මීදුම් 51

165 21 12
                                    

අපූර්වා,.....................
ලවන්‍යාගේ දෑස්.............. ඈ හා හමුවී ඇත...කියන්නට ඇති දෑ දෑස් ම පවසන කලක සඟවන්නේ ම ඇයිදැයි ලවන්‍යාට නොතේරුණාය.....අන් අයගැන වගක්වත් නැති කලක මෙන් අපූර්වා ඈ දෙස බලා හිඳියාය....ලවන්‍යාගේ දෑස් හමුවන හැම වෙලාවකම ඇය අහේතුකවම සිනාසුණාය....මෙය එදා පටන්මය...බැලූ බැලූ අත ලියැවුණේම සිනහවක්ය....අතීතය කඳුළු පිරී තිබුණද,...මේ හුස්ම වැටෙන හැම වෙලාවකම ලවන්‍යාට හිනාවක් දෙන්න අපූර්වාට අවැසි විය...දැනුදු එයමය....ඇය සිනාවෙන්නේම ඇයටමය....මිනිස්සු ආදරේ කර ඇත...දැනුදු කරනවා ඇත...මේ ගෙවී යන සෑම නිමේශයකම ලෝකයේ කොතැනක හෝ ආදරය නමින් තවකෙකුගේ හිතෙහි හැඟීමක් ඇති වනවා ඇත...ඉදින්,..එය කවරෙක්ට වුව විය හැක...එය තමන්ට ප්‍රශ්නයක් නැත්නම් ඇයි අන් අයට ප්‍රශ්න.....ලවන්‍යා අපූර්වා දෙස බලාම කල්පනාවට වැටුණාය...ඇය තවමත් කටහඬ අවදි කර නැත....

"කන්ග්‍රෑට්ස් නුරාදා!,..ඉතින් මගේ සැපට දුකට හැමතැනකම එදත් අදත් හෙටත් ඉඳපු,..ඉන්න...නුරාදාට මගෙන් පුංචි ගිෆ්ට් එකක්......!"

ලවන්‍යාට සිනහවක් ආවාය...එය ගිෆ්ට් එකක් නොවේ,........නුරාදාගේ කටේ බලේට කල දෙයක් බව දන්නේ පොඩි දෙනෙක්ය....ලවන්‍යාගේ හිනාව දෙස බලා හිඳි අපූර්වා,..දෑසින් ඇයි කියා ඇසුවාය....ලවන්‍යා සිනාසී,..ඇහි පිහාටු දෙසැරයක් පහත් කොට හිස දෙපැත්තට කරේ මුකුත් නැහැයි කියන්නටය.....අපූර්වා එදෙස බලා හිඳ සිනාසුණාය.....

हम तेरे बिन अब रह नहीं सकते
तेरे बिना क्या वजूद मेरा?

हम तेरे बिन अब रह नहीं सकते
तेरे बिना क्या वजूद मेरा?
तुझ से जुदा अगर हो जाएँगे
तो ख़ुद से ही हो जाएँगे जुदा

क्योंकि तुम ही हो, अब तुम ही हो
ज़िंदगी अब तुम ही हो
ओ-ओ-ओ, चैन भी, मेरा दर्द भी
मेरी आशिक़ी अब तुम ही हो

(Tum hi ho)

ලවන්‍යාටවත් ඇය ගයන ගීතයක් ගැන නොකීවාය...අපූර්වා එය එදාටම කියන්නම් ලෙස මඟහැරියාය....එනමුදු එය හින්දි ගීයක්ය....අපූර්වාටම ගැළපෙන්නක්ය.....ලවන්‍යා මෙය කොහිදෝ හෝ අසා තිබ්බාය....ලවන්‍යා ඈ දෙස බලාගෙනම එය මතක් කරන විට අපූර්වා නැවතත් අර අමුතු විදියටම සිනාසීය.....අපූර්වාගේ දෑස් නවතින්න එන්නේම ලවන්‍යා ළඟමය...වෙන කොහේ නවතින්නද...ඇය නැවතුණේ ඇය ළඟනම්,....මලක් වුව පිපෙන්නේ හරිම ග⁣සකය....නැතිනම් රෝස මල් අරලිය ගස්වල හැදෙන්නට ඉඩ තිබු⁣ණේය......එසේ වුවහොත් මල් නොපිපී ගසම මියැදෙන්නට තිබුණේය....එනමුදු එසේ වුණේ නැත....මන්ද යත්,...ස්වභාදාහම ඒවාට ගැළපෙනම තැන පිපෙන්නට ඉඩ හැර බලා හිඳියා පමණිය....

මීදුම්...Место, где живут истории. Откройте их для себя