Chapter 30

1.5K 319 129
                                    

මාස එක හමාරක winter vacation එකෙන් පස්සෙ පාසල් ආයෙමත් ආරම්භ වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මාස එක හමාරක winter vacation එකෙන් පස්සෙ පාසල් ආයෙමත් ආරම්භ වුණා. ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ව හම්බවෙන බලාපොරොත්තුවෙන් ඉස්කෝලෙට ආවත් එයාට ටේහ්‍යොන්ග්ව දැකගන්න බැරිවුණා.

දවසක්.. දෙකක්.. නෑ සතියක්ම ගතවෙලා ගියත් ජන්ග්කුක්ට ටේහ්‍යොන්ග් ගැන ආරංචියක්වත් දැනගන්න බැරිවුණා. ටේහ්‍යොන්ග් එනකම් කොච්චර බලාගෙන හිටියත් ටේහ්‍යොන්ග් ආයෙමත් ඉස්කෝලෙ ආවෙ නෑ.

"එයාව අමතක කරලා ඔයාගෙ හරි සිහියට එන්න කුක්.. මෙහෙම ගියොත් ඔයා ලෙඩවෙයි." හැමදාම ටේහ්‍යොන්ග් බලාපොරොත්තුවෙන් නැගිටින ජන්ග්කුක් ආයෙමත් නින්දට යන්නෙ අඬ අඬා වෙද්දි, ජන්ග්කුක් අතින් එයාගෙ කෑම වේල් පවා මඟ ඇරෙද්දි, පන්තියේ දක්ෂම ළමයා උනු ජන්ග්කුක්ගෙ අවදානය පාඩම් වලින් ඈතට යද්දි, හිනාවෙලා හිටපු ජන්ග්කුක්ගෙ මූණ සුදුමැලි වෙලා ලෙඩ පෙනුමක් ගනිද්දි.. ජන්ග්කුක්ගෙ යාලුවෙක් විදිහට ජිමින්ට තවදුරටත් ඒක බලාගෙන ඉන්න බැරිවුණා.

"බෑ.. මට ඒක කරන්න බෑ චිම්.. ටෙඩී.. එයා කිව්වා එයා කවදාවත් මාව අමතක කරන්නෙ නෑ කියලා.. එයා එයි.. එයා එයාගෙ බේබි බලන්න ඉක්මනට එයි." ජන්ග්කුක් කඳුලු පිරුණු බෝල ඇස් වලින් ජිමින් දිහා බලාගෙන පිස්සුවෙන් වගේ කියද්දි ජිමින් අත මිටිමොලවලා බිත්තියට එකක් ගැහුවා.

"ආයිශ් කුක්.. ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නෙ? හරි.. V ආපහු එයි. ඒත් ඔයා මෙහෙම ඉඳලා හරියනවද? V මොනවා හිතයිද ඔයා මෙහෙම ඉන්නවා දැක්කොත්?"

"එයාට තරහ යයි.." ජිමින්ගෙ කෑගැහිල්ලට ගැස්සිලා ගියපු ජන්ග්කුක් හෙමීට තොල් මැතිරුවා.

"ඒකනේ.. ඒ නිසා කාලා බීලා සතුටින් ඉන්න. V ඉක්මනට එයි.. මට විශ්වාසයි." ජන්ග්කුක්ගෙ ඔලුව අතගාලා ජිමින් කිව්වම ජන්ග්කුක් හිමීට ඔලුව වැනුවා.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now