අපූර්වාගේ නිවසට ආ දිනයේ සිටම රාත්‍රියේද ලවන්‍යා,අපූර්වාගේ මුහුණ නිදන්නට පෙර මඳක් වෙලාවක් ඔහේ නිසොල්මනේ,...බලන් හිඳියේ,...දෑස් වල මොනාදෝ හිර කරගෙනය...මිනිස්සු හිර කරන් ඉන්න කතා,...හදවත,..හැංගුවට,...මොකද ඇස් වලින් පේන කතා වහන් කරන්න මිනිස්සු දක්ශ නැහැ,...ලවන්‍යාට ඈ දෙස එසේ බලා හිඳිද්දි,..එය මතක් වී මඳ හිනාවක් මුවඟට නැගුණේ නිතැතින්ය....හීනි ඇස් පිහාටු,...වලට කරදර කරන කූරු කොණ්ඩ කෑලි ලවන්‍යා අතැඟිලි වලින් හෙමිහිට එහාට මෙහාට කර කිසිම සද්දයක් නොනැඟෙන්න හෙමිහිටම ඈ දෙස බලාගෙනම කොට්ටය මතට කොපුලතක් තද කරගත්තාය....වැස්සේ ගෙවපු පැයක දෙකක කාලය ලවන්‍යාට දෑස් පිය වෙන්නට පළමුව මතකෙට නැගීය.....
අපූර්වාගේ බෙල්ල අග තද රස්නෙකට වදින සුසුම් පොදවල්,..නිසාවෙන් ඇයට ඇහැරුණේ,...ඇයගේ ඇහැරෙන වෙලාවට මඳක් කලින්ය...අපූර්වා මඳක් වෙලා දෑස් තදින් වසාගෙන හිඳ,...ඇගේ වම් පැත්තේ හිඳි ලවන්‍යා දෙස බැලුවාය....ලවන්‍යාගේ සුසුම් පොදවල් අපූර්වාගේ ගෙලෙහි වැදී ගියේ,..අපූර්වාට මඳ හිනාවක්ද මුවඟට නංවන ගමන්ය....ඇය ලවන්‍යා දෙසට හැරුණේ,...තවත් හොඳට ඈ දෙස බලන්නටය...ලවන්‍යා කුඩා කල වැන්මය...වෙනසකට ඇය අද තවත් හැඩකාරය...තවත් ගතහොත් මුරණ්ඩුය...
ඡනේලය දෙසට නෙත් යොමුකළ විට දැන් නම් හොඳටම උදේ යැයි කියන්නට පුළුවන් තත්වෙක පැවතිණි,...ලවන්‍යා මේ තරම් වෙලා නිදාගන්න කෙල්ලක නොවූ නිසාවෙන් අපූර්වා මඳක් බලා හිඳියාය,...පසුව ඇය ඇගේ අත්ල ලවන්‍යාගේ නළලතෙහි තද කර විට,..ඇයට උණ බව තවත් ස්ථීර කරන්නට වදන් නාස්ති නොවන බවම පසක් විය...
"ලවන්‍යා!"
ලවන්‍යාගේ කොපුලකට හෙමිහිට තට්ටු දැමූ අපූර්වා කොහිමින් කොහොම හරි ඇයව නැගිට්ටුවා ගත්තේ,..අමාරුවෙන්ය....
"බේබි නෝනා,..!"
ලවන්‍යා දෑස් කස කස නැගිට්ටේ,..අපූර්වා දෙසද බලාගෙනමය...ඇගේ නළලත මත තවමත් අපූර්වා අත්ල තද කරගෙන හිඳියාය...
"ඔළුව රිදෙනවා,..ඒක නිසා නින්ද ගිහින්නේ,..මට!"ලවන්‍යා ඔළුව දෑත් වලට තද කරගත්තේ,..තවමත් රිදෙන නිසාමය...ඇගේ කටහඬත් බර වෙලාය...අපූර්වා,..ඇඳෙන් නැගිට ලවන්‍යා දෙසට වටෙන් ගියාය........
YOU ARE READING
මීදුම්...
Romanceහැඟීම් මහ ගොඩක් මැද එකම එක හැඟීමක් නොපෙනෙන මීදුම් වලාවක් ලෙසට කඳු පාමුලක දළුලා වැඩීමක ආරම්භය... සෙනෙහසක සුවය සොයා යන ඒ හැඟීමට ඇය ඉඩ දේවිද.. මෙහි එන චරිත,නම්,ගම්,ස්ථාන සියලුම දෑ මනඃකල්පිතය.. 🌼