මීදුම් 09

176 26 1
                                    

***
ඉදින් ඇගේ ඒ සුන්දර අතීතයට මල් වියන් බැඳි කෙලි පොඩිත්ති අද ඇයගේ දෑස් මානය අසල නොඉඳීම ඇගේ යෙහෙළිය ඇය අසල නොඉඳීම ඇයව රිදවයි..

තරුණියගේ දෑස මත කඳුළු බිඳු පොදි ගැසුණේ මුව මඬල මත ඒ සුන්දර කෙලි පොඩිත්තිය වෙනුවෙන්ම මැවෙන සිනහවත් සමඟින්මය..ඇය අත රැඳි දුරකථනය ගෙන එහි වූ පින්තූරය නැරඹුවේ,ආසාවෙන්ය..එහි වූයේ තරුණ වියේ කෙල්ලකි..මනාලියක සේ හැඩ ගැන්වී සිටි ඇයගේ මුවඟ මත සිනහ පොදක් නොවුණි.."දඩබ්බර,අහිංසක මෝඩ කෙල්ලෙක්.."
ඇය එසේ පැවසුවේ තමන්ටම වුවද ඒ පින්තූරය දෙස බලා හිඳගෙනමය..
***
"ලවන්‍යා ආවේ නැත්ද..?"අපූර්වා මුවඟ මත ඇදුණු සිනහව මතින්ම බණ්ඩාගෙන් ඇසුවේ ඇය නොයෙන වග ඇය දන්නා නිසාමය.."නෑ,අක්කේ! ඒකි මට ගෑස් පෙන්නනවා.."බණ්ඩා පැමිණ ඇය අසල තිබූ පුටුව මත වාඩිගත්තේය..

"අපි යමු.."අපූර්වා තම දුරකථනය ගෙන කාරයේ යතුරද රැගෙන යාමට සැරසුණාය.."ආ අක්කේ,අද ඒකි අම්මා එක්ක පන්සලට යනවා,අක්කත් අම්මා එක්ක යන්න.."තරුණයාගේ අදහසට එකඟවූවාසේ ඇය හිස සෙලෙව්වේ සිනහවක්ද සමගිනි..

රථය නැවත පණගන්වා ගත් ඇය වලව්වට යාම සඳහා පිටත් වුවද බසයට නගින්නට වෙර දරන කෙල්ලක ඇගේ දෑස් හොරාගත්තාය.."ලොකුකම් පෙන්නුවනම් ඔහොමම ඉදපන්,හොඳ වැඩේ"තරුණියට එසේ කියැවුණේ බණ්ඩා කියූ වදන්ද සිහිපත් වීමය..නැවත එදෙස බලා ඇය පිටත් වූයේ ඇය බසයට නැග බසයද පිටත් වූ විගසමය..
***

නෝනා,කුසුමා ඈත සිට එනු පෙනෙන රථය දෙස බලා හිඳ පඩි පාමුළින් නැගිට ගත්තේ අසල පුටුවේ ඈඳි ගෙනසිටි සේනක හාමිනේටද කතා කරගෙනමය.."මොකද,යකෝ!"සේනක හාමිනේ ගිගිරුවාය.."ම් මේ පුංචි නෝනා එනවා...",ඉතින් උබ කියන්නේ මට පිළිගන්ට යන්ට කියලද ආ.."සේනක හාමිනේට තම දියණියවද එපා වී ඇත.."මං කියන හැටියට ඉන්න බැරි නම් මට ඕන දුවෙක් නැහැ,ඒකි කොහොමත් අර මිනිහා වගේ,හැ⁣ම එකාටම බෙදුවා,අන්තිම⁣ට අන්ත අසරණ වුණේ මම,"අපූර්වා ගෙට එන්නට පය තබද්දීම ඇය සල්ලාපය නැවත්තුවාය..

"අම්මේ,මගේ අහිංසක අප්පච්චිට මොනවත් කියන්න එපා..!,මේ තරම් කාලයක් මට නිදහසේ ඡීවත්වෙන්න පුළුවන් තරමට හැම දේම දුන්නේ අප්පච්චි..නැතුව අම්මා නෙමෙයි නේ.."අපූර්වාද සේනක මැණිකේට දෙවෙනි නොවීය..."ආහ්,යකෝ හරි වැඩක් නේ,උබේ ඉගෙනීම් වැඩවලට මොකාද උදව් කරේ,⁣උබ අතදරු කාලේ කවුද බලා කියාගත්තේ,උබ මෙහෙන් ගියාම ඒවා නැවතුණා තමයි,එහෙමෙයි කියලා උබට මං සල්ලී නොදී ඉදලත් නැහැනේ,ආහ් තව එකක් උබේ අප්පච්චිත් ඔය හැම එකටම දෙන්න ගිහින් තමයි බංකොලොත් වුණේ,අවසානෙට ඌ මාව ළමයි තුනක් එක්ක තනිකරලා පැනලා ගියා..උබ මොනවද දන්නේ.."සේනක මැණිකේ පුටුවෙන් නැගිට සාරි පොට යට කරගෙන කෑ ගැසුවාය..

"ආහ්,අම්මා එ⁣තකොට පත්තිනිද..ආහ්,අප්පච්චි ගියාට පස්සේ මෙහේ මොනවද නොවුණේ,ඔව් අප්පච්චි වැරදි,හැබැයි අප්පච්චි අම්මව විශ්වාස කළා,තව දෙයක් අම්මා කොහොමත් අප්පච්චි හිටපු කාලෙත් පත්තිනිම නෙවෙයිනේ.."ඇය සරදමට පැවසූ වදනින් සේනක මැණිකේගේ ඉවසුම අවසන් විය...සැර අතුල් පහරක් අපූර්වාගේ දෙකොපුලක් රිදවමින් ඇයව කුසුමා අසලට විසි වී ගි⁣යාය.."යකෝ!,මේ ගෙදර ඉන්නවනම් ඉන්න විදියට ඉදහන්.."
සේනක මැණිකේ දත් කූරු කමින් රත් පැහැ ඇස්වලින් ඇය දෙස බලා ගෙතුළට වැදිණි..

"නෝනේ!"කුසුමා අසල වැටී සිටි අපූර්වා දෙසට ගොස් ඇයව නැගිටුවා ගත්තාය..රත් පැහැ අතුල් පහර ඇයගේ දෙකොපුල මත සටහන්ව ඇත..දෙතොල පැලී ලේ බිඳුවක් රෑටා වැටෙමින් තිබිණි.."ආහ්!,කමක් නෑ,මං හොඳින්,"අපූර්වා තම දෙකොපුල දෑතින්ම පිසදගනිමින් නැගිට කුසුමාට පැවසුවද ඇය තවත් රුවක් ඇය දෙස බියෙන් බලා හිඳින බව දුටුවාය...

"මෙහේ වරෙන් දෝණීයේ!,ඇවිත් නෝනට උදව් කරහන්.."කුසුමා ඔවුන් දෙස විසල් වූ දෑසින් බලා සිටි ලවන්‍යා හට කෑගැසුවේ වෙවුලුම් කන කටහඬකිනි...නිමේෂයෙන් දිව ආ ඇය අපූර්වාගේ දෑත අල්වා ඇයගේ උරපත වටා දමාගෙන ඇගේ අත ඇයගේ බඳවටා යැවුවේ ඇයට ඇවිදීමට අපහසු වූ නිසාය...

***
🥲🌼🌹🔥

මීදුම්...Where stories live. Discover now