මීදුම් 01

763 41 6
                                    

***
ඈත කඳුවැටි අතර මීදුම් වලා පටලයෙන්
වැසීගිය නේක විඳ විසල් රුක්අතු පතර විහිදීගිය ගම්පියසේ ඈත කඳුවැටිය පාමුල ⁣පැරණි සේනක වලව්ව පිහිටා තිබිණි...පරම්පරා ගණනාවක උරුමයක් වූ මේ සේනක පරපුරට හේනගල පිහිටි වතුපිටි රැසකම හිමිකාරිත්වයක් උපතින්ම ලැබී තිබිණි...සුන්දරවූ සොබා රූ සිරිය මතින් ඔද වැඩී තිබූ ගම් පියස ඒකාලෝක කළේද,සේනක වලව්වේම තැනැත්තෙකුය..

කහ මල් වැටිච්ච සුදු පැහැ දිගු බෝරිච්චි ගවුමට දිගු කේශ කල්‍යාණිය කඩා හැලෙන ලෙස දමාසිටි තරුණිය සුදුම සුදු අරලිය මලින් පිරි වට්ටිය ⁣දෑතටම සිරකරගෙන හෙමි හෙමින් අඩි තබමින් පිය නැගුවේ නිස්කලංක පරිසරයක සොබාදහම ට නිරාවරණය වුණු නිදහස් විහාරයකටය...නගරයෙන් එපිට ගම්බද පළාතක පිහිටි පන්සලකට නගරයක තරුණියක් පියනගන බව ඇය දුටු සැනින් කිව හැකි වූයේ,ඇයගේ ගමේ කෙල්ලන්ට වඩා බොහෝ සෙයින් වෙනසක් පෙනෙන බැවිනි....

දිගු සියුමැලි දෑතින්ම මල් වට්ටියම පූඡා කර ඇය බුදුරුව දෙස බලා හිඳ ⁣දොහොතම මුදුනට ගෙන වැන්දේ,සිතේ සැනසීමෙනි....සිසිල් පවන ගතේ වැදීගෙනම ඈතටම ගියේ බෝ රුකෙන් කොළ වැටෙන්නටත් සලස්වාලමය...අඩියෙන් අඩිය ගොස් ඇය පියගැට පාමුළම වැටී තිබූ ළා කොල පැහැ බෝ කොළය සුරතට ගත්තේ සුන්දර සිනහවකින් මුව මඬලම සරසාගෙනය..."පුංචි නෝනා!"තරුණියගේ සවනට තැනැත්තෙකුගේ කටහඬක් වැකුණු හෙයින් ඇය එපිටට හැරුණාය...

"ආ,මේ කුසුමා නැන්දනේ,අඳුරගත්තේ කොහොමද?"තරුණිය සුන්දර සිනහවකින් තැනැත්තාව පිළිගත්තාය..."අනේ,නෝනේ මට බැරිය අඳුරන්න,පුංචි කෙලි කාලේ ඉදන්ම මං නේ නෝනේව බලාගත්තේ.....ගමට ආවනම්,නෝනේ මුලින්ම මහගෙදරට ගොඩවෙලා,ආවා කියන්න එපාය,ලොකු නෝනට.."ඇය එසේ පැවසුවේ හි⁣තේ දුකකින් බව ඇගේ කටහඬින් පෙනී ගියේය..." මං දන්නවා,මං නැතුව හැමෝම පාළුවෙන් හිටියේ කියලා,ඒ වුණත් ම⁣ට ගෙදරට වඩා මතක තිබුණෙම මෙතතන⁣නේ,නැන්දේ"තරුණිය සුසුමක් හැර සියල්ලම පවසගෙන ගියේ සැනසීමක් සොයාගන්නටය...

"හා,නෝනේ..දැන් යමු,ලොකු නෝනට කියලා එන්ඩ"මැදි වයසේ කාන්තාව තරුණියට එසේ පැවසුවේ සතුටක් මුව මත රඳවාගෙනමය..."හරි,හරි කුසුමා නැන්දේ!යමු,ඒත් මට නැන්දගෙන් අහන්න දේවල් ටිකකුත් තියෙනවා,මුලින්ම අහන්නේ,මොකක්ද.."තරුණිය එසේ පවසා සිතන්නට ගත්තේ බෝ රුක දෙස බලා හිඳිමින්ය..."නැන්දේ!,⁣ඔයාගේ දෝණී බැන්දද?"තරුණිය හීන් කටහඬකින් ඇසුවාය.. ඇය නිහඬ වතකින් සිටියද හදවත නොසන්සුන් බවක් උසුලන බව ඒ සුසුම් පොද ගනනින්ම තේරෙයි.."ආනේ,නෝනේ කියලා වැඩක් නෑ,ඒකි බැන්දා,හැබයි මේ....,ඒකි ඒ ගෙදරින් ආවා,ආපහු ඒකිට කසාද කතා කරොත් ගෙදරිනුත් යනවා,කියලා නොවැ ඔය තුන් මාසෙකට කලියෙන් ආවේ""කාන්තාව එසේ පවසා තමන්ටම ⁣මුමුණා ගත්තාය..

තරුණියගේ දුඹුරුවන් දෑස මත ⁣වරදක සේයාවක් දිස්වුණේ කාන්තාවගේ ඒ වචනත් සමඟ වුව ඒ අන්තිම වදන් සමඟ ඇයගේ දෑසෙහි කඳුළු පටලයක් බැදීගියේ,ය...දෑතෙන්ම මුවඟ පිසදාගත් ඇය..."යන්,නැන්දේ!.." මුවින් ඉක්මන් වදන් ගිලිහුණේ දෑස් මත නොඉවසුම් සහගත හැඟීම් ඇදී මැකී යද්දීමය...."හා නෝනේ"තරුණිය කාන්තාව සමඟ තම රථය දෙසට පියමැන්නේ,තරුණිය නොමැති කාලයේ සිදුවූ දේ ගැන පිළිසඳරක යෙදෙමින්මය...

"අපේ සින්ගර් නෝනානේ දැන් නේ නෝනේ"කාන්තාව රථයේ හරි බරි ගැසී වාඩිගත්තේ ඇයට සිනහවක්ද පුද කරමිනි.."ඔව් නේ!"තරුණිය සුක්කානමට දෑත තද කරගත්තේ මුව මඬලම සිනහවකින් සරසාගනිමින්ය.."නෝනේ,දැන් ඉන්නේ කොළඹ රටේ නේ,අපට තමා සතුටු ඉතින්,"කාන්තාව ඇය සමඟ වචන පිට වචන කතා කරමින් සිනහවල් පුරවගනිමින්ම රථය ගමනාන්තය දෙසට ඇදී ගියේ පොල් වතු පිටි රාශියක් මැද ඇයගේ මතක ද අවුස්සවමින්ය..

***
Comment එකක් දාගෙන යන්න..🌼🌹

මීදුම්...Where stories live. Discover now