මීදුම් 53

164 26 28
                                    


"මං හිත⁣න්නේ කරන්ට් නැහැ.......!"

ගෙතුළට ඇවිද ආ අපූර්වා බිත්තියේ ඇති ස්විචය ඔන් කළද,..බල්බය නොවැටුණ හෙයින් විදුලි විසන්ධි වී ඇති බව දෙදෙනාටම වැටහිණි.......ලවන්‍යා ඇගේ පසුපස සිට දුරකථනයේ ෆ්ලෑෂ් ලයිට් එක දල්වාගෙන අපූර්වා පසුපස ඇවිද ගියේ සිනහවකින්මය...හේතුව නම්...අපූර්වා තනිවම විදුලි බල මණ්ඩලයට බැණ වදින නිසාය........

"දැන් මොකද කරන්නේ.......!"

ලවන්‍යා ඈ පිටුපස හිඳ දුරකථනයත් අතැතිව ඈ දෙස බලා හිඳියාය......අපූර්වා පිටුපස හැරී ඈ දෙස බැලුවාය.......ලවන්‍යා තවමත් එසේමය......අතෙහි ඇති දුරකථනයේ ෆ්ලෑෂ් ලයිට් එළිය බිත්තියට වැදෙන්න අල්ලාගෙන හිඳි නිසා අපූර්වාට ඇයව අමුතු ලස්සනකින් පෙනුණේ එය අමුතුම අකාරයේ වුණ නිසාමය............

"ඇයි හිනාවෙන්නේ......!"

ලවන්‍යා බලා හිඳ ඇසුවාය.....අපූර්වා මඳක් තවත් සිනාසී,..ඇගේ අත ඇගේ අත මත පටලවා ගත්තේ,......ලවන්‍යා මඳක් දෑස් වෙනතකට යොමු කරද්දිය.........

"ලවන්‍යා,......මට මේ දැන් පොඩි චිත්‍රයක් වගේ එකක් මැවුණා.....ලවන්‍යා දිහා බැලුවම.......!"

අපූර්වා ඈ දෙස බලාගෙනම පැවසුවාය.....ලවන්‍යා ඈ දෙස බැලුවේ මොනවදැයි අසන ලෙසය.......

"මොනවද බේබි නෝනට මැවුණේ........!"

අපූර්වා සිනාසුණේ ලවන්‍යා එය අහපු විලාසෙටය........

"මට මැවුණේ,....ඉස්සරම ඉස්සර කාලේ අහිංසක ලවන්‍යා කෙනෙක්ව......රෙද්දෙයි හැට්ටෙයි ඇදලා...කොණ්ඩේ ගොතලා.......පොඩි ලන්තෑරුමකුත් අතේ තියන් මං දිහා බලන් ඉන්නවා,වගේ එකක්..........!"

අපූර්වා එය මැවුණ විදිය කීවාම ලවන්‍යාට සිනා ගියාය......ඇය පිටතට පෙන්නන්නේම ඇය නූතන බවය.....එනමුදු ලවන්‍යා ඇගේ පැරණි හිත මෙව්ලේත් දකිනවාය......විදිනවාය......ඇය නූතන ය.....එනමුදු හදවත තවමත් පැරණි ⁣දෑ වල සුවඳට ආසමය........අපූර්වාගේ හිතද එසේමය........

"දැක්කද ලවන්‍යා කරන්ට් එකත් ගිහින් ලවන්‍යාගේ බර්ත් ඩේ එක ආව නිසා.......!"

අපූර්වා විහිළුවට මෙන් පැවසුවාය......ලවන්‍යා මඳක් ඔරවා ඇගේ අත කෙනිත්තුවාය.......නැවතත් අර පරණ හැසිරීම් මතුවන්නේ ආදරේත් මෝරගෙනමය.........

මීදුම්...Where stories live. Discover now