මීදුම් 36

186 26 9
                                    

***
"ආ එතකොට මං කවුද..!"ලවන්‍යා එසේ අසන ගමන පඩිය උඩ වාඩි ගත්තාය..

"ඒක අදාළ නැහැනේ,ලවන්‍යා!,කොහොමත් කුසුමා නැන්දගේ දෝණීනේ!,...මං කවුද කියන්නකෝ නැන්දේ!"අපූර්වාද ලවන්‍යා අසල වාඩිගෙන කුසුමාගේ දෑත අල්ලා අසන්නට වුණෙන් කුසුමා හිඳියේ කියන්නේ කුමක් දැයි යන්න තේරුමක් නොමැතිවය...
"නෝනා! ඉතින් අපේ පුංචි බේබි නේ!"කුසුමා එසේ පැවසුවේ ⁣නරකකට නෙවේය..නමුදු,
අපූර්වා සිනහව එයින් අතුරුදහන් විය...

"ඒක විතරමද..!"අපූර්වා උවනත පහතට හරවාගෙන අසන්නට වුණෙන් ලවන්‍යා කුසුමාට දෑසෙන් ඉඟි කර මුවඟෙන් ශබ්ද නොනැගෙන්න දෙතොලත සොලවා යමක් කීවාය...
"නෑනෑ!,නෝනත් මගේම දුවක් වගේ..බඩින් වැදුවේ නැති වුණාට..⁣නෝනා හැදුණේ මගේ අත් දෙකේ!.."⁣කුසුමා කියන්නට උනේ අපූර්වාගේ නිකට යටින් අත තියා උස්සාගෙනය..කුසුමා ඇගේ දෑතෙන් අපූර්වාගේ හිස පිරිමැද්දේ අම්මා කෙනෙක් දුවකගේ හිස පිරිමදින සෙයටමය...

"ඒනම් මටත් දෝණී කියන්⁣නකෝ!"අපූර්වා කියන්නට උනේ සිනහ වීගෙනය..
"අනේ!, අනේ! මේ මමත් මෙතන ඉන්නවා..ඔය අම්මයි දුවයි මාවත් ඔය සංවාදෙට සම්බන්ධ කරගන්න..!"ලවන්‍යා මැදින් පැන්නේ කුසුමා හා අපූර්වා හඬ නගා සිනාසෙද්දිය...
"අනේ නෝනේ එහෙම හරි නැහැනේ!,ඕං ඔය කියන නෝනා ම මං කියන්නම් පුරුද්දත් ඒකමනේ..!"කුසුමා කියන්නට විය..

"අනේ නැන්දේ!,නැන්දට මාව දෝණීයෙක් වගේ පේන්නේ නැහැනේ..නැන්දා කැමති නෑනේ ම⁣ට!,ඔව් ඉතින් කවුද කැමති මං වගේ කෙනෙක් දුව කරගන්න..ඒකනේ!"
අපූර්වා එක දිගට කියාගෙන යන්නට වුණේ කුසුමා අතරමැදින් එය නවත්වද්දිය...
"අනේ දරුවෝ!,එහෙම නෙමෙයි..මං නෝනට පොඩි දෝණී කියන්නංකෝ..අපේ එකී නෝනට වැඩිය වැඩිමල් නේ..හොඳද.." කුසුමා යළිත් අපූර්වා හිස පිරිමදින්නට විය..

"හොඳම හොඳයි!,මං දැන් නැන්දගේ පොඩි දෝණී නිසා....ඉතින් මට දැන් අම්මෙකුයි චූටි ⁣මල්ලියෙකුයිත් ඉන්නවානේ..!"අපූර්වා කියන්නට උනේ ලවන්‍යා මූණ නරක් කරගද්දිමය..
"ආ එතකොට මං අක්කා!"ලවන්‍යා කියන්න⁣ට විය..
"මං පස්සේ ඕකට උත්තරයක් දෙන්නං!"අපූර්වා කියන්නට වි⁣ය..ලවන්‍යා ද කිසිත් පසුව නොකිව්වේ කුසුමා ඔවුන් දෙදෙනාටම වැඩ අතපසු කරවන බව පවසමින් ගෙදරින් එළියට යන්නට කියූ නිසාය...

මීදුම්...Where stories live. Discover now