ලවන්‍යා කාමරයේ දොර මඳක් වසා ගෙන යහන මත වාඩිවිය.....මෙතෙක් කල් ඇගේ දෑස් අගට කඳුළක් නොඑන ලෙස අපූර්වා ඈට ආදරේ දුන්නද,....සමහර හේතුන් ඇගේ හිත රිදවන්නේය.....කෙසේ යත්,ඈව රිදෙවුවේම ආදරේ බව යළිත් සඳහන් කරනු අවැසිමය........යහන මත වාඩිගත් ලවන්‍යා ඇගේ මුහුණ දෑත් අතර සඟවාගත්තේ වැරදිකාරයා ඇය වැන්ම දැනෙද්දිය.....ඇගේ මව දුක් වින්දේ ඉදින් ඇය වෙනුවෙන්ය.......තමා නොඉපදුණානම් අම්මාව වලව්වට වහල්කම් කරන්නට අවැසිම නැත........
ඇයට වරෙක එසේ සිතිණ......තවත් වරක අප්පච්චි යැයි කියන්නට බැරි ඔහුගෙන් ඇයි අම්මව අසරණ කලේ යැයි අසන්නට සිතිණ.....නමුත් ධෛර්යය සේදී යන්නේම ඔහුගේ බැල්ම තමාට තමාවම මතක් කර දෙන නිසාමය.........
"ලවන්‍යා!"
අපූර්වා දොර හැරගෙන ආවේ කලබල දෑසකින් නොවේය.....එනමුදු ලවන්‍යා බලාපොරොත්තු වුණේ අපූර්වාගේ කලබල බවය.......ලවන්‍යා අපූර්වා දෙස බැලුවේ කඳුළු පිරි දෙනෙතින්ය........
අපූර්වා කාමරයේ දොර වැසූ ගමනම ලවන්‍යා ඈ ඉදිරියේ සිටගෙන සිටියාය.....අපූර්වාට ඇගේ කඳුළු නවත්වන්නට අවැසි වුණේ නැත......ලවන්‍යාට ඇගේම කඳුළු අපූර්වාට නොපෙන්වන්නටද අවැසි නොවීය.......
"අනේ,...බේබි නෝනා!"
ලවන්‍යා කඳුළු පිරි දෙනෙත් දෑතින් පිස දමන ගමන් අපූර්වාට කතා කළාය......අපූර්වා ඈට තවත් ලංවී ලවන්‍යාව ඇගේ පපුවට ලං කරගෙන තදින් වැළඳගත්තේ ලවන්‍යා හිස ඇගේ ගෙල මත තද කරගද්දිය............
"ප්‍රශ්න...එනවා යනවා,..ඡීවිතේ ප්‍රශ්න නැත්නම් ඒකේ හැඩයක් නැහැ ලවන්‍යා......!"
අපූර්වා සිනාසී කිව්වද ඈ ද දෑස් වසාගෙන ලවන්‍යාගේ හිස මත හිස තද කරගත්තාය..........
"මට අප්පච්චි නැතිවෙන්න කලින් මාසෙකට කලින් දෙයක් කිව්වා........ඒත් ඒ වෙද්දිත් මං ඒක ගැන දැනගෙන හිටියා.......ලොකු අප්පච්චි ගැන දැන දැනත් කුසුමා නැන්දව අසරණ කරපු....මගේ!"
"එපා,..බේබි නෝනා!,"
ලවන්‍යා කීවේ අපූර්වාව තදින් වැළඳගෙනමය........අපූර්වා ද ලවන්‍යාව වැළඳගත්තාය..........සමහර ප්‍රශ්න රිදවන්නේම විඳවූ තවමත් විඳවන හදවත් වලට පුංචි සතුටක් පවා ලැබෙන එක නොලැබෙන්න දීමය...........
![](https://img.wattpad.com/cover/343654996-288-k798103.jpg)
YOU ARE READING
මීදුම්...
Romanceහැඟීම් මහ ගොඩක් මැද එකම එක හැඟීමක් නොපෙනෙන මීදුම් වලාවක් ලෙසට කඳු පාමුලක දළුලා වැඩීමක ආරම්භය... සෙනෙහසක සුවය සොයා යන ඒ හැඟීමට ඇය ඉඩ දේවිද.. මෙහි එන චරිත,නම්,ගම්,ස්ථාන සියලුම දෑ මනඃකල්පිතය.. 🌼