මීදුම් 17

164 21 3
                                    

***

ලවන්‍යා තරප්පු පෙළ මතින් දිව ආවේ කලබලයෙන්ය..තමා කළ දේට ඇය දහස් වරක් ලැඡ්ඡා වුණේ තමා විසින්මය..
පහත මහලයට අවුත් ඇය ඉක්මනින්ම වලව්වෙන් පිට වුණේ සේනක මැණිකේත් පෙනෙන්නට නැති තැනය..

"උබ මට පිස්සු හදවලා තමයි නවතින්නේ.."තම නළලත මත අතැඟිලි සීරුවට ගෙන ගිය අපූර්වා මිමිණුවේ සිනහවක්ද මුවඟ මත තබාගෙනය..

මේසය මත තිබූ දුරකථනය අතට ගත් ඇය එහි වූ අංකයකට ඇමතුමක් දීමට සැරසුණත්,"තව ටිකකින්ම බලමු.."යැයි මුමුණා සෙටි⁣යෙන් බැස යහන මතට ගියාය...

"කොහේද කොහේද දෝණියේ තකහනියක් දිව්වේ..මේ රෑ ඡාමේ"කුසුමා දිව ආවේ තම දියණිය ගෙතුළට අඩිය තබද්දිය.."ආ නෑ අම්මේ බේබි නෝනා අසනීපෙන් වගේ හිටියේ,මං බලලා ආවා.."සෙටිය මත හිඳගත් ඇය තම දෑගිලි ⁣තද කරගත්තේ ද තවමත් නිම නොවුණු ලැඡ්ඡාව නිසාය..

"අනේ,දෝණියේ පව් බන් ඒ කෙලි පොඩ්ඩ..ලොකු නෝනගේ අහලකින්වත් තියන්න බැහැ..ඒ තරම් හොඳ එකී.."කුසුමා හූල්ලමින් දොර පාමුල පඩියේ හිඳ ගත්තද,ලවන්‍යාට සිනහවක් නැගිණි..

"උබ මොකද හිනාවෙන්නේ..ඇත්⁣ත නෙවැ කීවේ,ඒ කෙලි පොඩ්ඩ උබටත් වඩා හොඳයි.."කුසුමා ඇයට පැවසුවේ තරවටුවෙනි.."ආආ,අම්ම⁣ට ⁣හොඳ කෙලි පොඩ්ඩක් වෙන්න ඇති..මටනම් මහ නයි මිරිස් කරලක්..ඇත්තමයි.."ලවන්‍යා කුසුමා අසලම හිඳගත්තේ සුසුමක්ද වාතලයේ පා කරමින්ය..

"ඒ කෙල්ල,පව් දෝණියේ,අම්මා අප්පා නැතිව අවුරුදු ගානක් තනියම ඡීවත් වෙච්චි එකීනේ..".."ඒකනම් ඇත්ත අම්මේ,වෙලාවකට පොඩි දරුවෙක් වගේ මං ළඟම උන්නු එකී,අද මෙහෙම දරදඬු වෙලා ඉද්දි ම⁣ට ඒ ලාමක පොඩි එකීව මතක් වෙනවා.."..

"ඒත් දෝණියේ ඒකීගේ ගති පැවතුම් මහත්තයගේ වගේ වුණාට එහෙම් පිටින්ම සේනක මැණිකෙමයි.."
"අම්මෝ,ඔව් අම්මේ ඒකී පිපිරුවම එහෙම් පිටින්ම අර අම්මණ්ඩි වගේමයි.."⁣කුසුමා ලවන්‍යා දෙස බැලුවේ කෝපගත් දෑසිනි..

"අම්මණ්ඩි,කාට හරි ඇහුනනම් උබත් කපෝතියි..මාත් කපෝතියි..හා හා පලයන් ගෙට,"ලවන්‍යා හිඳ වුන් තැනින් නැගිට්ටේ සිනහවෙමින්ය.."ආ ඒක නෙවෙ නංගී කෝල් කරේ නැත්ද.."ලවන්‍යා හිටි තැනම නැවතිණි.."ආ න්නෑ අම්මේ.."

රාත්‍රී පොද වැස්ස ලවන්‍යාගේ සිත නුහුරු හැඟීමකින් පිරවීය..අද දින වූ දේවල් සිහිනයක් මෙන් එක පෙළට ඇගේ සිත තුළ රිවයින් විය.."බේබි නෝනා කාලද දන්නේ නැහැ.."ඇය⁣ට සිතී ගියේ නිමේෂයෙනි..ඒ නිමේෂයේම ඇගේ දුරකථනය හඬ නගන්නට විය..

"කවුද මේ දන්නේ නැති නම්බර් එකක්..දසුනිගේ අලුත් නම්බර් එකද,අරගෙනම බලමු.."
එහාපසින් කිසිඳු ශබ්දයක් නොමැති වුවත් පොද වැස්ස සිරි සිරි ගා වැටෙන හඬ ඇගේ සවන්පතට වැකිණ..

"හලෝ,කවුද මේ කතා කරන්නේ.."
ලවන්‍යා හඬ අවදි කළාය..
නිශ්ශබ්දතාවය පිරී පැවතිණි..
"හලෝ,"
වැඩකට නැති නම්බර් එකක්,ඇයට සිතිණි..
"හෝ හෝ,නෝනා තියන්න එපා.."ඒ කටහඬට ලවන්‍යාගේ හදවත තිගැස්සී ගියාය..
"බ්බේබි නෝනා,මේ මගේ නම්බර් එක කොහෙන්ද.."
"ඒක තමුසෙට අදාළ නැහැනේ.."අපූර්වා මඳ කෝපය මතින් පැවසීය..
"මොකෝ කතා නැත්තේ..,කටේ පිට්ටුද..ආ"
"ආ මේ මට නිදිමතයි බේබි නෝනා..ඒක නිසා"
"නිදිමත නිසාමද දන්නේ නැහැ රෑ අටට විතර වලව්වට ඇවිත් කෙල්ලන්ගේ නළලවල් ඉඹලා දුවලා යන්නේ.."ලවන්‍යාට ලැඡ්ඡාවක් සිතිණි..
"අනේ සොරි,බ්බේබි න්නෝනා..,මං තියනවා,බුදු සරණයි.."ඇය ඉක්මනින්ම තියන්නට සැරසුණද එහා පස ඇසුණු කටහඬ නිසාවෙන් නැවතිණි..
"හෝව්,හෝව්,මං තියන්න කිව්වද දැන්.."
"න්නෑ,ඒ වුණාට මට නිදිමතයි,බේබි නෝනත් නිදාගන්න,බුදු සරණයි.."ඇය අණ නොතකාම තිව්වාය...ඇය දැනුනු ලැඡ්ඡාවට දෑතින්ම මුවඟ වසාගත්තේ හඬමින්ය..

"අයියෝ,මං කරපු මෝඩ වැඩක්.."
ඇය යහන මත දිගා වී පොරොවනය මතට ගුලි වුණේ හෙට දින පිපිරුණු නයි මිරිස් කරලක් නොදැක බේරී ඉන්නේ කෙසේදැයි සිතමිනි..

***

😁❤🌸

මීදුම්...Where stories live. Discover now