මීදුම් 37

184 27 16
                                    

***
"ලවන්‍යා!,"

අපූර්වා වලව්වෙන් ආ ගමන් පටන් සිටම ගිරවියක සේ නොනවත්වා ප්‍රශ්න අසන්නට විය..ලවන්‍යාද යම් යම් දේ අසන්නට වුණද ඇය වැඩි හරියකම ඇගේ ප්‍රශ්නවලට උත්තර සැපයුවාය..එතැන් සිට ආ ගමනේ සිනාසෙන තැන් එක්ක මුරණ්ඩුකම්,එකතු වෙච්ච ගමනක් ඔවුන් දෙදෙනාම එකා හා වින්දහ..
අපූර්වාගේ මුවෙහිම තිබියේ,"ලවන්‍යා!,"යන පදය පමණක් බව ඇගේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙච්ච ලවන්‍යාට නොතේරුණා නොවේය..

"ලවන්‍යා!,බය නැත්ද කවදාවත් අඩිය තියලා නැති තැනකට යන්න..!"අපූර්වා නේක විඳ වර්ණ ගන්නා අහස් තලය හවස් ඡාමෙට රැස් වනකොට ඇය එදෙස බලාම කොළඹ දෙසට ඇදී ගියාය..ඉදින් ලවන්‍යා කොළඹ අහසට පා නගන්නේ අපූර්වා වැන්ම තනිව නොවීය..අපූර්වාද සමඟය..

"ම්හ් නෑ..මට විශ්වාසයි බේබි නෝනාත් මාත් එක්කම ඉන්න නිසා..දන්නවද..අපේ අම්මා මේ ගමන යන්න ඉස්සෙල්ලා වුණත් නෝනා උබව පරෙස්සම් කරන් එක්ක යයි..කියලා හැම වෙලා⁣වකම වගේ කියවනවා..අපේ අම්මා සේනක මහත්තයා විස්වාස කරනවා වගේම බේබි නෝනවත් විස්වාස කරනවා..ඉතින් අපේ අම්මා එහෙම කිව්වම මං මොකට බය වෙන්නද..බේබි නෝනා ඉන්නවනේ..!"ලවන්‍යා අපූර්වා දෙස බලා පැවසුවේ සිනහවකින්ය..ඒ උවනතවල් සිනහවෙන් ඩැහැ ගෙන සිටියි..නොදැනම හෝ අපූර්වා,ත් ලවන්‍යාත් මුළු හදවතින්ම පිරිච්ච හැඟීමක් විඳගත්තේ අවුරුදු කීපයකට කලියෙන්ය..ඉදින් අදත් ඔවුන් ඒ පිරිණු හැඟීම යළි යළිත් සිත් කොන්වලට පිරෙන්නට හැරියහ...

"අම්මගේ වචන විතරමද..!"අපූර්වා අසන්නට විය..දවසම රථය තුළ සිනාසෙන රණ්ඩු වෙන,හඬවල් පමණක්ම පිරී තිබුණේය..මෙතෙක් කල් අපූර්වා තනිව තනිවූ කාරය තුළ අද සිනහ කතා රැසක නිවහනක් විය..
"නෑ!,මට විශ්වාසයි..කවදා කොහොම ඇතිවෙචච දෙයක්ද නම් දන්නේ නැහැ..ඒත් මට බේබි නෝනගේ හැම වැඩක්ම පිටිපස්සේ විශ්වාසය කියන දේ පිරිලා තිබ්බා කියලා විතරක්ම දැණුනා..නැත්නම් මගේ විශ්වාසය බේබි නෝනව පුදුම විදියට පොඩි කාලේ ඉදන්ම විශ්වාස කරනවා..!"ලවන්‍යා සිනාසීය..ඔවුන් ගමනේ අවසානය සොයා ආවේ අපූර්වාගේ නිවසටය..ඉදින් එය තනිව ඇය කල්ගෙවූ තැනකි..

මීදුම්...Where stories live. Discover now