මීදුම් 11

163 25 3
                                    

***
අපූර්වාගේ දිගැටි හීනි දෑසට අද නිනව්වක් නැත..ඒ දිගු ඇහිපිල්ලම්,ඒ රවුම් නහය,ඒ සිනිදු දෙකොපුල් රෝස පැහැයට හැරුණු දුඹුරු පැහැ ලවන්පෙති අපූර්වාගේ දෑස සොරාගත් බව සැනකින් කිව හැකිය..

ඇය අකමැති වුණද අද රාත්‍රීයේ ඇයව තමා අසලම තබා ගත් අපූර්වා ඇය අසල කවිච්චියේ නිදන්නට යද්දී කෑගැසුවේ තමන්ගේ හිස කකියන බව පවසමින් ඇයව තමා අසලට ගැනීමටය..දැන් වරුවක කාලයක් මුළුල්ලේ අපූර්වාගේ,දෑස නිදන ලවන්‍යාගේ මුවඟ මත හීන් සීරුවේ සැරිසරයි..

"ම්ම්.."ලවන්‍යා කෙදිරුමක් පිටකරමින් තම පාදයක් අපූර්වාගේ බඳ මතට විසිකෙරුවාය.."ආහ්!"අපූර්වා තම දෑතින්ම දෙතොල් තද කරගත්තේ ඇය ඇහැරේවි යයි බියෙනි.."ම් මේකී,අම්මපා මට මේකිට දෙන්ඩ ⁣තියනවනම් පොල්ලකින් බිමට පතබෑවෙන්න..,සේරම ගෑස් ඇහැරන් ඉද්දිනේ.."අපූර්වා කෙදිරුවේ සිනහවක්ද සමගිනි.."මට තාමත් මතකයි,අද වගේ දවසක මාව බලාගත්ත පොඩි කෙල්ල ගැන..,අදත් ඒකී විතරමයි,මං උබට පොරොන්දු වෙනවා,උ⁣බේ හීන වලට පාර මං හදලා දෙනවා.."අපූර්වා ඇයගේ ගතට පොරොවනය දමා ඇයගේ නළලත හිසකෙස් මත තම අතැඟිලි යවමින්ම නිදි දෙව්දුව වැළඳගත්තාය..
***
හිරු රැස් කවුළු පියන්පත් අතරින් වැටී යහන මත නිදා සිටි ලවන්‍යාගේ නිදි දෙව්දුව පැහැරගත්තේ සැනකෙනි.."ම්ම්,"කෙදිරුමක්ද කරමින් යහන මතින් නැගිට ගත් ලවන්‍යාට දෙලෝ රත් විය..,තමා මෙතරම් වේලාවක් බේබි නෝනාගේ බඳවටා තම පාද යවමින් තිබුණි..

"අයියෝ,තාම බේබි නෝනට හොඳත් නැහැ.."ඇය අපූර්වා හට නොදැනෙන්නට ඇය හැඳ සිටි දුහුල් ෂර්ටය ඉස්සීය..තලෙලු සුදු වර්ණය මත තද රතු පැහැ කැළලක්,සහ දුඹුරු පැහැ කැළලක් තිබිණි.."අයියෝ,මේ දෙකම මං නිසා නේ,මට සමාවෙන්න,දෙයියනේ! මං බේබි නෝනගේ ඇඳේ.."ඉක්මන් වූ ඇය යහන මතින් නැගිටින්නට සෑදුවද අතක් ඇයගේ අත අල්වා යහන දෙසට ඇදීයෙන් ඇය යහනටම වැටිණි..

"ම් කොහේද යන්නේ.."නිදිමත ස්වරයෙන් එසේ ඇසූ අපූර්වා දුටුවේ තමාගේ ඉඟටිය දෙස විසල් කරගත් දෑසින් බලා සිටින ලවන්‍යා ය."උබ මොනවද මට කරේ.."අපූර්වා ඇසූ වදනින් ගැස්සුණු ලවන්‍යා හට වචනද පැටලිණි.."ම් ⁣බ් බේබි ⁣න් නෝනා මං මං මු කුත් කළේ න් නැහැ.."තමාගේ අත අපූර්වාගේ අත මතින් ඉවත්කරගන්නට දඟලන ගමන් ලවන්‍යා හෙමිහිට කෙදිරීය..

"ර් රිදෙනවා"අපූර්වාගේ කට කොනක සිනහව සහ දිගු දෑස බැලීමටත් ඇය බියය.."රිද්දන්න තමයි බන් අල්ලගත්තේ.."අපූර්වා තව තවත් ඇගේ අත තද කළාය..."ආහ් කියනවා මොනවද බැලුවේ.." ,"තුවාලේ දෙයි⁣යනේ!"ලවන්‍යා කෑ ගැසුවාය..අපූර්වා නිමේෂයකින් ඇයගේ අත අතහැර යහනින් නැගිට නාන කාමරයට වැදිණි..
කිසිත් සිතාගත නොහැකිව ලවන්‍යාද ගෙතුළට ගොස් තම මව සොයා ගියේ අතද අතගාගනිමින්ය..

බිම් මහළට පැමිණි සේනක මැණිකේ මුළුතැන්ගෙ⁣ට ගොස් කුසුමා ඇමතීය.."කුසුමා,අරකිට කියපන්,ඉන්නවනම් ඉන්න විදියට ඉදපන්,නැත්නම් පලයන් කියලා,මෙහේ එකිගේ අප්පලා නැහැයි කියපන්.."එසේ කියූ ඇය නැවත ගියාය.."අනේ,දෙයියනේ මොනවද මේ වෙන්නේ.."කුසුමා හට හීල්ලිණි..

"ආ අම්මේ!"ලවන්‍යා මුළුතැන්ගෙට වැදුණු හෙයින් කුසුමා ඇයට සේනක මැණිකේ කියූ වදන් පෙළ කියුවේ ද හූල්ලමින්ය.."අම්මා කියන්න බේබි නෝනට,ම⁣ට අද වැඩ මට ඕවා මතක හිටින්නේ නැහැ,"යැයි පැවසූ ඇය අද දින උදයේ සිදුවූ සිද්ධිය මතක් වී එසේ පවසා නික්ම ගියාය..

"ආහ්!"තමාගේ ප්‍රතිබිම්බය දෙස බලා සිටි අපූර්වා තම හිස අල්ලාගෙන කෙදිරුවාය..
"ලවන්‍යා,ලවන්‍යා!"අපූර්වා කන්නාඩිය දෙස බලා මිමිණීය.."උබ ⁣ඒක දැක්කද.."අපූර්වා පිස්සියක මෙන් තමන්ගෙන්ම විමසීය.."මොනව හිතන්න ඇත්ද,මං ඡරා ගෑනියෙක් කියලා හිතන්න ඇති..,මං මහා නරකම නරක ගෑනියෙක් ඒකිට මාව එපා වෙන්න ඇති.."අපූර්වා මුවඟ මතට වතුර බිඳු කීපයක් විසිකොට ගෙන දෑත් මතින් මුවඟ පිසදාගත්තේ හිත එක්තැන් කොට ගැනීමට,කාමරය⁣ට වැදී තවත් ටික වෙලාවක් සිවිලිම දෙස බලා හිඳීමටය..

***

🌺🌼

මීදුම්...Where stories live. Discover now