මීදුම් 03

242 27 2
                                    

***
"අපේ කෙලීත් දැන් ඉතින් ඔය වලව්වේ වැඩක් පලක් කරන් ඉන්නවා,ඒකි වැඩට යන්නෙත් මේ ටවුමේ මහන වැඩපලටයි,තව ළඟ ළමයෙක්ට දෙන්නෙක්ට උගන්නන්නනේ.."කාන්තාව වීදුරුව දෙස බලා හිඳ කල්පනා කරමින් තරුණියට තම විස්තර පැවසුවේ කලකීරිමක් සිත තුළ දරාගෙනය...විශාල වතු පිටි රැසක් මැද්දෙන් රථය ඇදී ආයේ පැරණිතම පන්නයේ වලව්වකටය...

"පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැනේ..."තරුණියගේ දෑස වලව්වේ සෑම අංගයක් පාසාම දිවගියේ,විස්මයක්ද උසුලමිනි..."ඔව්,නෝනේ ලොකු නෝනා මොකවත් කොරේ නෑ,නෝනේ එනකන්ම ඉන්නවය කියලා"කාන්තාවද තරුණියගේ වදනට පිළිතුරු සපයා රථයෙන් බැසගන්නට සැරසුණාය..."නැන්දේ,ඉන්න.."තරුණිය යුහුසුළුව රථයෙන් බැස කාන්තාවට රථයෙන් බැසීමට දොර හැරියාය.."අනේ,නෝනේ ලොකු නෝනා දැක්කොත්,උල තියාවි.."කාන්තාවගේ දෑස් විසල් වී බියක් දිස්විණි..."මොන විකාරද..මං නේ මේ ඉන්නේ,නැන්දගේ ලොකු නෝනා නෙවෙයි..ඒක නිසා බහින්න.."⁣තරුණිය කාන්තාවට තරවටු කළද කාන්තාවට දුකක් නොව මුවඟ මඳ සිනහවක් ඇඳී ගියාය..."නෝනෙනම්,හරි හරියට වෙනස් වෙලා.."කාන්තාව රථයෙන් බැසගනිමින් පැවසුවාය..

තරුණිය නැවත පැරණි වලව්වට දෑස් තබාගෙන,"මොන,මං නැහැ..හිටපු විදියමයි.."යයි පවසද්දීම වලව්වේ දොර හැරගෙන පිටතට පැමිණියේ කොණ්ඩය උස්කොට බැදගත්,රෝස පැහැ ඔසරියකින් සැරසුණු පැරණි පන්නයේ මැදි වයසේ කතකි..ඇයද වලව්වටම ගැළපෙන බව දැක්මෙන්ම කිව හැක..."ආහ්,මේ පොඩි දෝණී නෙවැ.."ඇය කිසි ගණනකට නොගෙන තරුණිය දෙස බලාහිඳ එසේ පවසා පිටත වැල් හාන්සි පුටුවේ හිඳගත්තේ,"කුසුමා,මං කී වැඩේ කරලද ඔය ආ⁣වේ.."යයි තරුණිය සමඟ සිටි කාන්තාවටද කතා කරමින්ය..

කාන්තාව පඩි පාමුළ හිඳ⁣ගත්තේ,"ඕ ඔව් ලොකු නෝනේ.."යයි තම අත තිබූ පන් බෑගයද තද කරගනිමින් පැවසීය..තරුණිය තවමද රථය අසල හිඳ බලා සිටියේ දෑස් මානයේ දුකක සේයාවක්ද නොතියමිනි..."ආ පොඩි ⁣එකී,මෙහෙට ආවනම්.."කාන්තාව වැල් පුටුවේ හිස බරකරගෙනම පැවසීය..තරුණියද ඇයගේ වදනට අනුව හෙමි හෙමින් පැමිණියේ,ඇයවද ගණනකට නොගන්නා බව හඟවන්න මෙන්ය.."⁣ආං,අර රුවන් කොලුවගේ යෝඡනාව එහෙම බැලුවනම්..,ඌ හොද බිස්නස්කාරයා..අපේ පවුලටම ගැළපෙන එකා නෙවැ.."තරුණියගේ දෑස් තුළ ගිනි පුපුරු නැගෙන්නාක් සේ දිස් වුණ හෙයින් පඩි පාමුළ වාඩිව සිටි කුසුමා ඇයගේ දෑත අල්වා ඇයට සන්සුන් වන ලෙස ඉඟි කළද,ඇයගේ කෝපය ඉහවහා ගොස් තිබිණි.."මොන මඟුලක්ද,මේ ආපු ගමන බැඳගෙන පවුල් කන්න..⁣මට තාම එහෙම අමාරුවක් නැහැ..අම්මා නංගිවත් බැන්දුවා..ඒකි මටත් වඩා අඩුමල් කෙල්ල..අම්මට ඕන ඕන ඈයොන්ට නංගිව දුන්නා වගේ..ඕවට මාව එහෙම තියාගන්න එපා.."තරුණිය තම අත අල්ලාගෙන සිටි කුසුමාගේ අතද ගසාදමා තම මවට කෝපයෙන් බැන වැදුණාය...

"ආ උබ කියන කියන විදියට මං වැඩ කරන්න,උබ මගේ අම්මා නෙවෙයිනේ.."කාන්තාව ද ඇගේ වදන් කිසිඳු ගණනකට නොගෙන එසේ පවසා ආපසු වැල් පුටුවේ හිස තබාගෙන දෑස වසාගත්තාය..."දවස් පහක් නිදහසේ ගෙදර ඉන්න ආවා,ඒත් කොහෙද..මෙතනත් මඟුලක් අල්ලන් නටනවා.."තරුණියද වදනින් ගසා දමා ගෙතුළට ගියේ කෝපය පිරි දෑසින්මය...

"නෝනා!,ඕව්වා හරි යයි.."කුසුමා, කාන්තාව අසලට ලංව පැවසුවද,කාන්තාව,"කුසුමා ගිහින් ⁣කුසුමගේ වැඩක් බලාගනින්..."යයි ඇයටද බැණ වැදිණි..කුසුමාද ඇයට කිසිත් නොපවසා ගෙතුළට ඇදිණි...

***
ස්තුතියි..🌹

මීදුම්...Dove le storie prendono vita. Scoprilo ora