මීදුම් 33

167 25 8
                                    

***
"බේබි නෝනා!,හරිනේ දැන් ඉතින් නාගන්න එකයි..!"ලවන්‍යා තවමත් වතුර බිඳු ගලාගෙන යන සීතල ගතත් වත්තම් කරගෙනම දොළෙන් එගොඩට එන්නට විය..නැවුම් වූ සිසිලසක් සමඟ මදනලක්
ඔවුන් කරා පැමිණෙන්නට වුණේ ගස් අතු රිකිලි ද එහෙ මෙහෙ කරවමින්ය..
කියන්නට හෝ පෙන්වන්නට නොහැකි අමුතුම ආශ්වාදයක් සිත තුළ පොදබැඳෙද්දි අපූර්වා එගොඩට ගාටන ලවන්‍යා දෙස සිනාසී බැලුවාය..

"ඕයි!,"අපූර්වා වතුර බිඳිති ගලාගෙන යන කෙස්වැටිය දෙවරක් පමණ එහෙට මෙහෙට වැනීය...
"මාර හදිස්සියක්නේ"අපූර්වා තමන්ට ඔරවා එගොඩට ගාටන ලවන්‍යා දෙස බලා සිනාසීය...
"අයියෝහ්,අතාරින්නකෝ!"ලවන්‍යා තිගැස්සුණේ වතුර බිඳිති මතින් සීතල වූ අපූර්වාගේ අත ඇගේ බඳවටා එතෙද්දීමය..ලවන්‍යාගේ හදවත ගැහෙන්නට වුණේ කවරදාවත් නොසිතූ අයුරින්ය..රෑ මැදියමට පය තබන සවසට ඇයව මෙසේ තනිකරන්නට නොහැකි බව ඇයට සිතීය..තනිකරම මීදුමක පහස වැනි ඇගේ අත්ල මත තම බඳ සිරවී තිබෙද්දිත් ඇයට අවැසි වුණේ කොහේ හෝ ගොස් සැඟවෙන්නටය..

"ගස්ස ගස්ස ගිය හැ⁣ටි,එතකොටනම් පුංචි නෝනත් නෑ බේබි නෝනත් නෑ..!"අපූර්වා සිනාසෙන ගමන පවසන්නට විය..
"සීතලයි,දැන් ගියොත් හොඳයි බේබි නෝනා,අම්මා හොයනවා ඇති..!"ලවන්‍යා තම දෙඅත තමා වටා පටලවා ගත්තේ අපූර්වා තවමත් ඇගේ පිට පෙ⁣දෙස තම ළයට තද කරගෙන සිටින විටය..

"යං යං මගේ කන් දෙක වතුරට නෙවෙයි දැන් පෙඟිලා තියෙන්නේ,උබේ වචන ටිකට..!"
අපූර්වා ඇයව අත්හැරීය..මෙතෙක් වේලා දෙදෙනාම උණුසුම් වූ පහසවල් අතුරුදන් විය..දෙදෙනාම තම දෑස් මඟහැරගත්තාය..

"මගේ අත අල්ලගන්න..!"ලවන්‍යා ඇගේ සීතල අත අපූර්වාට දිගු කලේ අපූර්වා දෑසක් උඩට කර විමසද්දිය..
"සත්තු ඉන්නවා!"
"දවල්ට නම්,අනේ මට බැහැ බේබි නෝනා,මං වලව්වේ වැඩ කරන කෙනෙක් නෝනා වලව්වේ අයිතිකාරි!,කෝ දැන් කට..!"අපූර්වා ඇයට එසේ පවසා ඇගේ අත අල්ලාගත්තාය..
"හරි හරි යං යං!"අපූර්වා එසේ පවසද්දි ලවන්‍යාට ඉබේම සිනා ගියේ ඇය පුංචි සතුන්ට බිය බව ඇය දන්නා නිසාමය..

"හ!චුන්!"අපූර්වා නිල්පැහැ තුවාය තම හිසේ සිට පටලවාගෙන ඇගේ යහනතෙහි දිගෑදී සිටියාය..නොනවත්වා කිවිසුම් පිටවෙද්දි,ඇගේ උගුරෙහිද යමක් සිරවුණා සේ ඇයට දැනෙන්නට විය..ලවන්‍යා යන්නට පෙර කියු වදන් මතක් වුණද ඇය ඒවාට කටඋත්තරද ආපසු ඇයට පැවසීය..
"කිව්වා මං,!"ලවන්‍යා ඇගේ යහනතෙහි එක් කොනක වාඩිගෙන සිටින්නට විය..නිකරුණේ දොස් කියන ලවන්‍යාගේ කංකරච්චලය අපූර්වාට ගිරවි⁣යකු කෑගසනවා මෙන් විය..
"හරි හරි,දැන් උන දේ උනා ගිය දේ ගියා,උබ කටවහගෙන හිටපන්..!"අපූර්වා දෑස් වසාගත්තද ලවන්‍යාගේ මිමිණුම් බැණුම ඇයට ඇසෙන්නට විය..

මීදුම්...Where stories live. Discover now