මීදුම් 21

180 22 3
                                    

***

බෝ කොළත් වට්ටවාගෙනම හැමූ සිසිල් මඳ නල ගත වටා දැවටෙද්දි දැනෙන සිසිලස නම් මේ හේනගල පන්සලෙන් විතරමය විදිය හැක්කේ....
දෝතින්ම මල් වට්ටිය අල්වාගෙන සිටි ලවන්‍යා සුදෝ සුදු දිගු ගවුමට අද නම් පන්සලටම පෑහෙන නිස්කලංක රුවක් බව අපූර්වාට දැනී ගියාය..

දොහොතම මුදුනට ගත් ලවන්‍යා බෝ රුක දෙසට හැරී වැන්දේ අපූර්වාටද වඳින්න යැයි ඔවුන්ගේ දෑස් භාෂාව මතින් පැවසීමෙන්ය..
ඇය නම් සිටියේ,මේ දකින සංසුන් රුවට වශී වීගෙනය..
,"මේ කෙල්ලව මට පුළුවන් උපරිම තැනට ගෙනියනවා මං,ඒ වගේම මේ දඩබ්බර අහිංසකීව පරිස්සමෙන් බලාගන්නත් මං අද මෙතනදීම පොරොන්දු වෙනවා,ඡීවිතේ මොන දේ වුණත් මං ළඟම හිටපු මේ අහංසකීට ලස්සන ඡීවිතයක් හදලා දෙනවා.."අපූර්වා තමන්ටම පොරොන්දු වුණේ ඒ සංසුන් රුව දෙස බලාගෙනමය..

"ඉස්සර,නිල් කටරොල් මල් පිස්සුවෙන් වගේ කැඩුවේ කාට දෙන්නද.."අපූර්වා සිනා සී මල් පූඡා කරන ලවන්‍යාගෙන් ඇසුවාය..නමුදු එය ගණනකට නොගත් ඇය,"බේබි නෝනා මෙහෙ ඇවිත් බුදු හාමදුරුවන්ට මල් පූඡා කරන්න.."..
අපූර්වා හෙමිහිට ඇගේ ළඟින්ම හි⁣ටගත්තේ ලවන්‍යා තරමක තිගැස්සීමකටද ලක් වෙද්දිය..
"මේ නිල් කටරොළු මලක්.."අපූර්වා නිල් පැහැ කටරොළු මල ඇය අතට ගෙන ලවන්‍යාට දිගු කළාය,"පූඡ..කරන්න.."ලවන්‍යා පැවසුවද අපූර්වා,"මං මේක ගන්නවා..මගේ නිල් කටරොල් මල⁣ මේක..පව් නැහැ,එයා මගේනේ.."ඇය එය ඇගේ අතේ තබාගත්තේ ලවන්‍යාගේ හොර ඇස් එය දැක සිනාසෙද්දිය..

බුදු කුටියෙන් පිටතට අවුත්,අපූර්වා එක්වරම,කෑගැසුවේ..
"මීදුම!,මං ආසම මීදුම ඇවිත් මාව එකසැරේම වහගන්නවට.."අපූර්වා කෑ ගැසුවේ ලවන්‍යා ද තිගැස්සී යද්දිය..
ඇය කෑ ගැසුවේ ඈතින් පෙනෙන කඳු වැටි මත වරින් වර ඇදී යන මීදුම දැක්ක විටය..

"දෙයියනේ,බේබි නෝනා...මේ පන්සල.."ලවන්‍යා අපූර්වාගේ අත අල්වා ගත්තේ,අපූර්වා ඇය දෙස බලා සිනාසෙද්දිය..
"හ්ම්ම්,පන්සල..මතකද අපි මෙතනට ආව දවස්,නිල් කටරොල් මල් හොරකම් කරපු පොඩි කෙල්ලව..මතකද.."ලවන්‍යා රත් වී ගෙන එනවාක් මෙන් ඇයට දැනුණේ මේ අපූර්වාගේ වචන නිසාය..

පන්සලට ගොස් එහි නිදහස් කාලය ගෙවා දැමූ ඔවුන්,යන්නට සැරසුණේ අපූර්වා කියූ තැනකටය..
කාරයට නැග ගත් ඔවුන් අතර මීක් කියාවත් ශබ්දයක් නොතිබ්බ හෙයින් අපූර්වා කටහඬ අවදි කළාය..
"ඇයි යකෝ බැලුවත් ඇත්නම් බුම්මන් ඉන්නේ.."සුක්කානමට පාරක් ගැසූ අපූර්වා බැලුවේ දෑස් ලොකු කරගෙන,"මේකිට පිස්සුද"වගේ බැල්මක් හෙලාගෙන සිටි ලවන්‍යා දෙසය..

"ම්ම්,බේබි නෝනා ඕන දෙයක් අඅහන්න.."ලවන්‍යා ඇය දෙස බලා දුරකථනය දෙස බලාගත්තේ,එය පැවසුව ගමන්මය..
"ම්ම් හාහරි,මට කියන්න,ඔබතුමී කන්න
ආස මොනවද.."අපූර්වාගේ ප්‍රශ්නයට ලවන්‍යාගේ දෙතොල් තද විය..මන්ද ඇයගේ තොල් අතරින් පනින්නට දඟලන සිනහව නිසාය..
"ඇයි බන්,මං දැන් ඇහුවා,දැන්.. තියෙන්නේ උත්තර දෙන්න.."අපූර්වා ඇගේ සිනාසෙන මුවඟ දෙස සැරින් සැරේ බැලුවේ ඒ ඇය සිනාසෙද්දි වළ ගැහෙන කම්මුල් වලට ඇය ආස නිසාය..
"ම් විශේෂ දෙයක් නැහැ,මං ආසයි අපේ අම්මා හදන පරිප්පුවටයි,පලා මැල්ලුමටයි,පොලොස් කරියටයි තව ඉතින් ඒකට ගැළපෙන්නම හදන,මාලු හොඳියටයි තමයි.."

"ඕ,ගමේ කෑම වේලකටද,මං වෙලාවක හදලා දෙන්නම්.."අපූර්වාගේ වචන ටික ඇය ආපසු ගිලගත්තනම් හොඳ යැයි ඇයටම සිතිණ..
"නෑ මේ මං කිව්වේ,මේ මං බැන්දම අපේ ගෙදර එන්න වෙනවනේ,එ⁣තකොට මං ඒවා හදනවා කියලා"අපූර්වා ලවන්‍යාට ගොං හිනාවක් පෙන්වූවාය..
මගේ කටටත් ඉතින් කියවනවම් සේරම ඇදබෑව හැකියි..අපූර්වාට සිතිණි..
"ආම්,මේ බේබි නෝනා බඳිනවයි කිව්ව මහත්තයා ලොකු නෝනා හොයපු කෙනෙක්ද.."ලවන්‍යා උදේ සේනක මැණිකේ පැවසූ වදන් එක්කොට එය විමසුවේ දැනගැනීම කෝකටත් හොඳ නිසාය..

"ආපෝ!,නෑ මේ ආහ් ඉතින් ඒක  මොක⁣ටද.."අපූර්වාට ප්‍රශ්නයකි..මෙතරම් වෙලා බුම්මගෙන සිටි ලවන්‍යා කොහෙවත් යන මඟුලක් ගැන අහන්නේ මන්ද යැයි.."අහ්ම් නෑ මේ රුවන් මහත්තයා අද වලව්වට එනවා කියලා ලොකු නෝනා කිව්වා..".."ආහ්!,බේබි නෝනා.."

****
🌹🌼

මීදුම්...Where stories live. Discover now