Chapter 24

1.5K 323 157
                                    

ජන්ග්කුක් කණ්ණාඩියෙන් මූණ බලද්දි දැක්කා එයාගෙ ඇස් රතුවෙලා තියෙන විදිහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් කණ්ණාඩියෙන් මූණ බලද්දි දැක්කා එයාගෙ ඇස් රතුවෙලා තියෙන විදිහ. ඊයේ පාන්දර වෙනකම්ම ටේහ්‍යොන්ග් එනකම් බලාගෙන හිටපු නිසා ජන්ග්කුක්ට නිදාගන්න උනේ නෑ. ඒත් ටේහ්‍යොන්ග් පොරොන්දු උනු විදිහට වෙනදා වගේ එයාව හොයාගෙන එයාගෙ රූම් එකට ආවෙ නැහැ. අඩුගානෙ ජන්ග්කුක්ගෙ කෝල්ස් මැසේජ් වලටවත් ටේහ්‍යොන්ග්ගෙන් තාමවත් පිළිතුරක් ලැබිලා තිබුණේ නෑ.

නොසන්සුන් සිතුවිලි වලින් හදවතම පිරෙද්දි ජන්ග්කුක් ඉස්කෝලෙ යන්න ලෑස්ති උනේ ටේහ්‍යොන්ග්ව ඉස්කෝලෙදි හරි මුණගැහෙන්න හිතාගෙන.

ඒත් වෙනදා වගේ ටේහ්‍යොන්ග් එයා එනකම් cafeteria එකට වෙලා බලන් හිටියෙ නෑ.

"කාවද හොයන්නෙ?" ජන්ග්කුක්ගෙ නොසන්සුන් ඇස් දිහා බලපු ජිමින් ඇහුවම ජන්ග්කුක් ජිමින් දිහා බැලුවෙ දිග සුසුමක් පිට කරන ගමන්.

"V.. එයා කොහෙවත් නෑ. වෙනදට එයා මං එනකම් බලන් ඉන්නවනේ." ජන්ග්කුක් මිමිණුවම ජිමින්ගෙ හුස්ම මොහොතකට නැවතුණා. ටේහ්‍යොන්ග් එක්ක කතා කරලා එයා කරේ වැරැද්දක්ද?

"ඌ එයි තව ටිකකින්.. ඊයෙ මැච් එක නිසා මහන්සි ඇති. අපි හවස ගිහින් එයාව හම්බවෙමුකෝ.. ම්ම්?" ජිමින් soft විදිහට කිව්වම ජන්ග්කුක් හිමීට ඔලුව වැනුවා.

ටේහ්‍යොන්ග් කොහොමත් ක්ලාස් එකට එන්නෙ නැති නිසා ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව ක්ලාස් එකේදි දකින්න කොහොමවත් බලාපොරොත්තු උනේ නෑ. ඒත් එයා ඇඟිලි ගැන්නා ඉක්මනට පීරියඩ්ස් ටික ඉවරවෙලා ටේහ්‍යොන්ග්ව හම්බවෙන්න වෙලාවක් එනකම්.

ඉස්කෝලේ ඉවර උනාට පස්සෙ ජන්ග්කුක් කෙලින්ම ground එකට දිව්වත් වෙනදට ඒ වෙලාවට අනිවාර්යයෙන්ම ground එකට වෙලා practice කරන ටේහ්‍යොන්ග්ව එයාට අද දැකගන්න පුළුවන් උනේ නෑ.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now