මීදුම් 35

218 27 10
                                    

***

"ෆස්ට්!,හෙට මාත් එක්ක කොළඹ යන්න එනවද..!"අපූර්වා ලවන්‍යා අසලට ලං වී අසන්නට වුණේ ලවන්‍යා දෑස් විසල් කර ඇය දෙස බලා හිඳිද්දිය..
"අනේ,අපොයි බේබි නෝනාට උණත් ගැන්න එකේ හෙට කොළඹ යන්න පුළුවනිද..."ලවන්‍යා අසන්නට විය..

"ඒ පණ්ඩිතකම් වලින් උබට වැඩක් නැහැනේ,හෙට යනවනම් එනවද..!"අපූර්වා ඇයට විරිත්තා අසන්නට විය..
"ම්,ඔව්..!"ලවන්‍යා පවසන්නට වුණෙන් අපූර්වාගේ මුවඟෙහි සුන්දර සිනහවක් ඇදී ගියාය..ලවන්‍යා ඇ⁣ගේ සුන්දර වූ සිනහව දෙස බලා හිඳ ඇයද සිනාසීය...

"හරි,දැන් ලවන්‍යා මගෙන් අහන්න..මං උත්තර දෙන්නම්..!"අපූර්වා ඇගේ දෙස බලාම පවසන්නට විය..
"එහෙම ඕන නෑ,බේබි නෝනා,බේබි නෝනා කියන්න මං උත්තර දෙන්නම්..!"ලවන්‍යා සිනාසී පවසන්නට විය..

"එහෙම හරි නැහැ..!"අපූර්වා මුරණ්ඩු විලාසයෙන් පවසන්නට විය...
"ඒ ඇයි..මේක ගනුදෙනුවක් නෙවෙයි බේබි නෝනා!,ගනුදෙනුවක් නම් නේ මං බේබි නෝනට කියන්න ඕන...මෙතන තියෙන්නේ ගනු විතරයි...මං පස්සේ මං ගැන කියන්නම්..දැනට බේබි නෝනා කියන්න මං අහන් ඉන්නම්...!"ලවන්‍යා සිනාසී පවසන්නට වුණෙන් අපූර්වා බලා හිඳියාය..
"ම් ඉතින් කියන්න..!"

"අම්මෝ!,කෙල්ල ඇඩ්වයිස් දෙන්නත් දන්නවනේ..මං හිතන්නේ අද තමයි ලවන්‍යා මාත් එක්ක හරියටම කටක් ඇරලා කතා කරේ.."අපූර්වා පවසන්නට වුණෙන් ලවන්‍යා මුවඟ හකුලවා ගන්නට වුණාය..
"හරි හරි,දැන් කියන්නකෝ..!,මොනවද කොළඹදී වුණේ..."ලවන්‍යා ආසාවෙන් අසන්නට විය..

"මොනවද ඉතින්,මං කොළඹ ගියා,සින්දු කිව්වා,ගායිකාවක් උනා.."අපූර්වා ගනනකට නැතිව පවසන්නට වුණෙන් ලවන්‍යාගේ ⁣විසල් උනු දෑස් හීනි වෙන්නට වුණේ බලා හිඳිද්දිමය..
"ඇත්තටමද..බොරු!,"
"හිතුවද මේ කියන තරම් ලේසියි කියලා..මං පස්සේ වෙලාවක මුල ඉදන්ම කියන්නම්..!"අපූර්වා පවසන්නට විය..
"⁣අනේ,බේබි නෝනා දැන්ම කියන්නකෝ..!"ලවන්‍යා අසන්නට උනේ විසල් කරගත් දෑසින්ය..

"කොළඹදීම කියන්නම්..එතකොට තේරුම් ගන්නත් ලේසියි..පහසුයි..!"අපූර්වා සිනාසෙන ගමන කියන්නට වුණාය..
"හ්ම්ම්..!"ලවන්‍යා මුමුණන ගමන දෑස් වසාගත්තේ දැන් මොනවා අහන්නද යැයි සිතන ගමනය..
"බේබි නෝනා"ලවන්‍යා හෙමිහිට මුමුණන ගමන අපූර්වා දෙස බැලුවද ඇය දුටුවේ සුවබර නින්දක එල්බ ඇති අපූර්වාවය..මඳ සිනහවක් මුවඟට පැමිණෙද්දි ලවන්‍යා වුව කිසිත් නොපවසා දෑස් වසා ගත්තාය..

මීදුම්...Where stories live. Discover now