මීදුම් 23

156 23 3
                                    

***
හවස පහයි,තිහ වෙන්නත් පෙර නිමිති කොට සිටියද,අපූර්වා,ලවන්‍යා සමඟ තවමත් මුහුදු වෙරළක වාඩිගෙන සිටියහ..

"අම්මේ,තව ටිකකින් එනවා කියන්න..."ලවන්‍යා දුරකථනයෙන් කුසුමා සමඟ කතා කරන සැටි අපූර්වා බලා සිටියාය...
"අනේ,බේබි නෝනා පහේ කණිසමත් පහුවෙච්ච එකේ අනේ දැන් යමුකෝ,ලොකු නෝනා යස්සනී වෙලාලු.."ලවන්‍යාගේ දෑස් තිගැස්සී ඇත..

තව ටිකක් පිටුපසට වූ අපූර්වා වෙරළ තීරය මත දිගෑදුණේ හොඳ හුස්මක්ද ගනිමිනි..සුවදායක මූදූ හුළඟට ගතම නිවෙන සැටිත්,එක්කම අපූර්වා සුසුමක්ද මඳ පවනට පා කළාය...
"දෙයි⁣යනේ,බේබි නෝනා..."ලවන්‍යා හීල්ලු⁣වාය..ඒවා ගනනකට නොගත් අපූර්වා දෑස් තදකර කටහඬ අවදි කළාය..
"මෙතනින් හාන්සිවෙන්න.."ඇය පැවසුවද ලවන්‍යා ගනනකට නොගෙන පසෙක බලා
ගත්තාය..ලවන්‍යා මූදූ වෙරළෙහි,අපූර්වාට  වියතකට පමණ දුරකින් වාඩිගෙන මූදු රළ නගන සැටි,දැකගත්තාය..
ක්ෂණයෙන් ක්‍රියා වූ අපූර්වා,තම දෑතෙන් ඇගේ අත ඇඳ තමා අසලට ඇදගත්තාය..
මොහොතකට පමණ කාලය නතර විය..
ලවන්‍යාගේ හිස අපූර්වාගේ දෑතක් මතවිත් නතර විය..

"බේබි නෝනා.."ලවන්‍යා දැගලුවද,අපූර්වා කිසිත් නොකළාය..

"කෑනොගහා ඉන්නවා,මම මරන්නේ නැහැ.."

ඇය මිමිණීය..
ලවන්‍යාගේ හදවත පිස්සුවෙන් මෙන් ගැස්සීය..

ඇයට අදහන්නට නොහැකි විය..
ලා තැඹිලි පැහැ,වර්ණ සංකලනය මතින් රටා ගැන්වුණු අහස,කිරි සුදු පැහැ,රළ නගන මුහුද,නිනව්වක් නැති මූදූ හුළඟ,ඇගේ ළගින්ම සිටින අපූර්වාව..මේ හැම දෙයක් එක්කම ඇය පුංචි කාලේ සිතූ පැතුමක් ඉෂ්ට වූවා සේ දැනිණ...

තම දෑස තදකර වසා නැවත විවර කරද්දි,ඒ දෑස් මතින් කඳුළු බිඳුවක් ගලා ගියේය..ඇයට මෙය සිහිනයක් විය..ඇය දෑස් වසා සිටි අපූර්වා දෙස බැලීය...ලවන්‍යාගේ අහිංසක සිතට අද නිසංසල දැහැනක් සම වැදුණාක් මෙන් දැනීය..කොයිතරම් වහන් කරන්න හැදුවත්,ඇයට නොහැකි,මේ තියුණු දෑසෙන් බේරී ඈතකට දිවයන්න...

ඇය බලද්දි,අපූර්වාගේ දෑස් ඇය දෙස බලා සි⁣ටිායේය...ලවන්‍යා අනෙක්පස හැරී කඳුළු පිසලුවාය.."හැංගුවට වැඩක් නැහැ,දැකලා ඉවරයි.."අපූර්වා,වෙරළ මතින් නැගිටගත්තේ,ලවන්‍යා ඇය දෙස බලා ඉද්දිමය..ලවන්‍යා නැගිට ගත්තේ අපූර්වාද නැගිට ගත්තායින් පසුවය..

නිශ්ශබ්දතාවය මතින්ම මුදූ රළත් සමඟම පියමැන්න ලවන්‍යාගේ..නිරුවත් දෙපා දෙස පසුපසින් ඇවිද ගිය අපූර්වා දිටීය...ලවන්‍යාගේ මැකෙන පා සටහන් දෙස බලා සිටි අපූර්වා රළනගන්නට පෙර ලවන්‍යාගේ පා සටහනක් මත තම පාදයද එකළගින්ම සටහන් කළාය..අපූර්වා සිනාසීය..

කාරය අසලට ලං වූ අපූර්වා මූදූ හුළඟට ලතාවකට එහා මෙහා දුවන ලවන්‍යාගේ හිස කේ දෙස බැලීයෙන්,ඇයට ක්ෂිතිජ මායිමෙන් බැසගෙන යන හිරු එළිය මතින් සොඳුරු සිත්තමක් දෑසට හසුවිණි....ඇය තමා අතැතිව ඇති දුරකථනයෙන්,ඇගේ පින්තූරයක් ගෙන සිනාසුනාය..ඇගේ,හැම සිනාසීමක් පිටුපසම ලවන්‍යා,නම් තරුණිය ඇය කුඩා කල සිට සිටි බැව් අපූර්වා,දැන උන්නාය..

"ඉක්මනට යමු,බේබි නෝනා..දැනුත් හය පහුවෙන්න ළඟයි...."කාරයට නැගී හෙතෙම ලවන්‍යාගේ කංකරච්චලය,ගෙදර යන්නටමය..
"හරි හරි යකෝ,යන්.."අපූර්වා කාරයේ දොර තදින් වසාගෙනම නැග්ගේ ඇයටද කෑගසාමය...සුක්කානමට අතට ගත්,ඇය කාරය ප්‍රධාන මාර්ගයට දමා ගත්තේ සේනක වලව්වට ගමන අරඹන්නය..

"ආන්,එනවා පොඩි දෝණී.."වීරරත්න මැණිකේ,කෑ ගැසුවේ,වලව්⁣ව එපිට පාරේ එන කාරය දැක්මෙන්ය..
"ආ,හරි වෙලාව එන..අර කුසුමාගේ එකීට මම කිව්වා කලට වෙලාවට එක්ක වරෙන්ය කියලා,කොහෙද..ඉතින්,ඒකිත් අරකිගේ සල්ලි කූට්ටමට විද විද ඉන්ට ඇති.."සේනක මැණිකේ,ඔසරි පොට ඉනට තද කර ගත්තාය.."අනේ,අම්මපා..අපේ දෝණි දුක් මාන්සියෙන් හම්බ කරන සල්ලි වලට විදින්ට එන ගෑනූ නෙව,පරෙස්සම් වෙයන් කියන්ට ඕන.."වීරරත්න මැණිකේද,දුම් දම දම කෑගැසුවාය..

කාරයෙන් බැසී,අපූර්වා ලවන්‍යාත් සමඟම වලව්වට එන්නට ආ⁣වද,"බේබි නෝනා යන්ඩ,මම ගෙදර යනවා..වලව් පැළැන්තියගේ කතා අහන්න අපි මොක්කුද.."ලවන්‍යා වලව්වට යන්නට අදි මදි කරමින්,පැවසුවාය..
"මං වලව් පැළැන්තියක නෙවෙයිනේ...ඒක නිසා මේ උන්,මක්කු උනත්..ලවන්‍යාට පුළුවන් මාත්,එක්ක එන්න,ඒකත් ඉතින්,මේ වලව්ව නුපුරැදු තැනකුත් නෙවෙයිනේ..."අපූර්වා දුරකථනයට දෑස් තබාගෙනම ලවන්‍යාට පැවසුවාය..

"කෙලී,ලොකු වෙච්ච තරමක්..ම්ම් යසයි යසයි..දැන් ලොකු ස්ටේඡ් වල සින්දුත් කියනවානේ.."අපූර්වාගේ උරපත මතට අත තබාගෙනම වීරරත්න මැණිකේ ඇගේ ගුණ ගායනා කළාය..
පසෙකින් සිටි ලවන්‍යාව එක බිඳුවකට ගණනකට නොගත්,වලව් පැළැන්තිය අතරේ,අපූර්වාගේ දෑස තිබුණේම ලවන්‍යාගේ අසලමය..

"යං යං,රුවන් අයියා ඇතුලේ..,දූට පරක්කුත් වුනානේ.."වීරරත්න මැණිකේ අපූර්වා සමඟ ගෙතුළට අඩි තියන්නට පෙර,"ලවන්‍යා!,මම එනකන්..කුසුමා නැන්දා එක්ක ඉන්න.."පැවසූ අපූර්වා ලවන්‍යා වලව්වට පිටුපසින් නොපෙනී යන තෙක්ම අපූර්වාගේ දෑස ඇගෙන් නොබිඳුනාය..

***
🌼🌸

මීදුම්...Where stories live. Discover now