මීදුම් 44

178 25 26
                                    

"ගෙදර යන්නේ නැද්ද..!"හවස හයත් පහු වෙච්ච වෙලාවේ,තවමත් අපූර්වා,ලවන්‍යා කොළඹ අහස යට ⁣කොළඹ පාරවල් වටේ කරක් ගහනවාය....ලවන්‍යා අසුනට බර වී ගෙනම අපූර්වාගෙන් ඇසුවාය....

"ටිකක් ඇවිදිමු...!"අපූර්වා කාරය නවත්වන්නට තැනක් සොයන්නට වියෙන්,..ලවන්‍යා ඈ දෙස බැලුවේ මේ රෑ මොන ඇවිදිලිද කියා අහන්නටය....එනමුත් ඉතින් අපූර්වා⁣ගේ අහිංසක කැමැත්තට ඇය ඉඩදී අසන්නට හිඳි දෑ හිතෙහිම හිර කරගත්තාය....

කාරය නැවැත්වූ අපූර්වා,මඳක් ලවන්‍යා දෙස බැලුවාය...
"ඇවිදින්න කැමති නැද්ද..!"අපූර්වා ඇසුවේ ලවන්‍යා තවමත් ඇය දවාලේ ගෙන දුන් මල් පොකුර අත පත ගාමින් හිඳි බැවිනි....

"ඇවිදිමු ඉතින්...!"ලවන්‍යා මල් පොකුර අතට ගෙනම කාරයෙන් බැස නැවතත් එය අසුන මතට දැම්මාය...
අපූර්වා ද සිනාසී කාරයෙන් බැස ගත්තේ,..ඇය තනිව ඇවිද ගිය පාරවල් වල අද ඇගේ තනි මකන්නට ලවන්‍යාද එක් වුණු නිසාය....නොදැනී,දැනී යන එකිනෙක පැබැඳුණු පදවැලක් ඇය පසුපස ඇදී එන්නාක් මෙන් අපූර්වාට දැනෙන්නට විය...ඉදින් මේ යන එන වචන,ලවන්‍යාට පමණක් කියූ වවන පමණය..

අපූර්වා එනතෙක් ලවන්‍යා කොළඹ රෑ අහස දෙස නෙත් තබාගෙන සිටියාය....ඉදින් ගමට වඩා වෙනස්ය...ලවන්‍යාට සිතී ගියාය...
"ලස්සනයි නේහ්!.."අපූර්වාද ලවන්‍යා අසලට විත් අසන්නට වුණේ ලවන්‍යා හෙමිහිට හිස හොලවා සිනාසෙද්දිය...

හෙමිහිට ඈතින් ඇදී එන කළු පාට වැහි වළාකුළු,සවස් අහසට කැටයමක් එකතු කළා වැන්ය...ලවන්‍යා ඈතින් ඇදී එන වැහි වළාවන් දෙස නෙතු රඳවාම අපූර්වාට කතා කළාය...
"බේබි නෝනා!,වහින්න වගේ නේද..!"අපූර්වා මඳ දුරක් ඇවිද ගොස් ඇති නිසාම ලවන්‍යාද ඇගේ පසුපසින්ම ඇගේ අඩි ගානටම ලං ව ගියාය...ඇය හා අපූර්වා එක් තරමට අඩිය තිව්වාය....ලවන්‍යා එදෙස බලා අපූර්වා දෙස ද බැලුවාය...

"⁣බේබි නෝනා!,මෙහෙම ඇවිදින්න හැමදාම එනවද..!"ලවන්‍යා අපූර්වාගෙන් අසන්නට විය...

"හැමදාම නැහැ...හිත ටිකක් කළබල වුණහම වගේ,..ඇවිදන් යද්දි,මට දැනෙනවා ඇත්තටම මං එක තැන නවතින්න ඕන කෙනෙක් නෙවෙයි නේද කියලා...ඒ කියන්නේ,..මීට විනාඩි ගානකට කලින්,වෙච්ච දෙයක් නිසා හිත රිදුණා නම්,..ඒ විනාඩි ගාන ගෙවුණට පස්සේ,..අපි එතැන නැවතිලා තව තව රිද්ද ගන්න ඕන නැහැ...ඒත් අපි කරන්නෙම එතනම තව තව තැම්බි තැම්බි රිද්ද ගන්න එකමයි...මෙහෙම ඇවිදන් යද්දි,මට පේන මේ හැම දෙයක් එක්කම මට දැනෙනවා,....මං තවත් එතැන නවතින්න ඕන කෙනෙක් නෙවෙයි කියලා...මං ඒ අතීතෙට අයිති නැහැ...අයිති දැන් ඉන්න වර්තමානෙට...!"

මීදුම්...Where stories live. Discover now