මීදුම් 20

176 21 3
                                    

***
වලව්වට අඩිය තැබූ, මුලටම ලවන්‍යා දැකගත්තේ සේනක මැණිකේ ආඩම්බරකාර මුවඟයි,"ආ කොහේද මේ අරකි යන්න ලැහැස්ති වෙන්නේ.."පුටුවේ හරි බරි ගැසී වාඩිගත් සේනක මැණිකේ ඇසුවේ ලවන්‍යාගෙන්ය..
"ආම් මේ පන්සලට ලොකු නෝනා.."ලවන්‍යා පැවසුවේ හීන් කටහඬකිනි...

"හොඳා හොඳා,ගිහින් වරෙන්,අද අර රුවන් කොලුවලා එනවා,ඩිංගක් හවස් වෙන්න කලියෙන් වරෙන්.."සේනක මැණිකෙ ගෙතුළට වැදුණු නමුත් ලවන්‍යාගේ හදවත නොසන්සුන් විය..
"රුවන්,මහත්තයා..ඇයි මෙහෙ එන්නේ..අර එදා බිස්නස්මන් කිව්ව කෙනාද ඒ..බේබි නෝනගෙන් අහනවද..එක්කෝ නැති ප්‍රශ්න වලට අත දාන්න ඕන නැහැ..ඒත්..අනේ"ලවන්‍යා තරප්පු පෙළ නැග ගෙන අපූර්වාගේ කාමරය අසල නැවතිණ..

දොරට තට්ටු කරමුත් කවුරුත් නොආව හෙයින් ඇය කාමරය තුළට පිවිසුණේ දෑතෙන්ම පපුවට දුරකථනය තද කරගෙනය..
"බූහ්!"ලවන්‍යා එක්වරම තිගැස්සී ගියේ,"ආහ්හ්..කෑ මොරද දෙමිනි..
අපූර්වා ඇගේ දෙතොලත මත ඇයගේ අත්ල තද කළේ සද්දයක් පිට නොවෙන්නටය..තෙත අත්ල මතින්,ඇගේ ලවන් පත ස්පර්ශ,කරද්දි,ඇය මොහොතකට තිගැස්සිය..
ලවන්‍යාගේ හුස්මද නැවතී ගියාක් මෙන් ඇයට දැනුණේ,අපූර්වා දැන් සිටින සෙය දැක්මෙන්ය..

තෙත දිගැටි කොණ්ඩය කහ පැහැ ගෙල දෙපස වැටී තිබෙන අයුරු,වතුර බිඳිති ඇගේ ළමැද මතට රෑටන සෙය,ඇයගේ ⁣⁣පිරිපුන් දෙතොලත..ඇයගේ දිගැටි හීන් දෑස් මත ලවන්‍යා නැවතුණේ නිමේෂයකිනි..
"ඕයි..!"අපූර්වා ඇගේ කොණ්ඩයේ පිටුපස ඇදි පසු ඇය හරි සිහියට ආවේ මෙතරම් වෙලා මං කොහේද හිටියේ යැයි සිතමින්ය..

"ආහ්,ම් බේබි නෝනා.."ලවන්‍යාගේ දෑස ලැඡ්ඡ විය..ඇයගේ දෙස බලන්නට නුපුරුදු බවක් විය..ඒ පුංචි කෙල්ල නොව ඇය දැන් තරුණියක් වග දැනෙන්නට විය..
"ඕයි,ඔය තරම් ලැඡ්ඡ වෙන්න මෙතන මොනවත් වුණේ නැහැ,"අපූර්වා ඇයට රවා බලා අල්මාරිය බලා සුදු පැහැ බ්‍රෙසියරය අතට ගත්තේ ලවන්‍යාවද අමතක කරමින්ය..
ලවන්‍යාගේ සිත ලැඡ්ඡාවෙන් පිරී ගියේ ඇය මෙතන පිරිමියෙකු ළඟ ඉන්නවා සේ දැනී යද්දිය..

"බ්බේබි නෝනා ඇඳගන්නකෝ,මං එළියෙන් ඉන්නම්.."ලවන්‍යා දිගු අඩි තබමින් කාමරයේ දොර අගුල කරකවද්දිම අපූර්වා ඇයගේ අත අල්වාගත්තාය..
"මේ හලෝ උබට තියෙන දෙකම තමා මටත් තියෙන්නේ..නැතුව මම අමුතු ඡීවියෙක් නෙවෙයිනේ..ඒක නිසා මෙහෙන් ඉඳපන්.."අපූර්වා තමන්ගේ බ්‍රෙසියරය අතට ගෙන ඇයව දමා නාන කාමරයට රිංගුවේ මුවඟ මත ඇදුණු කපටි සිනහව මතින්මය..
***
"අම්බෝ කෙල්ලට ලැඡ්ඡ හිතෙන්න ඇති.."අපූර්වා තනිවම සිනාසීය..
ලවන්‍යා තවමත් ගල් ගිලපු එකා සේ එතැනම සිට ගෙන සිටියේ දැන් මොකක්ද වුණේ යැයි සිතන ගමන්මය..
නාන කාමරයෙන් එළියට පැමිණි අපූර්වා කාමරය දෙසට බැල්මක් හෙලුවේ තෙත් කොණ්ඩයද පිසලන ගමන්ය..
ඡනේල් ගැට්ට මත අතැඟිලි යවන ලවන්‍යාව ඇයට භාවනාවක් මෙන් දැනුණේ ඇය මෙතුවක් කල් දැකපු නිහඬම හා නිසලම චරිතය ඇය වීම නිසාය..

හෙමි හෙමින් ඇය දෙසට ගෑටුව අපූර්වා ඇයගේ උරපත මතට තම සීතල අත තැබුවේ ලවන්‍යාගේ ගත මත වේගවත් තිගැස්සීමක්ද ඇති කරමින්ය..
"ආහ්,"ඇය අපූර්වා දෙස හැරුණෙන් දැක ගත්තේ මෙතුවක් කල් ඇය දැකී දඩබ්බරකාරියනම් නොවෙයි,ඇය සැබැවින්ම දේවදූතිකාවකි..ලවන්‍යාට මොහොතකට සිත් විය..

"ඕයි,නෝනා..මගේ කොණ්ඩෙ පිහලා ⁣දීහන්,බලන් ඉන්නෙ නැතුව.."ඇය ලවන්‍යාට තුවාය දිගු කළේ,ගන්න යැයි දෑසින් පවසමින්ය..
"පහත් වෙන්න..!"අපූර්වා ඇයට වඩා උස් වූ හෙයින් ලවන්‍යා හට දෙකකුල් මතින්
ඉස්සෙන්නට විය..
"ඒ තමුසේ මට වඩා අවුරුද්දයි මාස දෙකක් වැඩිමල් නේ,එතකොට බන් උබ මට වඩා උස වෙන්නත් ඕනනේ.."අපූර්වාගේ ඔච්චම් ගණන් නොගෙනම ඇය ඉස්සෙන ගමන්ම තෙත කොණ්ඩය පිසදැම්මද,අපූර්වාගේ දෑස අතරමං වුණේ මේ සන්සුන් මුවඟ මතය..

"බේබි නෝනා,මං නෝනට වඩා වැඩිමල් වුණත් මං ඔයාට වඩා පහත්,ඉතින් මං ඔයාට වඩා මිටි එකත් එහෙමම හිතන්න.."ඇය අපූර්වාගේ තෙත කොණ්ඩය තම දෑතින්ම පිහදා තුවාය අසල පුටුවෙහි දමන ගමන්ම පැවසුව වචන අපූර්වාගේ හදවතනම් නොපිළිගත්තාය..
"දන්නවද,දැන් වලව්කාරයෝ උසස් නැහැ, ඒ වගේම මම වළව්කාරයෙකුත් නෙවෙයි. එතකොට වලව්ව අස්පස් කරන උබ පහතුත් නැහැ,"අපූර්වා කොණ්ඩය එක්කොට කටුවක් ගසන ගමන්ම කන්නාඩිය මතින් තම මුවඟ ද බලාගත්තේ,ඇය දෙස බලා සිටින ලවන්‍යාට කැඩපත මතින්ම,කට කොනෙන් සිනාසීමය..

***
🌹🌸

මීදුම්...Where stories live. Discover now