මීදුම් 48

183 22 18
                                    

ලවන්‍යාට ඉදින් උදේම ඇහැරුණායින් පසුව ඇත්තේ,..මහා කාරියක්ය...පොඩි එකෙක් සේ නිදා සිටින අපූර්වා දෙස විනාඩි දහයක් පමණ බලා හිඳින ඇය,..තනිවම සිනාසෙන්නේ,...අමුතුම රිද්මයකින් හදවත සැනසෙද්දිය.....

"ඇහැරවන්න ලෝභ හිතෙනවා,...!"ලවන්‍යා හෙමිහිට තමාටම කියාගත්තේ,..අපූර්වාගේ කෙහෙරැල්ලක්ද අල්ලාගෙනය...ඉදින් ඇය මේ සොඳුරු මොහොතේ නිදාගෙනය....

ලවන්‍යා ඈ දෙස බලා හිඳියේ,..ඉදින් ඇය බලන හිත පිරී ගිය බැල්මකින්ය....එය ඇත්තය..ඉදින් නොකී කතා වලින් හිත් අස්ස පිරී ගොස්ය...කියන්නට රිසි වුව,..නොකියාම ඉන්නට වග බලාගන්නා,..හැඟීම්,.දෑස් අස්සෙන් ඉතිරෙන්නට වුණේ,..ලවන්‍යාගේ දෑස් අගද කඳුළු නංවාලමය....ඉදින්,..එක වචනෙකින් මෙහෙමයි කියන්නට බැරි බැඳීමක් ඇය විසින්ම අපූර්වා වෙත පා ඇත්තේ,..අද නොවේ,...එය ඇගේ හා අපූර්වාගේ කුඩා කල සිටම පැවතුණත්,..එය ඒ තරම් බැඳීමක් නොවන වග ඇය විශ්වාස කළාය...එනමුදු දැනුදු,..එය එසේමද,..නැතිනම්,..අත්නොහැර ළඟම තබාගන්නට ඇති ලෝභකම,..නිකන්ම නිකන් බැඳීමක් පමණක්ද,...ලවන්‍යා සිතන්නට වුණේ,..තවමත්,..සුව නින්දට බර අපූර්වාගේ,..පියවුණු දෑස් දෙස බලාගෙනමය....

⁣ඉදින් මෙය අවුලවන හැඟීමක් නිවන මොහොතක් නොවෙයිද,..ඇය දිහා බලන් ඉද්දි,..නිවෙන්නේ,..කෙතරම්ද,..අවුලවන්නෙත් ඇයමය...නව කතාවක ඉඳපු,..⁣කෙල්ලකසේ ඇය ලවන්‍යාවමය සොයා ආවාය...ඇයට වෙනතක නවතින්නට තිබුණාය...එනමුදු ඇය එසේ නොකලේ,..නොකර බැරිකමට නොව,..බැරි බව දැන දැනත් කරන්නේ මොන හේතුවකටද කියා තමන්ගෙන්ම විමසාගෙනය....

හීන ලෝකෙක,..එක්තරා නවකතාවක,..එක්තරා ෆැන්ටසියක නොව,..ලවන්‍යා,..සිරවුණේ,..පණ ගැහෙන හදවතක යථාර්වාදී,..ගැහැනියක් තුළය...ඉදින්,..ඇයද යථාර්ථය හොඳින් හඳුනනා අයෙක්ය..නමුත්,..අපූර්වා වෙනස්ය...ෆැන්ටසියක් තුළ ඡීවිතය ගෙවා නොදැම්මද,..යථාර්ථය තුළ ඇය ලවන්‍යාට මෙහෙමයි කියා,වත් හිත නොරිදා ඇත,..අඬවා නැත,...එනමුදු යථාර්ථය යනු අඬන්නට,..සිනැසෙන්නට ඇති ඡීවිතයයි,..
එහි අනිවාර්යෙන්ම ඡීවත් විය යුතුය...අතීතය නොව අනාගතය නොව මේ දැන් ගෙවන වර්තමාන මොහොත විඳින්නට අවැසිය....

මීදුම්...Where stories live. Discover now