මීදුම් 52

260 26 33
                                    


"එහෙනම්,.....දෙන්නම පරිස්සමින් ඉන්න හොඳද......!"

නුරාදාගේ දීර්ඝ වැළඳගැනීමෙන් පසුව අපූර්වා හා ලවන්‍යා,....ඇයටද සුභ පැතුවේ එකටමය.......ලවන්‍යාගේ දෑස් ඈ හා හමුවන හැම මොහොතකම රාමුවෙන් පිටයන පින්සල් රේඛාවක් වගේ ඇගේ දෑස් දෙස නොබලාම හිඳියාය........අපූර්වා පසුපසින්ම හෙමිහිට අඩිය තියූ ලවන්‍යා ⁣කිසිත් නොකියා දෙතොල් තද කරගෙන හිඳියා පමණිය.......

දැණුනු දේ කීවා පමණිය.....එනමුදු වචන තුන හතරක බලපෑම නම් එසේ නොවීය.......ඒවා හදවතෙහි යට අඩියේ ම තැන්පත්ව තවමත් සවන් වලට ඇසෙනවා සේ හැඟෙනවාය......මේ දැනුත් ඇගේ වැළඳගැනීම හදවතට දැනෙනවාය......ඒ උණුසුම දැනෙනවාය.....වචන කිසිවක් නොකෙරුව මුත් දැණුනු හැඟීම් නම් අප්‍රමාණව හදවතම අල්ලාගෙන යළි යළිත් සිප ගන්නේම......ලවන්‍යාට මහා කෝළකමක් දැනෙද්දිය.............

කිසිත් නොදොඩාම අපූර්වාද කාරයට නැගගත්තේ ලවන්‍යාට එහාපස දොර ද විවෘත කර දීගෙනමය.......ලවන්‍යා හරි හැටි ඇගේ මුහුණ දිහා නොබැලුවාය.....මෙතරම් දැනෙනවානම් නොකියාම ඉන්නවාය......ලවන්‍යා එසේද සිතුවාය........

අපූර්වා තවමත් කාරයට නැගගෙන එළිය දෙස බලා හිඳියා පමණිය......ඉදින් ලවන්‍යා ද ඇයට කිසිත් නොකිව්වාය.....දීර්ඝ නිහඬ බව ඔවුන්ගේ හදවත් වල පණ ගැහෙන හැඟීම් වල හඬ ඔවුන් හට මෙව්ලේ දීර්ඝ වූ රාත්‍රියක් තනා ඇත............

"ලවන්‍යා!"

අපූර්වාගේ කටහඬ සවනට වැකෙණ වාරයේ ඇය මඳක් තිගැස්සුණාය......පෙර යම් සේද වචන එක පිට එක කිව්වේ මෙව්ලේ ඒ දෙතොලතර අතර කිසිඳු වචනයක සේයාවක්වත් පේන මානයක නොතිබ්බේය.............ලවන්‍යා ඈ දෙස නොබැලූ නමුදු කටහඬ මදක් අවදි කළාය........

"ඇයි,..බේබි නෝනා"

අපූර්වා තනිවම සිනාසුණේ ඇගේ කටහඬටය........එය තවත් ආගන්තුක කර ඇත්තේ,.....ලවන්‍යාගේ හදවතය.....

"ලවන්‍යා"

නැවතත් අපූර්වා ඇයට කතා කළාය......ලවන්‍යා නම් වෙනමම කල්පනාවකය.......ඇය තවමත් ඇගේ අතැඟිලි පටලවාගෙන ඒ දෙස බලා හිඳියාය.....අපූර්වා ඒ දෙසද බලා ඈ දෙසද බැලුවේ හිනාවකින්ය......මී⁣ට මොහොතකට කලියෙන් කියව කියව හිටපු කෙල්ලට මොකද වුණේ කියන්නට අපූර්වා ද හොඳහැටි දැන සිටියාය..........දැන් එහෙනම් කොයිතරම් කියවන කෙල්ලද...මේ......අපූර්වාට යළිත් හිතුණාය.....

මීදුම්!Where stories live. Discover now