මීදුම් 10

177 27 7
                                    

***
තම ගතට ඇයව වත්තම් කරවාගත් ඇය උඩුමහළට යෑම සිදුකිරීමට නොහැකි නිසාවෙන් ඇයගේ වදන්ද ගණනකට නොගෙන ඇයව බිම්මහළේ කාමරයකට රැගෙන ආය..

"ආහ්,!"අපූර්වාගේ දෙකොපුල මත රත් පැහැ සලකුණද පාදයක් පඩිපේළියට සිරී රුධිරය ගලමින් තිබිණි..එසැනින් ඉක්මන් වූ ලවන්‍යා බිම වාඩිගෙන ඇයගේ පාදයක් ගෙන තම ඔඩොක්කුව මත තබාගෙන බෙහෙත් දැමීය..

"ආහ්,ර් රිදෙනවා බන්!"අපූර්වා කෑගැසුවේ ලවන්‍යා තුවාලය තද කළ නිසාය..ඇයගේ කටහඬට ගැස්සුණු ලවන්‍යා වෙවුලුම් කන කටහඬ මතින්ම,"හ් හරි,මං හි හිමින් කරන් නම්.."යයි පැවසුවාය..

පාදයට බෙහෙත් දමා නැගිටගත් ඇය යාමට සැරසුණද ඇයගේ අත අපූර්වාගේ අතට තද විය.."කොහේද යන්නේ,ම්"අපූර්වා කට කොනකට ගත් සිනහව මතින් ඇයගෙන් විමසීය.."ම් මෙතනත් බෙහෙත් දාන්න තියෙනවා.."ඇය තම දෙකොපුල මතට තම දෑත ගෙන ගොස් ඇයට පෙන්වූවාය..."ඕ ඔයා දාගන්න ⁣බ් බේබි නෝනා.."ලවන්‍යා ඇය ඉදිරියේ සැමදාකම මෙන් ඇද වැටිණි..

"ඕ හෝ!,දැන් මෙන්න මෙයා උඩ ගිහින් ඉන්න තරම.."අපූර්වා කට කොනක සිනහව සමඟ තම දෑත හිස මතට බැඳගෙන ඇඳ විට්ටම මතට හේත්තු විය..."ආහ්,"අපූර්වා කෙදිරුව සැනින් ලවන්‍යා,"තාම ර් රිදෙනවාද.."යයි අසමින් ඇයගේ යහන මත වාඩිගෙන බෙහෙත් පෙට්ටිය ඇද ගත්තාය..මේ දෙස බලාසිටි අපූර්වා හට නම් මුවඟ මත සරදම් සිනහවක් ඇදිණි..

"දැන් කිව්වේ නොකියා බැහැ කියලානේ මේ නෝනා!"ඇය සරදම් ස්වරයෙන් පැවසූ වදන ද ගණනකට නොගත් ලවන්‍යා ඇයගේ දෙකොපුල මත බෙහෙත් තැවරූ අතැඟිලි සීරුවෙන් රැගෙන ගියේ ඇයට නොරිදෙන්නටය...ඒ ස්පර්ශයකින් වුවද අපූර්වා ලැබුවේ නිම කළ නොහැකි සෙනෙහසකි...

",බේබි නෝනට මං ගිහින් මොනවහරි කන්න අරන් එන්නම්.."ලවන්‍යා එසේ පවසා කාමරයෙන් නික්මුණේ හදවත තුළ වසර ගණනකින් ඒ මේ අත යන හැඟීම් ඇවිස්සීම නවත්වාලීම සඳහාය..

"කෝ,නෝනට හොඳද..."
කුසුමා ඇය දුටු සැනින් ඇය අසලට විත් ඇසුවේ තවමත් නිම නොවුණු බියෙනි.."ම් හොඳයි,මොනවහරි කෑවම හරියයි.."ලවන්‍යා ගණනකට නොගෙන පවසා යෑමට සැරසුණිද,"ලොකු නෝනා දොර දඩාස් ගාලා වහගත්තමයි,තවම නෑ.."කුසුමා හීල්ලුවාය.."අම්මත් එකයි,දුවත් එකයි.."ලවන්‍යාට සිතුණි..

"ම් මෙන්න බේබි නෝනා ආසයි නේ පේර කන්න.."
ලවන්‍යා පේර පෙති දීසියක් ඇයට දිගු කළද ඇයගේ මුවඟ මවගේ අතුල් පහරත් සමඟ රත් පැහැ ලෙස ඉදිමී ඇත..
"ම් ⁣පිස්සුද,මං කන්නේ කොහොමද මෙහෙම.."අපූර්වා තම දෙකොපුල පෙන්වමින් ඇසුවේ සරදමෙනි.."මට අයිස්ක්‍රීම් කන්න ඕන.."අපූර්වා ක්ෂණයෙන් කෑගැසුවාය.."ඈ බේබි නෝනා දැන් වෙලාවත් හයයි තිහයි,පිස්සුද.."ලවන්‍යා හට නම් එය පිස්සු වැඩක් වුණද අපූර්වා හට නම් නියමාකාරයේ වෙනස්ම වැඩකි..

"නැහැ,මට කන්නම ඕන.."අපූර්වා මුරණ්ඩු දිගු දෑස මතින්ම පැවසීය.."බේබි නෝනාගේ අර කවුද,කේශවද හේශවද කියන එකාට කිව්වනම් අයිස්ක්‍රීම් ෆැක්ටරියක්ම ගෙනත් දෙයි..

"ලවන්‍යා ඇයගේ දෙස නොබලා ඇයට සරදම් ස්වරයෙන් පැවසූ වදන අපූර්වා හටද සිතාගත නොහැකිය..ඇය දුටුවේ මින් පෙර කාලයකදී සිටි අහිංසකියකි,නමුත් මැය පැහැදිලි ඉරිසියාකාරියකි..

"නෝනා ඉරිසියාකරනවද..කාට හරි.."අපූර්වා ඇසූ වදනට ඇය පැවසුවේ තවත් සරදමකි.."අපෝ නැහැ! බේබි නෝනා,අප⁣ට ඉතින් ඔය මහලොකු වංශක්කාර පුත්තු නැහැනේ.."
"ආහ් දැන් උබ කියන්නේ මට වංශක්කාර පුත්තු ඉන්නවා කියලද,ආහ් බන්.."අපූර්වාගේ කෝප ස්වරය වැඩි විණි..

ලවන්‍යා ඡනෙල් පියන් පත් වසා දමන්නට හැරුණද ඇයගේ ගෙල අසල උණුසුම් සුසුම් පොදක පහස හමුවේ ගල් ගැසිණි.."මාව මතක් වුණේම නැත්ද..ම්ම්"අපූර්වා ඇසූ වදනට පිළිතුරු ඇය ඇයගෙන්ම ඇසුවාය.."ම් න් නැහැ,මට වැඩක් ති තියෙනවා මං ගිහින් එන්නම්.."අපූර්වා පසෙකට වුණ අවස්ථාව අල්ලා ගත් ඇය එතැනින් ගෙතුළට ඉක්මන් අඩි තැබුවාය..

***
..................,🌸

මීදුම්...Where stories live. Discover now