මීදුම් 29

149 28 11
                                    

***
ලවන්‍යා,තම කාමරයෙහි දොර වසාගත්තේ,ඇගේ තෙත ගවුමද තදින් දෑතට ගුලිකරගෙනය..ඇයට තමා කළ මෝඩකම දැන් වන විට හොඳහැටි පසක් විය..ලවන්‍යා,තවමත් ගැහෙන පපුව,ට අත තබාගත්තේ,බියටමය..

"දැන්දැන්,මොනවා කරන්නද..අම්මා මට කිව්වා,මේ වලව්කාරයෝ එක්ක වැඩි කතාවට යන්න එපා කියලත්..,ඒත් මේ රුවන් මහත්තයා ඇතුළට එන්න අහද්දි එපා කියන්නද.."

ලවන්‍යා,කර කියා ගත නොහැකි සේ දොරට හේත්තු වීගෙනම ඉඳියේ,ඇය දැන් මොනවා කරන්නදැයි සිතන ගමනය...
එක දිගට ඇගේ මව වූ කුසුමා කියූ ඇගේ කතාව එකපෙළට චිත්‍රපටයක් සේ ඇඳී යද්දි,ඇය තම මවගේ,කතාවෙහි අවසන් වදන නැවත මතක් කළේ,වේදනාවෙන්ය...

"මට,මේ වෙච්චි කිසිම දෙයක් උබට නොවෙන්න නෙව මම උබව බලාකියාගත්තේ,එහෙව් උබව අර මිනිහා අරන් යද්දි,මේ අම්මා එළිපිට මැරුණේ නැති ටික විතරයි..පරිස්සම්⁣වෙයන් දෝණියේ,ගෑනූ හිත් හයිය,වේදනාව ළඟ,උන් ආදරේට පෙරේතයි..මගේ දුව ප්‍රවේසම් වෙයන්,අර වැට මායිමෙන් පේන වලව්වෙන්..අයියා අයියා ගාගෙන පොඩි කාලේ රුවන් මහත්තයා පස්සේ දිව්වට..රුවන්,මහත්තයා වුණත් වලව්කාරයෙක් බව මතක තියාගනින්.."

ලවන්‍යාගේ,දෑසම තෙත් වුණේ,තම මවගේ කඳුළු කතාව මතක් වීය..ඇයව ආරක්ෂා කරගන්න,නේක දුන් වින්ද මව පිළිබඳව ඇය හැඬුවාය.."ලවන්‍යා!"දොර පිටුපසින්,ඇහෙන රුවන්ගේ හඬට ගැස්සුණු ලවන්‍යා,තම දොරට තව තවත් තදින්⁣ හේත්තු වුණේ,බියටමය..කරන්නට හෝ කියන්න⁣ට කිසිත් නොසිතෙද්දි එක්වරම ලවන්‍යාගේ සිතැඟි හඬ නැගුවේ වලව්කාරියෙක්ටමය...
"බේබි නෝනා!"ලවන්‍යාට එක්වරම මතකෙට නැගුණේ,අපූර්වාවය..ඇඟලාගෙන සිටි ගවුමත් දෑගිලි වලට තදකරගත්,ඇය ඇගේ දුරකථනය අත⁣ට ගත්තේ,අපූර්වා දුරකථනය ⁣ගන්නටම යයි සිතන ගමනය..

අපූර්වා,තම යහනේ දිගා වී සිටියේ,කඳුළු පිරි දෙනෙතින්ය..ඇගේ මවගේ වදනක් වදනක් පාසාම පිහි ඇනුම් වෙද්දි,ඇයට අම්මා කියන්න බැරි තැනක ඇය විත් නතර විය..දෙකොපුල් මතින් ගලායන කදුළු වලට,නිමක් තියන්න⁣ට,ඇගේ දුරකථනය හඬ තැලුවේ,ඇය එදෙස හිස හරවද්දිය..එදෙස බලා,නැවත තම කල්පනාවට ගිය ඇයට,නිමක් නැති දුරකථනයේ,කංකරච්චලය එපා විය..
"මොන හු***ද"
කටට ආ කුනුහර්ප කීපයක්ද කියා දැමූ,ඇය යහ⁣නතෙන් බිමට බැස කවිච්චිය මත රැඳී තිබුණු දුරකථනය අතට ගත්තාය..

මීදුම්...Where stories live. Discover now