Chapter 16

1.6K 319 160
                                    

පහුවෙනිදා උදෙන්ම එයාලට ගිය වාරෙ විභාග ප්‍රතිඵල ලැබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පහුවෙනිදා උදෙන්ම එයාලට ගිය වාරෙ විභාග ප්‍රතිඵල ලැබුණා. සුපුරුදු විදිහටම ජන්ග්කුක් පන්තියේ පළවෙනියා වෙද්දි ටේහ්‍යොන්ග් පන්තියේ තිස් වෙනියා උනත් මේ වතාවෙ ටේහ්‍යොන්ග්ගේ ලකුණු මට්ටම ගිය වතාවට වඩා සාපේක්ෂව හොඳට තිබුණා. හැම විශයකටම ලකුණු 40න් එහාට තිබුණු නිසා මිස් චෝයි ටේහ්‍යොන්ග්ව විශේෂයෙන්ම අගය කරේ ටේහ්‍යොන්ග් ලැජ්ජාවට මූණ ඩෙස් එකේ ඔබාගනිද්දි. කලින් දවසෙ ටේහ්‍යොන්ග්ගේ වැඩ නිසා අමාරුවෙන් හිටියා උනත් ටේහ්‍යොන්ග්ගේ ලකුණු ගැන දැනගත්තම ජන්ග්කුක්ටත් ලොකු සතුටක් දැනුනා. මොකද ටේහ්‍යොන්ග්ගේ මේ ලකුණු මට්ටම ටේහ්‍යොන්ග්ගේ මහන්සියටත් වඩා ජන්ග්කුක්ගෙ මහන්සිය නිසා එයාට ලැබුණු දෙයක්.

අලුත් සෙමෙස්ටර් එක පටන් අරගෙන සතියකින් bangtan highschool එකයි තවත් ඉස්කෝලෙකුයි අතර ෆුට්බෝල් මැච් එකක් තියන්න කෝච්ලා සූදානම් කරලා තිබුණු නිසා ටේහ්‍යොන්ග් ඇතුළු ෆුට්බෝල් ටීම් එකට සිද්ද උනා පළවෙනි සතියෙ උපරිම මහන්සිවෙලා practice කරන්න. ජන්ග්කුකුත් අකමැත්තෙන් උනත් ෆුට්බෝල් practice වලට සහභාගි වුණා.

කොහොම උනත් නිවාඩු මාසෙත් මහන්සි වෙලා පුහුණු උනු එකම කෙනා ටේහ්‍යොන්ග් විතරක් වෙද්දි ටේහ්‍යොන්ග්ගේ ඉවසීමත් ටිකින් ටික නැතිවෙලා යන්න ගත්තෙ practice වලදි අනිත් අයගෙ තියෙන දුර්වලකම් ගොඩක් ඉස්මතු වෙලා පේන්න ගත්තු නිසා. විශේෂයෙන්ම ජන්ග්කුක් සහ සෝහා දෙන්නටම ආයෙමත් ෆුට්බෝල් මුල ඉඳන් කියලා දෙන්න ටේහ්‍යොන්ග්ට සිද්දවුණා. ඒ නිසාම ටේහ්‍යොන්ග්ගේ කෝපය වැඩිපුරම එල්ල උනේ සෝහාට. මොකද කාට කොහොම කෑගැහුවත් ටේහ්‍යොන්ග් කිසිම වෙලාවක ජන්ග්කුක්ට අනවශ්‍ය විදිහට කෑගහන්න ගියෙ නෑ. ඒ වෙද්දි ටේහ්‍යොන්ග්ගේ ලකුණු මට්ටමේ වෙනසට හේතුව ජන්ග්කුක් ටේහ්‍යොන්ග්ගේ tutor උනු එක කියලා හැමෝම දැනගෙන හිටපු නිසා කිසිම කෙනෙක් ඒ ගැන සැක හිතන්න ගියෙත් නෑ. ඔව්.. ජිමින් ඇර. මොකද එතනින් ටේහ්‍යොන්ග් සහ ජන්ග්කුක් දෙන්නා ගැන හොඳටම දැනගෙන හිටියෙ ජිමින්. ඉතින් ඒ දෙන්නා අතර ඊටවඩා එහා ගියපු මොකක්මහරි දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න ජිමින්ට අපහසු උනේ නැහැ.

War of Hormone ||Taekook || [Completed]Where stories live. Discover now