මීදුම් 30

180 29 23
                                    

***
ලවන්‍යා,අපූර්වා ගෙතුළින් නික්ම ගිය පසු,⁣සෑම දොරක්ම අඟුලු ලා තම කාමරය තුළට ගොස් දොර ලොක් කර ගත්තාය...බියෙන් සලිත වූ,අප්‍රමාණ ව ගහෙන ඇගේ හදවත අපූර්වා දැකි පමණ රුකවරණය පැතුවාය..
ලවන්‍යා,දොර පාමුල වාඩිගත්තේ රෑටන කඳුළු බිඳු පිසලන්නට වුව,වෙහෙස නොවෙද්දිය..
දණහිස තම පපු තුරුලටම ලං කරගත් ලවන්‍යා,තම දෑස මායිමට පෙනෙන ඡනේලය දෙස බලා හිඳියාය..

කුසුමා කියූ වදන් සිහියට එන වාරයක් වාරයක් පාසා,ඇය හිතින් නේක වාරයක් හැඬුවාය...අපූර්වාගේ ලොකු අක්කා,හීනෙකින් වත් නොහිතන ඒ බැදීම..ඇයට සිතා ගත නොහැකි විය..සේනක මැණිකෙගේ අයියගේ අනියම් බිරිඳ,තම මව බවත්,..ලවන්‍යාගේ,සිත දෙගිඩියාවෙන් පිරිණි...ඇයට එය සිතන්නටවත් අවැසි නැති විය..

ලවන්‍යා,ඇගේ ඒ වේදනාව සිත් පත්ලේම මිහිදන් කළාය...නැවතත් නැවතත් ගිනි පුළිඟු සේ දැවෙන මතක ඇයට වේදනාත්මක රිදවීමක්ය...
"බේබි නෝනා!,"ලවන්‍යා පැයක පමණ කාලයක් තම කාමරයේ මුල්ලක වාඩිගෙන සිටියද,ඇය පසුව ගෙයින් එළියට බැස ගන්නට පෙරමඟට අඩි තබන්නත් කලියෙන්,ඇය දුටුවේ ගෙයි පඩිය මත හිඳගෙන නියපොත්තක් සපන අපූර්වාවය..ඇගේ පුරුදු තවමත් නොවෙනස්ව පැවතිණි...

"එළියට ආවද.."

අපූර්වා නොනැගිටම තවමත් පඩිය මත හිඳගෙනම සිටියාය..ඇය තම මුවඟ උඩට කර ලවන්‍යාගේ මුවඟ දෙස බැලීයෙන් ඇය දුටුවේ ලවන්‍යාගේ සුන්දර වූ සිනහවය...

මං වෙනුවෙන්,..ලවන්‍යාගේ සිත මිමිණුවේ එසේමය..නොනවත්වා ගැහෙන හදවත හරිමඟට ගන්නට නොහැකි විය..ලවන්‍යා අපූර්වා දෙස බලා සිනාසීය...
"මොකද,.."අපූර්වා ඇය දෙස බැලුවේ,ඇගේ හරිමඟ නොවූ සිතටද තරවටු කරමය..

"ම්හ්,නෑ ඔය ලස්සන හරි පිං පාටයි.."ලවන්‍යා අපූර්වා දෙස බලා සිනාසී ඇය අසලින්ම පඩියෙහි හිඳගත්තේ අපූර්වා අනෙක් පස බලා සිනාසෙද්දිය..

"හිනා වුණා!,"

ලවන්‍යා අපූර්වාගේ දෙකොපුල් සිනාසෙන සැටි දැකගත්තාය..
"පිස්සුද,"අපූර්වා ඇගේ සිනහව සඟවගන්නට වෙර දැරුවද ලවන්‍යාගෙන් සඟවන්න⁣ට නොහැකි විය...
"බොරු කියන්නෙපා ⁣බේබි නෝනා,බේබි නෝනා ඇත්තටම හිනා වුණා..!"ලවන්‍යා ඇගේ මුවඟ අපූර්වාගේ මුවඟ අසලට ගෙන ගියේ නැවතත් අපූර්වාගේ හදවත හරිමඟ නොවෙද්දිමය...මෙතරම් වෙලා හැඬු කෙල්ල සිනාසෙද්දි ඇයගේ සිතත් හරි නිදහස් ලෙස සිනාසීය..

මීදුම්...Where stories live. Discover now