මීදුම් 19

156 24 1
                                    

***
දවස් කීපයක් ගෙවී ගිය තැන ඇය කියූ සඳුදාව එළැඹිණ..දවසින් වැඩි හරියකම ඇගේ සින්දුවෙහි වැඩකටයුතු හේතු කොට ගෙන ලවන්‍යා සමගද වැඩි කතා බහක් නොවන්නට විය..

"ආහ්,හරි කේශාන්,මං හෙට උදේම එනවා..බායි"අපූර්වා අතැතිව තිබූ දුරකථනය යහන මත තැබුවේ හෙට දින උදයේම ඇයට කොළඹ යෑමට තිබෙන බව සිතමින්ය..
"අරකි මොනවා කරනවද දන්නේ නැහැ,දැන් වෙලාවත් හතයි පහයි..බලමු කෝල් එකක් අරගෙනම.."මුවඟ මත ඇදෙන අමුතුම සිනහව සමඟ ඇය තැනැත්තෙකුගේ නම්බරයක් මත අතැඟිලි තැබුවාය..

"හෙලෝ..."
"ඕ නෝනා,මේ මම අපූර්වා.."ලවන්‍යා කුස්සියේ සිටියේ කුසුමාට උදව් කරමින්ය..නම ඇසූ පමණින් ඇය කුස්සියෙන් කාමරයට පැනගත්තේ මැය කියන ඒවාට මොනවා කියන්නදැයි ද සිතමින්ය..
"අද වැඩේ මතකද..ම්ම්.."අපූර්වා ඇසුවේ හීන් කටහඬකිනි..
"ඔව්,බේබි නෝනා මං අටයි තිහට විතර එන්නම්.."
"ආහා..අට වෙද්දි වලව්වේ මගේ කාමරේ ඉස්සරහ ඉන්න ඕන..⁣"
"හ්ම්ම්,හරි බුදු සරණයි ⁣බේබි නෝනා.."ලවන්‍යා දුරකථනය අතට ගත්තේ සංවාදය නවත්වන්නට වුව මැය සමඟ කිසිත් බැරි බව යළි යලිත් පසක් විය..
"මං කිව්වද තියන්න කියලා..දැන් නම් ඉතින් නිදිමතයි කිව්වත් බේරෙන්න නම් බෑ නෝනට.."අපූර්වා සමච්චලේට කිව්වාද,ලවන්‍යාගේ ලැඡ්ඡාව දෙගුණ තෙගුණ විය...
"හා හා තියනවා,බුදු සරණයි!"ලවන්‍යාගේ
නිහඬතාව මද්‍යයේම පැවසූ ඇය එය විසන්ධි කර දැමීය...
"ඒ මොකක්ද වුණේ,බේබි නෝනට තරහ ගියාවත්ද...අයියෝ!,
මේ මිරිස් කරලක් මට්ටු කරන්නත් වෙලානේ.."
ලවන්‍යා හීල්ලුවේ,දුරකථනයේ අපූර්වාගේ අංකයට කෝල් එකක් දෙන ගමන්ම ය..

"කට් කරා නේද මේ කෙල්ල,අයියෝ තරහ වෙලා ඇති.."ලවන්‍යා තකහනියක්ම හැඳ පැළඳ ගැනීමට සූදානම් වුණේ වලව්වට යන්නටය..

"අම්මපා,බලාපන්කෝ මේකිගේ,ගෑස් බැහැලා වගේ.."අපූර්වා ලවන්‍යාගේ අංකය කට් කර දැම්මේ එසේ මුමුණන ගමන්ය..
"දැන්,එයි..අපි බලමුකෝ නෝනා..හෙට ඉදන් ඔයාට වෙනමම ඡීවිතයක් තමයි තියෙන්නේ.."අපූර්වා මේසය මතින් දුරකථනය තබා කාමරයෙන් පිටව ගියේ මුවඟ මත ඇදි සිනහවත් සමගින්ය..

පිට මතට වැටුණු කඩා හැලෙන වරලස පීරාගත් ලවන්‍යා නිල් පැහැ දිගු ගවුමක් හැඳ කන්නාඩියෙන් තමා දෙස බලා හිඳියාය..."දෝණීයේ,කොහේ යන්නද මේ.."කාමරය තුළට අවුත් කුසුමා ලවන්‍යාගේ හිස අතගා ඇසුවේ ආද⁣රයෙනි..

"ආ අම්මා බේබි නෝනා හෙට කොළඹ යනවා කිව්වනේ,අද මාත් එක්ක පන්සලට යන්න ඕන කිව්වා.."යහන මත වාඩිගත් ලවන්‍යා කුසුමාවද වාඩි කරවා ගත්තාය..
"පව් දෝණී,ඒ පොඩි කෙල්ල..මට මතකයි ලොකු මහත්තයා ඉඳි කාලේ ඒ කෙලි පොඩ්ඩ ලොකු මහත්තයගේ කරේ එල්ලිලා පන්සලට ගෑටුව හැටි.."කුසුමා තම දෑස රෙදි ⁣පොටෙන් පිසදා ගත්තේ ලවන්‍යාටද කඳුළු උනවමිනි...

"ආ අම්මට ලොකු ඒ පොඩි කෙලීව,මේ අහිංසක රටක් වටින දෝණීව ඕන නෑ.."ලවන්‍යා සිනාසී කුසුමාවද හිනැස්සුවාය..

"දෝණීයි,නෝනයි පරිස්සමෙන් ගිහින් එන්නකෝ,ම්.."ලවන්‍යාගේ හිස අතඟා කුසුමා කාමරයෙන් එළියට ගියද,ඇය තවමත් ඇගේ බේබි නෝනාගේ ලෝකයේය..ඇය මදනලට එහෙ මෙහෙ දිවෙන සුදු පැහැ ඡනෙල්,තිර රෙදි අතර අතරමං විය..

"අදටත් මං ආස ඔය ලස්සන කටහඬෙන් එදා මට කිව්වා වගේ සින්දු අදත් මං වෙනුවෙන්ම කියනවනම්.."ලවන්‍යා⁣ට මොහොතකට සිතී ගියේ,අපූර්වා සහ ඇගේ කෙළි සෙල්ලම් කරන කාලය මතක් වීමෙන්ය..⁣පොඩි කෙල්ල කාලේ,ඉදන්ම දෙතොලත සින්දුවක් තිබෙනවා නොඅනුමානය..
ලවන්‍යා,යහන මතින් නැගිට ගත් ඇය කාමරයෙන් පිටව ගියේ,සිත තුළ මොහොතකට ඇය ගැන ඇති වූ ආත්මාර්ථකාමී හැඟීම් නැති කරගෙනය..

***
🌷❤️



මීදුම්...Where stories live. Discover now