Chapter 15

1.6K 322 489
                                    

Vacation එකේ සති තුනක් ගතවෙලා අවසන් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vacation එකේ සති තුනක් ගතවෙලා අවසන් වුණා. මුළු අවුරුද්දක්ම එකදිගට පාඩම් වැඩ වලට මහන්සි වෙලා හිටපු හැමෝම ලැබුණු නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. හැබැයි ඉතින් සුපුරුදු ලෙසින්ම ජන්ග්කුක්ට නම් ඒ නිවාඩුව නිදහසේ ගතකරන්න ලැබුනෙ නැහැ.

වෙනදා වගේම එයාට සිද්දවුණා එයාගෙ අප්පා එක්ක company එකට යන්න. Company එකේ වැඩ ඉගෙන ගන්න උදේ කාලය සම්පූර්ණයෙන්ම වැය කරන ජන්ග්කුක්ට ගෙදර ආපු ගමන් ආයෙමත් පාඩම් වැඩ කරන්න සිද්ද වෙනවා. මොකද එයාගෙ ඔම්මයි අප්පයි අකමැතියි ජන්ග්කුක් නිකන් කාලෙ නාස්ති කරනවා දකින්න. කාර්‍යබහුල ෆැමිලි එකක් උනු ජන්ග්කුක්ගෙ පවුලෙ විදිහට හැඩ ගැහෙන්න පුංචි කාලෙ ඉඳන්ම ජන්ග්කුක්ටත් සිද්දවුණා.

හැබැයි ඉතින් ඒ මොන වැඩේ තිබුණත් ජන්ග්කුක් ටේහ්‍යොන්ග් එක්ක මැසේජ් කරන්න අමතක කරේ නෑ. ඔම්මා අප්පා ඉස්සරහා කෝල් කරනෙක අවදානම් නිසා ජන්ග්කුක් ටේහ්‍යොන්ග් එක්ක මැසේජ් කරන්න හුරුවුණා. උදේ ඉඳන් රෑ වෙනකම්ම දවසෙ විස්තර, කිසිම තේරුමක් නැති වල් පල් කතා කර කර තමයි ඒ දෙන්නා මේ සති තුනම ගෙවලා දැම්මෙ. සමහර රාත්‍රීන් වල ටේහ්‍යොන්ග්ගේ ඉල්ලීමට video call අරන් ටේහ්‍යොන්ග් කියන දේවල් කරන්න සිද්ද උනත්, ජන්ග්කුක් ඒ කිසිම දෙයක් ගැන පසුතැවුනෙ නෑ. මොකද.. ඒ වෙද්දි ජන්ග්කුක්ටත් ටේහ්‍යොන්ග්ගේ උණුසුම නැති එක ලොකු අඩුවක් විදිහට දැනෙන්න පටන් අරන් තිබුණු නිසා.

අනිත් පැත්තෙන් ටේහ්‍යොන්ග් නම් මුළු දවසම ගතකරේ ෆුට්බෝල් ක්ලබ් එකේ. ඉඳලා හිටලා යාලුවෙක් හම්බෙන්න එළියට ගියොත් ඇරෙන්න ටේහ්‍යොන්ග්ගේ මුළු කාලයම වෙන් උනේ ෆුට්බෝල් practice වලට.. ඒ ඇරුනම ජන්ග්කුක් එක්ක මැසේජ් කරන එක තමයි ටේහ්‍යොන්ග්ගේ ලොකුම කාර්යය උනේ.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now