මීදුම් 04

213 28 1
                                    

***
තමන් අවුරුදු විසි දෙකක් තිස්සේ ඡීවත් වුණු තමන්ගේ ගෙදර ඇයට නිදහසට කියා තැනක් තිබුණානම් ඒ උඩු මහලේ තිබූ ඇයගේ කාමරයයි...තරුණිය උඩුමහලට යන්නට ඇති තරප්පු පෙළ මත පාද තබමින් පැරණි සුවඳද විදගනිමින් ම කාමරයේ දොර අසල නැවතිණි...

දොර හැර එතුළට ගිය ඇයට දකින්නට ලැබුණේ ඇය පෙරදී යද්දීම තිබූ කාමරය අද මකුළු දැල් පිරිණු නිවහනක් වී ඇති බව පමණයි..."නෝනේ,"කුසුමා දිවගෙන විත් තරුණියට කතා කළාය..."නෝනා,මුකුත් කාලාද ආවේ...,නැත්නම් මං ⁣මොනවහරි ටිකක් හදලා,මේ කාමරෙත් අස්පස් කොරලා දාන්නම්..,නෝනා එනවා කිව්වනම් කෙලීයි මා යි අස්පස් කරලා දානවා.."කුසුමා දෑසින් වැරද්දක් වූ විලසට පහත බලාගෙන පැවසීය..

"ආ,ඕන නැහැ නැන්දේ!,මං අස් කරලා දාන්නම්,කාර් එකේ තිබුණු කෑමත් අරගෙනම තමා ආවේ.."තරුණිය තමා අතැතිව තිබූ බෑගය ඇයට පෙන්වූයේ මඳ සිනහවකින් ය.."කුසුමා!,කුසුමා!"පහළ මහලයෙන් තරුණියගේ මවගේ ගැඹුරු ගාම්භීර හඬ නද දුන් හෙයින් කුසුමා මඳ සිනහවක් ඇයට පුදා කාම⁣රයෙන් එපිටට ගියාය...තරුණිය නිසල කාමරය තුළ නිහඬ වතකින් තනි වූවාය.."මුල ඉඳන්ම පටන් ගමු,අපූ..."ඇය ඇයටම පවසාගෙන අතෙහි බැඳ තිබූ ඔරලෝසුව දෙස බලා,"දැන් 11.18,මට හරියටම පැය දෙකක් තුනක්වත් යයි..තමාටම පවසාගත්තේ මුවද හකුලාගනිමිනි.."කමක් නෑ,පොඩි වෙලාවක් නේ,"තරුණිය තමාගේ බෑගයේ තිබූ ලේන්සුව ගෙන මුව ආවරණය කර,කාමරයේ මුල්ලක තිබූ කොස්සද ගෙන කාමරය අස්පස් කර දැමීමට ලැහැස්ති වුණද,
කාමරයේ දොර තුළින් මතුවුණ රුව දැක මුවඟ මත සිනාවක් ඇදීගියාය.."ආ,මේ අපේ බණ්ඩා නේ,"තරුණිය අතැතිව තිබූ කොස්ස බිමට දමා කාමරයේ දොර අසල සිටගෙන සිටි පෙනුමෙන් දහඅට වියැති කොලුවෙකු අසලට ඇවිද ගියාය..

"අම්මෝ,උසත් ගිහින්,"තරුණිය ඔහුගේ සහ ඇයගේ උස ගණනය කළේ ඇයගේ දෑතක් ඔහුගේ හිස මතින් ඇයට යා කරගනිමින්ය..."පුංචි නෝනා,දැන් සින්දු කියන සින්ගර් කෙනෙක් නේ.."ඔහුද ඇයට සිනහ වෙමින් එසේ පැවසුවේය.."ඔව්,ඔව්"තරුණියද සිනහ වෙමින් පිළිතුරු බැන්දේ කලකට කලින් ඇය දුටුවේ මේ පොඩි කොල්ලාවමද යැයි සිතාගනිමින්ය.."ආ අම්මා කිව්වා,උදව් කරන්න කියලා මේවා අස්පස් කරන්න.."තරුණයා කාමරයට තුළට විත් හැඩිවුණු කාමරය දෙස බලා නාසය වකුටු කරගත්තේය..

"අම්මෝ,අවුල් ඡාලාවක්.."තරුණයා එසේ පැවසුවේ කනගාටුවක් මුව මත රඳවාගෙනය..තරුණිය ඔහුගේ උරපත මත අත තබාගෙන,"මොකෝ,දැන් කොල්ලට කෙලි පොඩිත්තියක් එහෙම ඉන්නවා ඇති නේ.."මුව මඬල මත ඇදුණු සිනහව තව තවත් දෙගුණ තෙගුණ වෙද්දී ඇය එසේ පැවසීය.."ආ,නෝනා අපිට තාම කෙල්ලෝ නෑ,අපි තාම සින්ගල් ඡීවිත.."ඔහුද ඇයට දෙවැනි නොවන ලෙසට ඇය දෙස බලා හිඳ පැවසුවේය.."අනේ,මේ හැන්ඩි කොල්ලට කෙල්ලෙක් නැත්ද..?"ඇය ඔහු ඉදිරියට අවුත් ඔහුගේ ⁣කැරලි කොණ්ඩය දෑතෙන් අවුස්සා දැමීය..

"මේක අස්කරන්නේ,නැත්ද දැන්..?"තරුණයා එසේ ඇසුවේ තව තවත් කතා කළහොත් ඇයගෙන් බේරුමක් නැති බව ⁣ඔහු කුඩා කල සිටම දන්නා බැවිනි.."හරි හරි,කොල්ලෝ.,අස්කරමු.."තරුණිය සිනහවකින් එසේ පැවසුවේ හද තුළින් තමා අද තරම් හදවතින් සිනාසුණ දිනක් සොයාගත නොහැකිවය..ඔහුත් එකයි,ඔහුගේ අක්කත් එකමය.. ප්‍රශ්න වලින් පැන යාමට හපන්නුය..තරුණියට එසේ සිතී මුවඟ මත යළිත් සිනහවක් ඇදී මැකී ගියාය..

***
🌼🌺

මීදුම්...Where stories live. Discover now