තෙ ජන්ග්කුක් ඩේට් එකට එන්නෙ නැතිවෙයිද දන්නෙත් නෑ කියලා පොඩි බයකින් හිත පිරෙද්දි.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now