මීදුම් 31

195 25 13
                                    

***
අඳුර වැටෙන්නට පෙර අහස නේක වර්ණ රටා මවද්දි හවස පහේ කනිසම ලවන්‍යාට බියවෙන්නට කාරි සෑදුවේය...
"බේබි නෝනා!,මේ හවස් ඡාමේ දොළවල් වල නාන්න පිස්සුද දෙයියනේ!,"ලවන්‍යා නළලතෙහි දෑතක්ද ඉඟටියෙහි අනෙක් දෑතද දත කරන් නිහඬව තමන්ගේ උවනත දෙස උවමනාවෙන් බලා හිඳින අපූර්වාට කෑ ගසන්නට විය...

"බෙරිහන් දෙන්න එපා!,මට කන් දෙකක් තියෙනවා..."අපූර්වා තම දෑත් තමා දෙපස
බැඳගත්තේ ඇය දෙස හීනි ඇස් බැල්මක්ද දමන ගමනය...
"හරි!,ඒත් යන්න බැහැ"ලවන්‍යා අපූර්වාගේ දෑස් දෙස බැලුවේ කලබලකාරීත්වයෙන්ය....

ලවන්‍යා දෑස් බිම හරවද්දි අපූර්වා ඒ දෑස් දෙස බලන්නට මහත් වෙර දැරුවාය...
"ලවන්‍යා!"අපූර්වාගේ සුන්දර වූ කටහඬ ලවන්‍යාගේ සවන් පතුලෙහි ගිලී යද්දි ඇය තවමත් ඇගේ දෙස නොබලා දෑත් තද කරගෙන බිම බලා සිටියාය...

"හරි අපි යන්නේ නෑ!"අපූර්වාගේ වදනින් ගැස්සුණු ලවන්‍යා ඇගේ දෑස් අපූර්වා වෙත හෙලීයෙන් අපූර්වා ඇගේ සතුටින් පිරී සිනහව ඕනෑවටත් වඩා දැකගත්තාය...
"ඇත්තමද.."අපූර්වාගේ දෑත කිසිත් නොසිතාම ලවන්‍යාගේ දෑත් අතර සිර වෙද්දි තමන් දෙදෙනාම උවමනාවෙන් ම බලා සිටි තම දෑස් මඟහැර දෙදෙනාම තම දෙඅත් පැටලී ඇති සැටි දැකගත්තාය....

තත්පර ගානක එක් නිමේෂයක තම තමන්ගේ දෙඅතින් තම තමන්ගේ දෑසටම එකටම පියනැගූ ඔවුන්,...
"අපූර්වා!"සේනක මැණිකේගේ ගිගිරුම අකුණු පහරක් සේ සවනට වැකෙන්නට විය...

තුෂ්ණිම්භූත වූ ලවන්‍යා තවමත් තමා අල්ලා සිටින දෑත් අතහරින්නට වෙර දරද්දි,අපූර්වා ඇගේ දෑත් තදකර අල්ලාගෙන සිනා සී ඇගේ උවනත අසලටම ලං වුණාය...
ලවන්‍යා ඇගෙන් පසෙකට වන්නට යද්දි ඇගේ උවනතට මඳක් දුරින් තමන්ගේ උවනත ගෙන ආ අපූර්වා යළිත් සිනාසී,
"තමුසෙට බැරි නම් මම යනවා!"අපූර්වා ඇගේ දෑත් අත්හැරියේ ලවන්‍යාගේ දෑස් දෙසද වරක් බලා දෑසක්ද ඉඟි කරමය..

"ඒත්!,තනියම යන්න ප්පිස්සුද"ලවන්‍යා හඬ වැඩි කරමින් ඇසුවේ අපූර්වා දොර දෙසට යද්දිය...
"ඔය ඉන්න කෙල්ලත් එනවනම් ඉතින් තනියක් නෑ!"අපූර්වා සිනාසී කාමරයෙන් පි⁣ටතට යන්නට සෑදුවත් නැවත වරක් ලවන්‍යා ඇගේ දෙස බලා හිඳිද්දි දෑසක් ඉඟිමරාම යන්නට විය...

මීදුම්...Where stories live. Discover now