මීදුම් 43

158 25 21
                                    


"සින්ගර් කෙනෙක් වුණහම වැඩ වැඩී නේද..!"ලවන්‍යා හා අපූර්වා පන්සලේ අවට පා තැබුවේ එකටමය...ඉදින් ඇවිද යන ගමන මඳකට යමක් මතක් වී ලවන්‍යා එය ඇසුවාය...අපූර්වා හා කතා කරන ඕනෑම අවස්ථාවක ලවන්‍යා ඇයට කිසිත් නොසඟවාම පවසන නිසා ලවන්‍යාට දැනුණේ ඇය තමාට සමීප,නැතිනම් ඇගේ හදවතට සමීපම අයගෙන් ඒ නම් ඇය පමණයි කියාය...

"ඒක ඇත්ත...ඒත් මොන වැඩ තිබුණා වුණත් මං අද තැනක ඉන්නේ ෆෑන්ස්ලා නිසා...ලොකුම කරදරේ තමයි සිංදු හදන මිනිස්සු...තව ටී.වී ප්‍රෝ ග්‍රෑම්ස්...තව අඬන්න ඕන වෙලාවට හිනා වෙන එක..!"අපූර්වා පැවසුවාය...ඇය දෑස් ඈතක තබාගෙන හිඳියාය...

"ම්...!"ලවන්‍යා නිහඬ වතකින්ම පවසා තවත් දුරක් ඈ හා ඇවිද ගියාය...නිස්කාරණේ ඇගේ හදවත රිද්දන්නට ලවන්‍යාට නුවුමනා විය...හීන හීනම වෙද්දි,..තවදුරටත් තමන්ගේ ඡීවිතේ හීන අයින් කරලා දාද්දි..අපූර්වා ඇගේ හීනෙට ඉගිල්ලෙන්න තටු දෙද්දි...ලවන්‍යාට දැනෙන්නේ ඇය මුළු ලෝකයක් බවය....

පැය භාගයක පමණ කාලයක ඔහේ ඇවිද ඇවිද ගෙවා දැමූ ඔවුන් නැවතත් ආපසු යන්නට ආවද අපූර්වාගේ සිතෙහි යමක් ඇදුණාය..ඉදින් ඇය එය පරිදි සිතන්නට විය...

"මල් වලට ලවන්‍යා කැමතී නේද..!"අපූර්වා කාරය පණ ගන්වා ගන්නා ගමන ලවන්‍යාගෙන් ඇසුවාය....
"හ්ම්...ඔව්...අර වත්ත පහළ සේරම මල් මගේ අතින්ම හිටවපුවානේ...!"ලවන්‍යා ද සිනාසී පැවසුවාය...
"මොන මල්වලටද වැඩියෙන් කැමතී...!"අපූර්වා තවත් ප්‍රශ්නයක් නැගුවාය...
"ගොඩාක් තියෙනවා...ඒත් මං ආසම නෙළුම් මල් වලට...හේතුවක් නැහැ..ඒත් ඒ සුවඳ මුළු හිතම නිවනවා..!"ලවන්‍යා දෑස් පියාගෙන අරලිය මලක සුවඳ වින්දාය...
"මටනම් හචින් යනවා..සුවඳ වැඩීනේ..!"අපූර්වා පැවසුවේ ලවන්‍යා මූණ නරක් කරගද්දිය...

"නෙළුම් මල් ලස්සනයි...ඒ වගේම ලස්සන තේරමකුත් ඇති...!"ලවන්‍යා සිනාසෙන ගමන පැවසුවාය..ඉදින් ඇය හැම වෙලාවෙම හේතුවක් නැතිව වුව ඇතිව සිනාසීය...

"හරියටම නම් දන්නේ නැහැ...ඒත් නෙළුම් මල් කියන්නේ පාරිශුද්ධබවට...නෙළුම් මල් ⁣මඩ වෙච්ච තැනක ඉපදෙන්නේ..ඒ වුණාට මලේ මඩ නොගෑවී හරි ලස්සනට පිරිසිදුවට පිපෙනවා...!"අපූර්වා තමන් කියවූ දෙයක තිබූ සඳහනක් ලවන්‍යාට පැවසු⁣වේ ලවන්‍යාද එය අසා සිටිද්දිය...

මීදුම්...Where stories live. Discover now