මීදුම් 28

160 23 8
                                    

***
අපූර්වා,ඡනෙල් පියන් පත ළඟ,අරලිය ගහේ අරලිය මල,තම අතැඟිලි මතින්,මෘදු ලෙස ස්පර්ශ කලේ,ඇගේ තද ස්පර්ශයකින් අරලිය මලෙහි,පෙති කැඩෙයි යන බියෙනි...අරලිය මලට බෙහෙවින්ම ප්‍රිය ඇයට,නිල් ක⁣ටරොළු මලක ගැළපීමත්,අවැසිම විය...

සුදුම සුදු පැහැ,බ්ලවුසය,රතු දිග සාය..නිකට යට හැංගිච්ච උපන් ලපය..ඇයට පෙනී ගියේ,රෑකට පිපිලා,අලුයම පොළොව සිපගන්න නටුවෙන් වෙන්වෙලා,එන සේපාලිකාවක් ලෙසය..
ඇයට,ඇගේම සින්දුවක තනුවක් මතකයට නැගී මුවඟ මත සිනාවක් ඇදීය..නිල් කටරොළුවක,සේපාලිකාව,අරලිය මලක..කොයිතරම් වචන පබඳන්න අවැසි වුව,ඇය මුතු ඇ⁣ටයෙන්,ඇටය පබඳන්නට අවැසි ගීයක් නොවීය..

ඇය ගෙතූ කවියකි,.."පුංචි නෝනා.."කුසුමාගේ හඬට සවන් වැකූ,ඇයට සිනා නැගීය..කුසුමාගේ සුදු දෝණිව,මතකයට නැගීය..
අපූර්වා පහළ මාලයට,පිය නැගුවේ,අරලිය මලද අතැඟිලි මත රඳවාගෙනය..

"⁣ලොකු නෝනා,නෝනට එන්න කිව්වා.."කුසුමා හනිකට දිව ආවේ,අපූර්වාගේ මුවඟ මත සිනහවද නැති කර දමාමය..
"ඒ මොන ⁣එහෙකටද.."අපූර්වා දත් මිටි කෑවේ,තම මව සමගම එන ⁣තරහවටය..ඉන්නකම් සේරම කරලා ගියාට පස්සේ අතඇරලා,පැත්තවත් නොබලපු අම්මෙක් ලබන්න,අපූර්වා පෙර පව් කර ඇති බව ඇයටම වැටහිණ..
වලව්වටම,ගුලි වුනානම්,තමාට වෙන්නෙත්..පොඩි නංගි සේම මිනිහෙකුට වැඩ කර දීමටම පමණි..

"ඇයි,මං උබේ කකුල් පාමුල දනින් වැටිලද,එන්ට කියන්න ඕන.."කළු හවරිය උස්කොට,බැඳගෙන,නිල්ම නිල් පැහැ ඔසරියක් හැඳ,ඔසරි පොට එහාට මෙහාට කරමින්,ආව සේනක මැණ්කේ,තම දියණිය දෙස නොබලාම වාඩිගත්තේ,අපූර්වාද ඇය ගනනකට නොගද්දිමය..

"අපූර්වා!,උබ එකක් මතක තියාගනින්,ම්ම්..මේ වලව්ව හැසි⁣රෙන්නේ මං කියන විදියට,ඒ වගේ මේකේ ඡීවත් වෙන වුන්,ඡීවත්වෙන්න ඕනෙත්,එහෙමම තමයි,..ඒක වැඩකාරිටත්,වලංගුයි,දෝණි ඇන්දටත් වලංගුයි.."සේනක මැණිකෙ,කටහඬ ගැඹුරෙන්,කතා කළද,අපූර්වා සත පහකට ගනන් නොගත්තේ,ඇගේ තිබෙන ආඩම්බරකාර බව නිසාමය..

"අම්මේ!,වටින්,ගොඩින් එන්නේ නැතුව කෙලින්ම කිව්ව නම්,මට දැන් යන්න පුළුවන්.."අපූර්වා සේනක මැණිකේගේ මුහුණට වචනයෙන් දමා ගැසීය..
"උබ!,ඇයි බොල මං තෝ කියන එකද කරන්න ඕන.."සේනක මැණිකේ,වාඩිගත් අසුනෙන් නැගිට ගිරිය කඩාගෙන ගිගුරන්න විය..
"කලබල ⁣වෙන්න එපා,..කියන්න තියෙන දෙයක්..හෙමිහිටම කියමු..අම්මත් දැන් වයසයිනේ,අමතක වීම් වැඩි ⁣නේ.."අපූර්වා මඳ සිනහව මතින්,ඇගේ මව දෙස බලාම කීවාය..

මීදුම්...Onde histórias criam vida. Descubra agora