Chapter 11

1.7K 312 407
                                    

ටේහ්‍යොන්ග් මුලින්ම ජන්ග්කුක්ව එක්කගෙන ගියෙ එයාගෙ favorite restaurant එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යොන්ග් මුලින්ම ජන්ග්කුක්ව එක්කගෙන ගියෙ එයාගෙ favorite restaurant එකට. ජන්ග්කුක් mask එක ගලවන්න බයේ දඟලන නිසා ටේහ්‍යොන්ග් ජන්ග්කුක් එක්ක restaurant එකේ කොනේම තිබුණු ටේබල් එකකින් වාඩිවුණා. Breakfast ගත්තට පස්සෙ ටේහ්‍යොන්ග් බිල් එක පේ කරලා ජන්ග්කුක්ගෙ අතකින් අල්ලගෙන restaurant එකෙන් එන්න පිටත්වුණා.

"අපි කොහෙද යන්නෙ?" එයාගෙ අතින් අල්ලගෙන යන ටේහ්‍යොන්ග්ගේ පිටිපස්සෙන් ඇවිදගෙන එන ගමන් ජන්ග්කුක් ඇහුවෙ ඒ දෙන්නගෙ පැටලිලා තියෙන අත් දිහා බලාගෙන. ටේහ්‍යොන්ග් එයත් එක්ක public place එකකදි මෙහෙම හැසිරෙයි කියලා ජන්ග්කුක් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ. ඔහ්! හරි ඉතින්.. ජන්ග්කුක් එයාගෙ ඇත්ත ස්වරූපයෙන් හිටියා නම් ටේහ්‍යොන්ග් කවදාවත් මේ විදිහට හැමෝටම පේන්න එයාගෙ අතකින් අල්ලගෙන යන එකක් නෑ.

"ගියාම බලාගන්නකෝ.." ජන්ග්කුක්ට ඇහැක් ගහලා එහෙම කියපු ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ අතින් ඇදගෙන ඒ වෙලේ එයාලා ඉස්සරහින් තිබුණු බස් හෝල්ට් එකෙන් ඇවිත් නවත්තපු බස් එකට නැග්ගා.

ටේහ්‍යොන්ග් නැගපු ගමන් ගිහින් ජනේලෙ ළඟ සීට් එකෙන් වාඩි උනාම ජන්ග්කුක් ඇහිබැමි හකුලුවගෙන ටේහ්‍යොන්ග් දිහා බැලුවා.

"ඇයි? මෙතනින් ඉඳගන්න.." ගානක්වත් නැතුව ජන්ග්කුක් දිහා බලලා එහෙම කියන ගමන් ටේහ්‍යොන්ග් ජනේලේ ඇරියා.

"මෝඩයෝ.. තමුසෙද දැන් මෙතන කෙල්ල? නැත්නම් මමද?" ජන්ග්කුක් ටේහ්‍යොන්ග් ළඟින් ඉඳගෙන ටේහ්‍යොන්ග්ට විතරක් ඇහෙන විදිහට බනිද්දි ටේහ්‍යොන්ග් confused look එකකින් ජන්ග්කුක් දිහා බැලුවා.

"ඇයි එහෙම අහන්නෙ?"

"බලනවා පොඩ්ඩක් වටේට.. කපල් එකක් එකට ඉඳගෙන යද්දි බෝයිෆ්‍රෙන්ඩ් ජනේලෙ ළඟින් ඉඳගෙන යන්නෙ නෑ මෝඩයෝ."

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now