මීදුම් 14

156 24 5
                                    

***

"ආහ්,අතාරින්න දෙයියනේ මගේ අත.."

ලවන්‍යා ඇයව ඇදගෙන යන අපූර්වා හට කෑගැවාය..."කට පියාගෙන වරෙන්.."අපූර්වා කෝපයෙන් කෑ ගැවේ ලවන්‍යා තිගැස්සී යන්නටය.."නගින්න.."කාරය අසලට ආ ඇය ලවන්‍යා අතහැර නගින්න යැයි කීවද ඇය නොනැගීම හේතුවෙන් ඇය ආපසු හඬ දැඩි කළාය.."කන් ඇහෙන්නේ නැත්ද නගින්නයි කිව්වෙ.."...

"ම් මේ ක් කොහෙද ය්යන්නේ.."කැඩුණු වදනින් වචන ගැට ගසාගත් ලවන්‍යා දැන් පැය භාගයක් තිස්සේ සුක්කානම මත දෑත් එහා මෙහා කරන අපූර්වාගෙන් ඇසුවේද බියෙනි..

"තව පොඩ්ඩ වෙලාවක් ඉන්නවා.."යැයි කියූ ඇය විනාඩි කිහිපයකින් සැලෝන් එකක් ඉදිරිපස තම රථය නැවැත්තුවාය.."ම් මෙතන තමයි තැන..යමු.."දුරකථනය බලා ඔහේ මුමුණන අපූර්වා දෙස බැලූ ලවන්‍යා හට නම් දැන් මැයට පිස්සුද කියාත් සිතිණි..තම අත ආපසු අල්වාගත් ඇය එතුළට ගි⁣යාය..

"ඕහ්,අපූර්වා මිස්,".."ආහ් අර අපූර්වා මැඩම්..,".."මිස් අපූර්වා.."..එක එක කෙල්ලන්ගේ මිමිණුම් හඬවල් මැද එක යුවතියක ඉදිරියට පැමිණියාය..."මිස් අපූර්වා..⁣අපෙන් මොනවගේ උදව්වක්ද ඕන..

"යැයි ඇසුවාය.."ඕහ්,ම් මට මෙන්න මෙයාගේ හෙයාස්ටයිල් එකයි තව මේකට මැච් වෙන මේකප් එකකයි තව පුළුවන් නම් හොඳ වර්ගයේ මේකප් සෙට් එකකුයි ලෑස්ති කරලා දෙනවද.."ඇය ලවන්‍යා දෙස බලා කියවාගෙන ගියේ,ලවන්‍යාටගේ තිගැස්මද තව තවත් වැඩි කරමිනි.."බ්බේබි න්නෝනා..!"ලවන්‍යා තමා අසල සිටි අපූර්වා හට කෙදිරුමක් වැනි නිහඬ වචනවලින් කතා කළාය..

"ම්,කියන්න.."අපූර්වා තවමත් දුරකථනය සමඟ වැඩය.."ඕහ් ලවන්‍යා,මට මෙතනදි බේබි නෝනා ගාන්නේ නැතුව ඕනමනම් බේබි කියන්න,නැත්නම් අපූ කියන්න..,තේරුණාද.."තමා දෙස විසල් කරගත් දෑසින් බලා සිටි ලවන්‍යා දෙස බැලූ අපූර්වා ඇසුවේ කට කොනක මැවෙන අපූරු සිනහව මතින්මය..

"හ්ම්..,ඒත් මේවා මොකටද..රස්සාවත් නැති මට ⁣ම් මේවාට ගෙවාගන්න බැහැ!"ලවන්‍යාගේ දෙතොල මත අපූර්වාගේ අතැඟිල්ලක් නැවතුනු හෙයින් ඇය අපූර්වා සමඟ කතා කිරීම නිශ්ඵල දෙයක් ලෙස සිතා කටපියාගත්තාය.."ම් මැඩම් එන්න.."යුවතිය පැමිණ ඔවුන්ට ආරාධනා කළාය..

"ම් යන්.."අපූර්වා ඇය පසුපසින් එන ලෙස ඇයට දෑසින් ඉඟිකළාය.."එන්න මැඩම්.."අසුනක් මත ලවන්‍යා හිඳුවාගත් තරුණිය ඇයගේ දිගු කෙස් කළඹ අතට ⁣ගත්තාය.."මිස් වාඩිවෙන්න අර සෝ්‍ෆා එකෙන්.."අපූර්වා වාඩිගෙන ලවන්‍යාගේ දෙසම බලා සිටියේ මෙතෙක් වේලා තමා අතැතිව තිබූ දුරකථනය ද සෝෆාව මතට විසිකරය..
පැය කීපයකට පසු..

"වාව්,!,මැඩම් මෙයා මේතරම් ලස්සනක් හංගගෙන ද ඉදලා තියෙන්නේ මේ තරම් කාලයක්.."යුවතියන්ට දෑස් අදහාගත නොහැක...ලවන්‍යා ඒ තරම්ම පියකරු සුන්දර යුවතියක් විය..ක්‍රේල් කෙරූ ⁣කෙහෙරැලි පොඩි මේකප් එකක් දැමූ මුවඟ දිගු රතු ගවුම,මේ හැම එකටම වඩා අපූර්වා බලා සිටියේ ඇයගේ සිනහව දෙසමයි.."ම් ඒකනේ.."අපූර්වා ගණනකට නොගෙන කියා දැම්මද,මේ රුවැත්තිය දැක ඇයගේ හදවතද තිගැස්සී ගියේ මින් මොහොතකට පෙරය...
"බ්,නෑ මේ අප්පූර්වා..මට මොකද වෙලා තියෙන්නේ..."ලවන්‍යාගේ ප්‍රශ්නයට යුවතියන් සැම සිනාසුණේ,අපූර්වාටද සිනා පොදක් ගෙනෙමිනි..

"තැන්කිව්,අපි දැන් යන්න ඕන.."යුවතියන්ට සමුදී කාරයට පැමිණ වාඩිගත්තද අපූර්වා කතාවකට බැස ගත්තේ ලවන්‍යා ට තව තවත් වද දෙමිනි.."ආ මොනවද දන්නේ නැහැ ඉස්සෙල්ලා කිව්වේ,ආහ් කොහේද මාව අරන් යන්නේ,අනේ අතාරින්න..,අපි කොහේද යන්නේ..,අනේ අම්මේ බලන්න ඕන ගෑස් ටික..කෝ නෝනගේ ගෑස් ටික බැස්සද.."

අපූර්වා අඩන්තේට්ටම් කළද ලවන්‍යා නිශ්ශබ්දව කඳුළු පුරවාගෙන ඡනේලයෙන් එළිය බලානම සිටියාය.."ඒ උබ අඬනවද..ඒයි මෙහෙ බලහන්..ලවන්‍යා..ඇයි රස්සාව නැති වුණ එකට අවුල්වත්ද..මෙහෙ බලපන්..යකෝ!"අපූර්වා ලවන්‍යාව තමා පැත්තට ඇදගත්තද ඒ දෑස් රතුවී දෙකොපුල් මතින් කඳුළු කැට රූටමින් තිබිනි..

***
🌼🌸

මීදුම්...Where stories live. Discover now