මීදුම් 27

174 24 9
                                    

***
"අපි යනවා..ලවන්‍යා...!"

ගෙයින් එළියට බැසගත් හෙතෙම කෑ ගැසූ රුවන්ටද සිනාහවක් දුන්,ඇය නැවත බැලුවේ..ඔහු සමඟ ඇවිද යන අපූර්වා දෙසය..

"බේබි නෝනා..!"

ලවන්‍යාටද කියවුණේ,ඇගේ මැලවුණු මුවඟ දකිද්දිය..
ලවන්‍යා,අපූර්වා යන මඟ දෙස බලාම හිඳිද්දි,එක් ක්ෂණයක අපූර්වා ඇගේ දෑස ලවන්‍යා වෙත හෙලීය..තම තමන්ගේ දෑස් තම තමන් සමඟම පැටලෙද්දි කිසිවක් සිතාගත නොහැකිව තත්පරයකට සීමා වුණු වෙලාවට නිමක් තබමින් ලවන්‍යා අපූර්වා හට ආපිට සිනහවක් දී දොර වසාගත්තාය...

ඇය වැහුණු දොරට පිටදී ගැහෙන හදවත නිරුත්තර කරන්නට වෙහෙසුණාය..තම අතෙහි ඇති මාලය දෙසට බැල්මක් හෙලූ ලවන්‍යා එය පත්තර පිටුවක ඔතා ප්‍රවේශමෙන් මේසය මත තැබුවේ,හෙට දින එය රුවන් හටම දීමට සිතාගෙනය..

රුවන් සමගම වලව්වට ගෑටුව අපූර්වා තම පාද ඉක්මන් කොට කාමරය අස්සට රිංගා ගත්තේ,කිසියම් හෝ හේතුවකට ⁣රිදුම් දෙන හදවත ද සමගය..අපූර්වා ද තම දොරට පිටදී සුසුම් පොදක් වා තලයට පරිත්‍යාග කළාය..

⁣"මම ඒකිට හොඳ ඡීවිතයක් හදලා දෙනවා..ඒකිට ඒකිගේ,අයිතිය දීලා,මම අයින් වෙනවා.."අපූර්වා යහන මත වාඩිගෙන තම ළයට දණහිස් තදකර සිටියාය..
කළු පැහැ මේඝ වලාවන්,අනෝරා වැස්සකට පොරකන්න ගාටන ගමන ඡනෙල් කවුළුවෙන් බලා හිඳි අපූර්වාගේ නෙතඟ මත කඳුළු බිඳුවක්,මැවුණේ නිතැතිනි..

"දෝණී,දැන් මහන වැඩපලට යන්නෙම නැති තරම්,"

කුසුමා,අරලිය ගහ අස්සේ වාඩි වී,පොතකට වශී වී හිඳිය ලවන්‍යාට පැවසුවේ,ඇයට දෙලෝ රත් වෙද්දිය..

"ආ,අම්මේ නිවාඩුනේ,සර් කිව්වා මේ දවස් ටිකේ නිවාඩු කියලා..."

ලවන්‍යා කීවේ,ගෙදර එන බණ්ඩාවද දැක දැකය..

"ඕයි,මල්ලීහ්.."ලවන්‍යා කෑගෑවද,,බණ්ඩා ගනනකට නොගෙන ගෙතුළට ගියේ,ඇය කුසුමාට බණ්ඩා ගැන කියමින් දෙහි කපද්දිය..
"අම්මේ,මල්ලී නම් නාහෙට අහන්නේ නැහැ,මේකා මොන මොනවයි රිංගනවද දන්නේ නැහැ.."..
"ඉතින් දෝණියේ දැන් ඒකා ගේ අස්සෙම ඉන්න ඕනත් නැහැනේ,ඒක නෙවෙයි,කෙල්ලේ...උබ පුංචි නෝනාට මොනවද කිව්වේ.."කුසුමා ඇසුවේ,ලවන්‍යාගේ දෙස නොබලාමය..එම නිසා ඇය ලවන්‍යාගේ බොඳවෙන නෙතු යුවළ නොදැක්කාය..

මීදුම්...Where stories live. Discover now