මීදුම් 54

220 22 16
                                    


  උදේම නැගිටලා ඇඳේ එහාටයි මෙහාටයි පෙරලි පෙරලි දෙන්නා එක්කම එකට හිනාවෙන ගමන්,....එක එක ඒවා කියවන ගමන්,.....ඉස්සර කතා වලට වචන එකතු කරන ගමන්,.......කවදත් නැතිව ඇස් එකිනෙකා එක්ක පැටලෙද්දි තවත් කෙනෙක්ගේ නලළතක් මත සිපුමක් තැවරෙන ගමන්,......ආදරෙන්ම එක්වුණු හැඟීමක් එක්ක කිටි කිටියේ වැළඳගන්න ගමන්,.......ආසාවෙන් වැළඳගත්තත් ලෝභකමෙන් අත්හරින්න වෙද්දි,.....ආපහු හිනාවක් මූණට ගෙනත් දෙන්න ආදරේ වචන වෙන මොහොතක් තමයි,........මේ ඡීවිතේ එක දවසක් එක මොහොතක් මෙසේ ආරම්භ විය...........

ලවන්‍යා අපූර්වා හට තවත් නිදන්නට යැයි පවසමින්,.....පහළට ආවේ,...සිනාසීගෙනමය......හිනා නම් නොආවානම් පුදුමය......අපූර්වා නම් හිනාලන්තයක් බැවින් එහි මුළු අයිතිය ලවන්‍යාට බැවින් හැම වරුවකම හැම දිනයකම සිනහවක් මුවඟ මත රැඳීය..........අයිතිය අවශ්‍යම නැත.....

....මන්ද යත් ඇයව හඳුනන ඇයව දන්නා සැවොම හට ඇය ආදරෙන් හිනාවක් පමණක් දුන්නාය......ඇය ඒ තරම්ම ආඩම්බර වුණාට ඒ තරම්මය......ලවන්‍යාට එයට වචන නැත......එයට වචන නැත්තේම ඒවාට වචන වලින් අදහසක් දෙනවාට වඩා හිතින් හැඟීමකින් එය කියවා තේරුම් ගන්නා තරමටම එය දැනෙන නිසාමය.................

ලවන්‍යා අපූර්වාව තේරුම් ගන්න ඇත....එනමුදු මිනිස්සු සැවොම⁣ තේරුම් ගන්න හැම මිනිස් ප්‍රාණියාටම නොහැක....මිනිස්සු තේරුම් ගැනීමම වචනයෙන් කියනවානම් අතලොස්සක් අහස පොළොව ගැටලන්න මෙන් සිතා තේරුම් ගන්නටම අවශ්‍යම නැත......

එනමුදු එසේ නොකරන්නටම අවැසි උන් සිටිනවාද අප කරන්නේම ඔවුන් පිළිබඳ අහසයි පොළොවයි අල්ලා ගැටගහන්නම මෙන් කල්පනාවට එළඹෙන එකමය........

මිනිස්සු තේරුම් ගැනීමම අපහසුය.....මන්ද යත් මුළු ඡීවිත කාලෙම වෙනස් වෙන ලෝකෙක ඡීවත්වන ඔවුන්ද,....අපද....වෙනස් වෙන්නේම ක්ෂණයෙන් එය නිසැකය..............

ලවන්‍යා මඳක් කල්පනා කරේම එයමය.......රචනාවක් වගේ වචන ⁣කොළේක ලියලා පෙන්නුවේ නැති වුණාට......පිටු සීයක විතර ලියන වචන ටිකක් මේ හැම හැඟීමකම හැම හිතළුවකම තිබුණේය.........

"පුංචි නෝනා වැඩ වගේ......!"

ලවන්‍යා මඳක් මුළුතැන්ගෙයි හිටගෙන භාඡනයක් අල්ලාගෙන කල්පනාවකට එළඹගෙන හිඳියාය......එය නම් ලවන්‍යාගේම පුරුද්දක් ය.....

මීදුම්...Where stories live. Discover now