මීදුම් 32

186 25 10
                                    

***
"නැහැ මේ නිකන්,"ලවන්‍යා අපූර්වාගේ දෑස දෙස බලාම පවසා ඇගෙන් පසෙකට වීය..
"හ්ම්ම්.."අපූර්වා ද මිමිණුමකින් පවසා රතු පැහැ සෙටියේ වාඩිගත්තාය..
"බේබි නෝනා,මොකටද ඉතින් මේ කලබලේ ⁣මෙහෙ ආවේ.."ලවන්‍යා තම දෑත් තමා වටා පටලවාගෙන දොරට හේත්තු වුණේ,අපූර්වා දෙස බලාගෙනමය..
"ඇයි එන්න තහනම්ද..කොල්ලෝ විතරද ගෙට ගන්නේ..ම්"අපූර්වාද ඇය මෙන්ම සෙටියේ වාඩිගෙන දෙපා පිට දෙපා දමාගත්තේ දෑත්ද ඇය මෙන්ම පටලවාගෙනය..

"නෑ,එහෙම නෙවෙයි..මං කිව්වේ බේබි නෝනාට සේනක මැණිකෙත් කතා කලානේ!"ලවන්‍යා පැනයක් පිට පැනයක් නගන්නේ,මොනවා සොයන්නටද යන්න අපූර්වා දැන උන්නාය..අපූර්වාද මඳ සිනහවකින් මුවඟ සරසාගත්තේ ඇය දෙසින් දෑස් අහකට නොගෙනමය..
"ඇයි මං දැන් යන්න ඕනද,..නොකියා කියන්නේ එළියට පලයන් කියලනේ..!"
ලවන්‍යාගේ හරිම තැනට සියුම්ව ප්‍රහාර එල්ල කළ අපූර්වා ඇගේ කලබලකාරී දෑස් දෙස බලා හිඳියාය..

"ආනේ,මං එහෙම දෙයක් නෙවෙයි කිව්වේ,..හරි බේබි නෝනට ඕනම වෙලාවක එන්න පුළුවන්..!"ලවන්‍යා ඇය සමඟ වාද කර පලක් නොවෙන නිසාම ඇයම පැරදුම බාර ගෙන නිහඬ විය..

"මොකෝ නිකන් අර උසෙන් බෝල්ට් වගේ දිව්වේ!"අපූර්වා ලවන්‍යාගේ මඟහරින දෑස දෙස බලාම පවසන්නට වූයෙන් ලවන්‍යා⁣⁣ තරමක කලබලයකට පත් වුණේ කියන්නට යමක් නොමැතිකම හේතුවෙන්ය..

"ආ,ම් මේ ටවුමට යන්නත් ඕනනේ ඒකයි..හරි බේබි නෝනා මං දැන් ටවුම⁣ට දුවලා එන්නම්.."දොර අසල සිටි ලවන්‍යා ඇගේ අත්බෑගය ගන්නට සෙටිය අසලට ලං වද්දිම,අපූර්වා ඇගේ බෑගය ගෙන පිටුපස සඟවාගත්තාය..
"මොකද.."ලවන්‍යා කලබලකාරී උවනතින් අපූර්වා⁣ දෙස බැලුවේ ඇය එසේ අසද්දිමය..
"අනේ,දෙන්නකෝ බේබි නෝනා පරක්කු වෙනවා.."
"මාත් එක්ක ආවොත් දෙන්නම්.."අපූර්වා සෙටියෙන් නැගිට ගත්තේ ඇගේ අත් බෑගයද සමඟය..

"මොකක්ද,දොළේ නාන්න යන්නද.."ලවන්‍යා කියා දැම්මේ,අපූර්වා සිනාසෙද්දිමය..
"යූ ආ කරෙක්ට්..ඔව් යන්න තමයි!"අපූර්වා සිනාසී ලවන්‍යා දෙස බැලුවද,
"අනේහ් බේබි නෝනා පිස්සුද,ඒකත් මේ හවස.."ලවන්‍යා කලබලකාරී උවනතින්ම කෑගැසුවාය..
"එහෙනම් තමුසෙටත් පිස්සු..හවසට ටවුමේ රස්තියාදු ගහන්න යන්න.."අපූර්වාද ඇයට දෙවෙනි නොවෙන්නට කෑගැසුවේ ලවන්‍යා තව තවත් කලබල වද්දිමය..

මීදුම්...Where stories live. Discover now