Chapter 26

1.5K 320 135
                                    

"අඩෝ V!" ප්‍රින්සිපල්ගෙ ඔෆිස් රූම් එකෙන් ආපු ටේහ්‍යොන්ග් කෙලින්ම ගියෙ cafeteria එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අඩෝ V!" ප්‍රින්සිපල්ගෙ ඔෆිස් රූම් එකෙන් ආපු ටේහ්‍යොන්ග් කෙලින්ම ගියෙ cafeteria එකට. ජන්ග්කුක් ඒ වෙලාවෙ ක්ලාස් එකේ ඉන්න බව දන්න නිසා ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ව බලාපොරොත්තු උනේ නෑ. හැබැයි ටේහ්‍යොන්ග් යද්දිම යුන්ගිගෙ කටහඬ ඇහුණු නිසා ටේහ්‍යොන්ග් හැරිලා බැලුවා.

ටේබල් එකේ ජිමින් ඇරෙන්න එයාගෙ නසරානි යාලුවො සෙට් එකම ඉන්නවා දැකපු ටේහ්‍යොන්ග් හිනාවක් දාගෙනම ඇවිත් ජින්ට එහා පැත්තෙන් ඉඳගෙන නම්ජුන්ගෙ කරට අතක් දාගත්තා.

"මොකෝ? කට්ටිය මොකක්හරි ජල්ලියක් අල්ලන්නද හදන්නෙ?"

"නෑ.. අපි උඹ ගැන කතාවෙන ගමන් හිටියෙ." හෝසෝක් කිව්වම ටේහ්‍යොන්ග් කුතුහලයෙන් කට්ටියගෙම මූණු දිහා බැලුවා.

"මං ගැන?? මං ගැන මොනවද?"

"ජන්ග්කුක් උඹේ කවුද?" යුන්ගි එකපාරටම ඇහුවම ටේහ්‍යොන්ග්ට තේරුම් ගත්තා කට්ටියම එන්න හදන්නෙ මොකාටද කියලා.

"ඇයි එහෙම ඇහුවෙ?"

"උඹ ඌ නිසා අර චාලියගෙ අඬු කැඩෙන්නම ගැහුවා.. එතකොට උඹ ජන්ග්කුක් gay වෙලත් ඌට අනම් මනම් කියන හැමෝටම ගැහුවා.. ඒ මදිවට උඹ ජන්ග්කුක්ට උඹේ ජර්සි එකත් දීලා තිබුණා. උඹ හොඳටම දන්නවා ඒකෙ තේරුම මොකද්ද කියලා." නම්ජුන් හැමදෙයක්ම පිළිවෙලට කියාගෙන යද්දි ටේහ්‍යොන්ග් උපරිම වෙහෙසක් දැරුවා මූණෙන් වෙනසක් නොපෙන්වා ඉන්න. ජිමින් ළඟදි එයාට ටිකක් හරි විවෘත වෙන්න පුළුවන් උනාට මෙතනදි එයාට සම්පූර්ණයෙන්ම විවෘත වෙන්න බැරි උනා.. ඒ ඉන්නෙ එයාගෙ යාලුවො උනත්.

"අනික අනිත් උන් හැමෝම උඹට මූණට කෙලින්ම නොකිව්වට උඹ ජන්ග්කුක්ට අහුවෙලා කියලා කතාවෙනවා." ජින් කිව්වම ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුණා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now