දවල් දවසෙම පුංචි පුංචි කතාවලින්,..දන්නෙම නැතිව ගෙවිලා ගිහින් තියෙද්දි,..දන්නෙම නැතිව නොකියන කතාත් කියැවෙන රැයක් එක්ක,..දොඩමළු වෙන්න මුලසුනක් අපූර්වා හෝ ලවන්‍යා නොගත්තේ,..හිත් එක්ක කෙරෙන කතාවලින්,..හිත් පිරිලා යද්දිය..."මෙතන ලස්සනයි,..නේද,.....!"
ලවන්‍යා,..හිඳ සිටි පඩියට පහළින් ඇති පඩිය මත වාඩිගෙන හිඳි,..ලවන්‍යාගෙන්,..ගෙන් අපූර්වා ඇසුවේ,..හෙමිහිටය....රෑ අහසේ තරු එක්ක හදත්,..පායලා,..තියෙද්දි,..සීතල හුළඟක්,..නොකියූ වචනවලට පණක් ගෙන එන්නට පුංචි වෑයමක්ද ගත්තා කියන්නට,..පුළුවන්ය....
"හ්ම්ම්,...ගොඩාක්,...!"
ලවන්‍යා,..අපූර්වා දෙස නොබලා,..රෑ අහස දෙස බලාම මිමිණීය,...ලවන්‍යාගේ හිතට හොඳයි කියා,.. දැනුණු,..හැටියට,..ඇය අපූර්වාගේ හිසකේ මත තම අතැඟිලි ගෙනගියාය...පළමුවැනි වතාවට,..අපූර්වාට ලවන්‍යාගේ,..මහා අමුත්තක් පමණක් දැනෙන්නට වුණේ,..පුංචි හිනාවක්ද,..ඒ මුවඟට ගෙන එද්දිය...
"හඳක් වගේ ලස්සන කෙල්ලෙක් ඉද්දි,..කොහොමත් මෙතන ලස්සන වෙන්න එපැයි,...!"
ලවන්‍යා හිනාවකින්ම කීවේ,..අපූර්වාගේ දෙතොල් අතරද සිනහවක් ඇදෙද්දිය....
"මං හඳක්ද,..."
අපූර්වා ලවන්‍යා දෙසට මඳක් හැරී,..සිනහවකින් ම දෑස්ද හීනි කරගනිමින්,..ඇසුවාය...ලවන්‍යාට,..ඒ බැල්මට හිනාවක්ද ආවේ,..අපූර්වා ලවන්‍යාගේ අතක් ඇගේ අතකින් කොනිත්තද්දිය.....
"උත්තර කෝ,..මං හඳක්ද,...!"
අපූර්වා ලවන්‍යා දෙසින්,..ඉවතට හැරී,..රෑ අහසේ පායපු,..තරු දෙස ඒ දෙනෙත් තබාගත්තාය....
"ඔව්,..හඳක්,....හැම ලස්සන දිළිසෙන තරු ගොඩාක් මැද්දෙන්,...ගොඩාක් ලස්සනට සුදු පාටට,..එළිය විහිදවන හඳක්,...බලන් ඉන්න ආස හිතෙන තරමේ,...!"
ලවන්‍යා ඒ වෙද්දිත්,..බලන් ඉඳියේ,..අහසේ පායපු හඳක් දෙස නොව,..තමන් ළඟ ඈත අහස දිහා,..ඇස් තියන් ඉඳපු,..අපූර්වා දෙස ය....අපූර්වාට ඒ වචන තුළින් දැනෙන අපූර්වත්වය නුහුරක්ය...මින් පෙර ඇයව කවුරුන් කෙසේ නිර්වචන කළත්,...අද මේ දැන්,..ලවන්‍යාගේ හදවතින්ම කියපු ඒ වචන මහා ගොඩාක් දැනෙන තරමට අපූර්වාට ඒවා මහ මෙරක්ය...ඉදින් නොතේරෙන තරමට දැනෙන්නෙත් ඒකමය....දැනෙන තරමට නොදන්නෙත් ලවන්‍යාය,..අපූර්වාට එයද හොඳහැටි තේරුණාය....
YOU ARE READING
මීදුම්...
Romanceහැඟීම් මහ ගොඩක් මැද එකම එක හැඟීමක් නොපෙනෙන මීදුම් වලාවක් ලෙසට කඳු පාමුලක දළුලා වැඩීමක ආරම්භය... සෙනෙහසක සුවය සොයා යන ඒ හැඟීමට ඇය ඉඩ දේවිද.. මෙහි එන චරිත,නම්,ගම්,ස්ථාන සියලුම දෑ මනඃකල්පිතය.. 🌼