Chapter 29

1.4K 315 117
                                    

Mrs

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mrs. Kimට හදිසියේම ඉස්කෝලෙදි අසනීප උනාට පස්සෙ ටේහ්‍යොන්ග් එයාගෙ ඔම්මවත් අරගෙන පුළුවන් ඉක්මනට හොස්පිටල් එකට ගියා. Mrs. Kimව කෙලින්ම ICU එකට ගත්තට පස්සෙ ටේහ්‍යොන්ග් හොස්පිටල් එකේ බංකුවට වෙලා අඬන්න ගත්තෙ එයාගෙ ඔම්මා ගැන බයෙන් වගේම ජන්ග්කුක් ගැන දුකෙන්. පැය ගානකට පස්සෙ ටේහ්‍යොන්ග්ට එයාගෙ ඔම්මව බලන්න ලැබුණත් ඊළඟ මොහොතෙදි එයාට අහන්න ලැබුණු දේ ටේහ්‍යොන්ග් හීනෙකින්වත් ප්‍රාර්ථනා නොකරපු දෙයක් වුණා.

ඩොක්ටර්ස්ලා කියපු විදිහට අනුව එයාගෙ ඔම්මට කැන්සර් එකක්.. සහ ඒක මේ වෙද්දි ශරීරය පුරාවටම ඔඩු දුවලා තිබුණා. ඒ නිසා ප්‍රතිකාර වලින් එයාගෙ ඔම්මව සුව කරන්න පුළුවන් කියලා එයාලට බලාපොරොත්තු තියාගන්න බෑ කියලා ඩොක්ටර්ස්ලා කිව්වා.

ඒ වගේම ඔම්මා වෙනුවෙන් කරන්න පුළුවන් ප්‍රතිකාර වෙනුවෙන් සෑහෙන මුදලක් අවශ්‍ය වේවි කියලත් ඩොක්ටර්ස්ලා ටේහ්‍යොන්ග්ට කිව්වා. කොච්චර ගානක් ගියත් ටේහ්‍යොන්ග්ට එයාගෙ ඔම්මව බේරගන්න අවශ්‍ය උනු නිසා එයා ඩොක්ටර්ස්ලගෙන් ඉල්ලුවා එයාගෙ ඔම්මව කොහොමහරි හොඳ කරලා දෙන්න කියලා. ටේහ්‍යොන්ග්ගේ අදහස උනේ පාට් ටයිම් ජොබ් එකක් හරි කරලා එයාගෙ ඔම්මගෙ වියදම් වෙනුවෙන් සල්ලි හොයාගන්න.

Mrs. Kimට පැය කීපෙකට පස්සෙ සිහිය ආවත් treatments වගයක් කරන්න තියෙන නිසා එයාට දිගටම හොස්පිටල් ඉන්න වේවි කියලා ඩොක්ටර්ස්ලා කිව්වා.

"පුතා.. මාව ගෙදර අරගෙන යන්න." එයාගෙ රෝගය ගැන සම්පූර්ණ විස්තර දැනගත්තට පස්සෙ Mrs. Kim ටේහ්‍යොන්ග්ට කිව්වම ටේහ්‍යොන්ග් අඬලම රතුවෙලා තියෙන ඇස් වලින් එයාගෙ ඔම්මා දිහා බැලුවා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now