මීදුම් 41

205 22 37
                                    

"අපූට හෙට ඉඳන් දැන් මාර බිසී වෙන්න වෙනවා..හරී..අලුත් සින්දුව නිසානේ අපි මෙච්චර වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ..!"
කෙශාන් ආ වෙලාවේ ඉදන් ලවන්‍යාව කතාවට ඇඳා ගන්න පොටක් සොයන ගමන් කියවන්නට විය..ලවන්‍යා අහන හැම දේටක බකමූණකු සේ හුම් හුම් කියා කීවා පමණය...පලින් පල හොරැහින් අපූර්වා දෙස බැලුවාය..අපූර්වා කලේ ලවන්‍යාට හොරැහින් සැර කළ එක පමණය..

"මං සිංදුවට තව කෙනෙක්වත් දාගන්නවට ප්‍රඩියුසර් අයියා අවුලක් නැද්ද..!"අපූර්වා ලවන්‍යා ළඟම වාඩි වී හිඳියේ කුඩා ඉඩත් අඩු කරන ගමන්ය...⁣කෙශාන් වාඩි වී ප්‍රශ්නාර්ත බැල්මක් මුවඟ මත රඳවාගෙන හිඳියේය....

"ඌ නම් අවුලක් නැහ්..කවුද ඉතින්..චාරුනී ද..!"කෙශාන් අපූර්වා අසල⁣ට ලං වු⁣ණේ..මේ දිනවල නැගී එන තරුවක් වූ චාරුනී දැයි  ද අසන ගමන්ය..

"පයිත්තියන්ද කෙශාන්..ඒ ගෑනි ගන්නවාට හොඳායි වහ ටිකක් සුප් හදලා බිව්වනම්...!"අපූර්වාගේ උද්‍යයෝගය පිරී කටහඬ බැස ගියේය....චාරුනී නම් තරුණිය අපූර්වාට වදයකි..බැලුවත් ඇත්නම් කොහේ හෝ එල්ලෙන්නට එන වැලක් වැනිය...

"කවුද..!"ලවන්‍යා අපූර්වාගේ කන අසලට ලංව හෙමිහිට ඇසුවේ කෙශාන්ට නොඇසෙන්නය..කෙශාන් මහා දුරකට හිතනවාය..

"වෙන මොකාද...ලවන්‍යා තමයි..!"අපූර්වාද ලැබූ අවස්ථාව ප්‍රයෝඡනයට ගෙන ඇගේ කන අසලටද ලං වුණේ ඇගේ සිනිඳු  දෙකොපුලක් විත් අපූර්වාගේ දෙතොලත මත ගෑවී නොගෑවී යද්දිය...ලවන්‍යා පළමු වතාවට තමාගේ දෙකොපුලක් අල්ලාගෙන හාදු දුන් හැටි මතක් වී ඇයට සිනහ ගි⁣යාය.....

"ම්මං...මේ මං..ප්පිස්සුද බේබි නෝනාට..!"ලවන්‍යාගේ දෑස් විසල් විය..අපූර්වා හා ඇගේ අතර කුඩා හිදැස මහත් වී ඇය ⁣වෙනතකට බර විය...
"කෙශාන්!...වෙන කවුරුත් නෙවෙයි...මේ ලවන්‍යා...!"අපූර්වා පවසන්නට වුණේ ⁣සුපුරුදු ආඩම්බරකාර විලාසයෙන්ය..කෙශාන් ලවන්‍යා දෙස උඩ සිට පහළට යළිත් බැලුවේය..
පහළ සිට උඩහ⁣ට යළිත් බැලුවේය...අපූර්වාට කෙශාන්ගේ බැල්මනම් ඇල්ලුවේම නැත...

"ලවන්‍යා නං හොඳායි...ඒත් වොයිස් එක කොහොමද..කොලිටි එක..තව දේවල් තියෙනවානේ...මේ මාස දෙක තුනට කොහොමද ට්‍රේන් කරන්නේ...!"කෙශාන් ඇසුවේ බියෙන්ය..ඒ තරම් ඉක්මනට මේවා කළ නොහැකිය...ඔහුට මෙය හොඳට කොලිටියට අවශ්‍යය..
"ඩෝන්ට් වොරි කෙශාන්...!..ලවන්‍යාට ට්‍රේන් කරන්න මට පුළුවන්...ලවන්‍යාට සිංදු කියන්නත් පුළුවන්..ඒක මං ගොඩාක් හොඳට දන්නවා...!"අපූර්වා පැවසුවේ තවමත් ඇගේ දෙස විසල් බියෙන් බලා හිඳින ලවන්‍යා දෙස බලාමය...
"ඒත්!,අපූ මාස දෙකයි...මට මේක කොහොමහරි වෙන්න ඕන...මේක කැවුණොත් අපි ඉවරයි...අපූටනම් ඉතින් මොකෝ අපිට පාර තමයි..!"කෙශාන් පැවසුවේ සිනහවෙන්ය..එනමුදු පොඩි බියකින්ය...

මීදුම්...Where stories live. Discover now