මීදුම් 07

198 26 1
                                    

***
"ඔව්,"ඇය තමන්ගේ අව් කන්නාඩිය පළඳාගනිමින්ම පැවසීය.."අනේ,එකම එක ෆොටෝ එකක්,ප්ලීස් අක්කී.."ඔවුන්ගේ වැද වැටීම් මැද ඇයටද හිනාය..ගමේ කෙල්ලන්ට වස්තුවක් දැක්කා සේ වුව නගරයේ මිනිසුන්ට එය සාමාන්‍යය.."ඕකේ,"ඇය ඡායාරූපය සඳහා පෙනී සිටියාය..ඔවුන් ඇයට ස්තුතියි කොට යාමේදී තවත් පිරිසක් එනු දැක ඇය ඉක්මනින්ම ඇඟලුම්හල තුලට රිංගා ගත්තාය..

සැමගේ දෑස් ඇය දෙස බලමින් තිබුණද ඇය එම දෑස් මඟහැර ඇය සොයන දෑස සොයන්නට වෙර දැරුවාය..."ආ,අපූර්වා මිස්.,අන්න අපූර්වා.."ඇයට කෙල්ලන්ගේ හීන් කටහඬවල් සවනට වැකීමෙන් සිනහ යන්නට වුව ඇය එය පාලනය කර තම ගමන යන්නට සැරසුණේ වැඩපලේ භාරකරු වන කසුන් මහතාව මුණගැසීමටය...
තවමද ඒ දෑස නොදැක ඇයට නොයනු බැරි බව ඇය දනී..

"ලවී"අර බලපන්.."දසුනිගේ කටහඬ සවන් මත වැකීමෙන් එදෙසට හැරුණු ලවන්‍යා දෑසෙන් ඇසුවේ,මොකද,කියාය..දසුනිද දෑසෙන් ඇයට යමක් පෙන්වූවාය..ලවන්‍යාගේ දෑස් මත කඳුළු පටලයක් මතුව ගියේ ක්ෂණයෙනි.."බේබි,නෝනා!"ලවන්‍යා තැනැත්තිය දෙස බලා ම මිමිණීය..."අඩෝ,බලපන් ඒකිගේ ලස්සන..අර අපූර්වා කියන ගායිකාව බන්..ඒ"
දසුනි යම් යම් දේ ලවන්‍යාට පැවසුවද ඒවා අසන මොහොතක ඇය නොසිටීය.."ඕයි,ලවී..උබ අඬනවද.."දසුනි ඇයගේ කඳුළු දැක එසේ ඇසීයෙන් ඇය දෑතෙන්ම උවන පිසදාගෙන ආපසු තම රාඡකාරිය කිරීමට කටයුතු කළාය.."නෑ,නෑ,මේ ඇහැට මොනවද ගියා.."ඇය දෑස් තම දෑතින් පිසදාමින් පැවසීය..

"මිස්,අපූර්වා..ඉතින් කොහොමද.."කසුන් අපූර්වා හට අසුනක් පෙන්වමින් ඇසුවේය.."හොඳින්,මිස්ටර් කසුන්.."අපූර්වා හට සිනහවක් නැගුණේ මේ රඟපෑම නිසාය.."ඉතින්,ඉතින් මොකද මේ රටක් දන්න ගායිකාව වැඩපලක රිංගගෙන.."කසුන් මේසය මත තිබී ෆයිලයක් ගෙන එය හොඳින් බැලුවේ ඇයට සිනහවක් ද පුද කරමිනි..

"අඩෝ,කසුනෝ තවනම් බැහැ මචන්.."ඇයගේ මුවඟ මත සිනා රැල්ලකි.."හරි,හරි බන්,මෙන්න උබට අර කෙල්ලගේ විස්තර ටික ඕනා කිව්වනේ.."කසුන් ඇයට මේසය මත තිබූ ෆයිලය දිගු කළේය.."තැන්කිව්,මචන්.."ඇය දෑතින්ම ෆයිලය ගෙන නැගී සිටියාය.."උබ යන්නද..?"කසුන්ද ඇය නැගී සිටියදී අසුනෙන් නැගිට ගත්තේ විස්ම⁣යෙනි.."ඔව්,බන් මට සින්දුවක වැඩ වගයක් තියෙනවා..ඒක නිසා යන්න ඕන..,"අපූර්වා දුරකථනයේ වේලාව බලා ඔහුට සිනාසී ගියේ අතින් යන්නම් කියාගෙනමය..කසුන් යනු අපූර්වාගේ විශ්ව විද්‍යාල යහළුවාය..ඇය රථයේ එන අතරමඟ කීප විටකදීත් දුරකථනය ගෙන සොයා බැලුවේ එය ඇගේ යහළුවාගේ ම වැඩපලද යන්නය..

"ලවී,"දසුනිගේ කටහඬ ආපසු සවන් මත වැකුණු හෙයින් ඇය සිටි කල්පනාවෙන් බැහැර වුණාය..
"උබ,අවුලකින්වත්ද.."
දසුනි හට ලවන්‍යා ගේ රත් පැහැ දෑස් මත දුකක සේයාවක් පෙනීමෙන් ඇය ලවන්‍යාගේ මුවඟ දෙස බලා එසේ ඇසීය..

"ම්,නැහැ.."ලවන්‍යා බොරුවක් පවසා බේරීම කළද දසුනිගේ ප්‍රශ්න පත්තරයෙන් බේරීම කළ නොහැකි බව ඇය දනී..අද හෝ හෙට ඇයට ඇගේ ප්‍රශ්නයන්ට මුහුණදීම සිදු කළ යුතුමය..ආපසු ඒ රුව කාර්යාල දොරටුවෙන් ඇදී එද්දී ඇය හොරැහින් එදෙස බැලුවේ එදා සිටි ඇයමද යන්න,දකින්නටය..නිදහස් කාලයක ඇයගේ මිහිරි කටහඬ සවන් මතට වැකුණ හැම මොහොතකම ඇය මනසින් ඒ රුව මවාගත්තාය..අදත් එදත් නොවෙනස් මිතුදම ඔවුන්⁣ දෙදෙනාම අත්නොහැරෙන බැදීමක් ලෙසට හදවතින්ම අල්ලාගෙන ඇත..

***
🏵️🌸

මීදුම්...Where stories live. Discover now