මීදුම් 02

316 29 4
                                    

***
"බේබි,නෝනා"තරුණිය ඇඳ විට්ටම මතට ගත හේත්තු කරවාගෙන එළිය බලානම සිටිය,නමුදු අයෙකුගේ කටහඬ ඒ නිශ්ශබ්දතාවය බිඳ දැමුවේය...සැනකින් ඉක්මන් වූ තරුණිය පොරෝනය තම ගත මතටම දමා ගෙන ඇහිපිල්ලමක් හැර කාමරයේ දොර පියන් මත එහාට මෙහාට යන අතැඟිලිවල ශබ්දය අසාගෙනම සිටියාය...

"අනේ,බේබි නෝනා!"දොර පියන් හැරුණු ⁣කොටම එයින් පිවිසියේ සුන්දර තරුණියකි..තලෙලු වර්ණිත ඇයට උපතින්ම ඝනකම් තද කළු පැහැ කේශ කල්‍යාණියක්ද හිමිව ඇති බැව් ඇය දැක්මෙන්ම කිව හැක...කහ පැහැති දණහිස ළඟට දිගු ගවුමට අද ඇය ඕනාවටත් වඩා සුන්දර ය....හෙමි හෙමින් අඩි තබමින් ආ ඇය යහන මත සැතපී සිටි තරුණිය දෙස බලා සිටියේ නිවුණු සැනසීමක් මුවෙහි දරාගෙනය..

ඇය දෙස බලානම තරුණිය කාමරයේ ඡනෙල් පියන්පත් හැර දැමියේ තෙත පසේ මිහිරි සුවඳද නාස් පුඩු මතට ඇඳගනිමිනි..."ආහ්!,මොකක්ද අනේ මේ.."තරුණියගේ මුවඟ මත සිනහවක් ඇදී මැකී ගියේ ක්ෂණයකිනි...යහන මත සැතප සිටි තරුණිය ඇය දෙස බලාන සිටියේ කෝපයක් මුවඟ මත දරාගෙනය...ඇයගේ මුවඟ දැක තරුණියගේ මුව මඬලට සිනා ගෙන දුන්නද ඇය දෑතින්ම තොල්පෙති තද කරගත්තාය....

"ආ හිනාද?නෝනට!"තරුණියගේ වදනින් ඇයගේ මුවඟෙහි සිනහව අතුරුදන් වූයේ නිමේෂයකින්ය..."බේබි නෝනා!"තරුණියගේ මුවඟෙහි නොරිස්සුම් සහගත බැල්මක් මැවී තිබෙනු දැකගත් ඇය,යහන මත වාඩිගෙන පාද තද කරගත්තාය..."මට නෝනා කියන්න එපා!"තරුණිය ස්ථීරසාර බැල්මකින් ඇය දෙස බලා සිටියාය..."එහෙම බැහැනේ බේබි,!"තරුණියගේ වදන් නැවතුණේ ඇයගේ වාග් ප්‍රහාරයකිනි..."මොන මලසමයක්ද,?,අර ලොකු නෝනට කියාගන්නවා,මට ⁣නෝනා නෝනා ගාන්නේ නැතුව"තරුණියගේ කෝපය ඉහවහා ගොස් තිබීමෙන් ඇයටද කියූ වදන් එපමණ ⁣දෙයක් නොවුණද ඡනෙල් පියන් වෙත නෙත් දල්වාගෙන සිටි ඇයගේ කොපුල් මත කඳුළු කැට රෑටා වැටිණි...

"ලවන්‍යා!"පහළ මහලින් ඇසුණු කාන්තාවකගේ හඬ නිසා ඉක්මන් වූ ඇය දෑතින්ම දෙකොපුල් පිසදාගත්තේ ඇයට නොපෙනී කාමරයෙන් පිටත් වන්නටය...නමුදු තරුණි⁣යගේ දැල්වුණු දෑස්මත පෙර තිබූ කෝපය බිඳුවක් හෝ නොපෙනුනද පසුතැවිලි සේයාවක් දිස්විය...ආපසු ඇයගේ නෙත් කඳුළු පටලයකින් වැසී ගියේ ඇය දෙස බලා සිටිද්දිය..."ලවන්!"ඉක්මන් වූ ඇය තරුණියගේ වදන් නොඅසාම කාමරයෙන් පිටතට දිව ගියේ ඇයගෙන් කඳුළු සඟවාලන්නට වුව ඇය දැක අවසන්ය....

"ශිට්!,ම⁣ට පිස්සුද මන්දා? ආහ්!"තරුණිය දෑතම තම හිසට තද කරගත්තේ පසුතැවිල්ලෙන්ය....
***

"පුංචි නෝනට,දැන් මහත්තයෙක් එහෙම ඇති නෙව!"කාන්තාවගේ වදනින් අතීතමතකාවර්ඡනය මදකට නැවතූ ඇය කාන්තාවට පිළිතුරු දුන්නාය..."අනේ!තාම නම් නැහැ!"තරූණිය දෑසම වතු පිටි අතර අතරමං කරගත්තද නමුදු කාන්තාවගේ වදනින් ඇයට පිළිතුරු බැඳ නිම කිරීම නම් නොහැකි විය..."අනේ,නෝනේ ඉක්මනට පිළිවෙලක් වුණා ⁣නම් දරුමල්ලෙක් වත් හදාගෙන ලස්සනට ඡීවත් වෙන්ට ඇහැක් නොවැ!"කාන්තාවගේ වදන් තුළ ඇයට දැනුනේ නොරිස්සුමක්ය..."එහෙම බැහැ!⁣නැන්දේ තව කරන්න ඕන තරම් වැඩ තියෙනවා!"ඇයද කාන්තාවට දෙවෙනි නොවී පිළිතුරු බැන්දාය.."අපේ එකීත් ඕකමයි කිව්වේ,මොනව කරන්නද දැන් කසාදෙත් නෑනේ.."කාන්තාව එසේ පවසා වතු පිටි දෙස බලා ගත්තාය...

තරුණියගේ දෑසේ කාන්තාවගේ වදන් පිළිබඳ එතරම් නැඹුරුවක් නොතිබූ බව කිව නොහැකිය..,මන්ද කාන්තාවගේ එක් වදනක් පාසා ඇය සෙව්වේ එයම වන්නට ඇත....

***
ඔයාලගේ අදහස් comment කරන් යන්නකෝ 💐🌹

මීදුම්...Dove le storie prendono vita. Scoprilo ora